IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බාලවයස්කාර දරුවන් තිදෙනෙකුගේ දෙමව්පියන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

රහස් පොලිස් නිලධාරීන් යැයි කියන කණ්ඩායම් විසින් තම නිවෙස් වලට පැමීණ ,  තමන් නොමැතිව වයස අවුරුදු 13 , 16 සහ 11 වියේ පසුවන තම බාලවයස්කාර  දරුවන් නාදුනන ස්ථානයකට රැගෙන ගොස් පැය ගණනක් ප්‍රශ්න කර වීඩියෝ පටිගත කර ගැනීමෙන් එම දරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර දරුවන් තිදෙනෙකු ගේ මව්පියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කරනු ලැබූහ.

මෙලෙස පෙත්සම් ගොනු කරනු ලැබුවේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම බාලවයස්කාර දරුවන් ගේ මව්පියන් වන සෙයිනතුල් සුහෙයිරා , මොහොමඩ් රිෆ්කාන් සහ හෆීස් මොහොමඩ් නියාස් නැමැත්තන්ය.

මෙම පෙත්සම් තුනෙහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , රහස් පොලිස් අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

නීතීඥ පී.තිසේරා මෙනවිය මාර්ග⁣යෙන් ගොනු කළ මෙම පෙත්සම් වලින්  පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ  දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ සිටි තමන්ට දරුවන්ගේ අධ්‍යාපන වෙනුවන් වියහියදම් කිරීමට වත්කමක් නොතිබූ බවයි. එසේ තිබියදී   තම දරුවන් ශිෂ්‍යත්ව යටතේ අරාබි පාසල් වල අධ්‍යාපනය සදහා යොමු කළ බවය.

⁣එසේ තිබියදී  අප්‍රේල් 24 සහ 26 දෙදින රහස් පොලීසියේ යැයි කියා ගන්නා නිලධාරීන් කණ්ඩායම් සිය නිවෙස් වලට පැමිණ තම දරුවන්ට ඡායාරෑපයක් පෙන්වමින් එහි සිටින තැනැත්තා හදුනන්නේ දැයි , එම ඡායාරෑපයේ සිටින තැනැත්තා දරුවන් ඉගෙනුම ලබන පාසල් වෙත පැමිණි අයෙක්ද , තම දරුවන් එම අරාබි පාසල් වලදී ආයුධ පුහුණුව ලැබුවේද යන ප්‍රශ්න කර විමසු බවත් ඊට තම දරුවන් එම ඡායාරෑපයේ සිටින තැනැත්තා නොහදුනන බවත් , ආයුධ පුහුණුව ක් තම පාසල් වල ලබා නොදුන් බව ඊට පිලිතුරු දෙමින් තම දරුවන් අදාළ නිලධාරීන්ට පැවසු බවද පෙත්සම්කරුවෝ කියා සිටී.


එලෙස එම නිලධාරීන් අසනා ප්‍රශ්න වලට පිළිතු⁣රු දී තිබයදී තම දරුවන් තමන් නොමැතිවම එම නිලධාරීන් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ගිය බවත් , එලෙස රැගෙන ගිය ස්ථානය කුමක්දැයි හරිහැටි පැවසීමට තමන දරුවන් නොදන්නා බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් කියා සිටිති.



අදහස් (30)

බාලවයස්කාර දරුවන් තිදෙනෙකුගේ දෙමව්පියන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක්

Wasantha Sunday, 10 May 2020 02:40 PM

මෙයාලට ඒවා කරන්න හොදට මොලේ තියෙනවා. වෙන ඒවාට කියද්දී දුක කියනවා. ශ්‍රී ලංකික කියන ඒක හැමෝගේම හදවත් වල තාම නැහැ.

:       434       334

Wasantha Sunday, 10 May 2020 02:40 PM

මෙයාලට ඒවා කරන්න හොදට මොලේ තියෙනවා. වෙන ඒවාට කියද්දී දුක කියනවා. ශ්‍රී ලාංකික කියන එක හැමෝගේම හදවත් වල තාම නැහැ.

:       163       137

ලසන්තMonday, 11 May 2020 06:29 AM

ඔබට හෝ ඔබේ දරුවාට වයස 11 හෝ 13 දී මෙලෙස වූවා නම් කෙසේ දැනේද? "වයස අවුරුදු 13 , 16 සහ 11 වියේ පසුවන බාලවයස්කාර දරුවන් නාදුනන ස්ථානයකට රැගෙන ගොස් පැය ගණනක් ප්‍රශ්න කර වීඩියෝ පටිගත කිරීම" බාල වයස්කරුවන් පිළිබඳ ශීලාචාර සමාජයක මෙවැන්නක් සිදුවිය හැකිද?

:       3       41

Don Sunday, 10 May 2020 02:53 PM

මේවා බොහොම සුළු සිද්ධි, අනාගතයේදී හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවනි.

:       124       349

upali Sunday, 10 May 2020 03:05 PM

මෙම පරීක්ෂණ වලට සහය දීම සැමගේම වගකිමවේ. ඉතාමත්ම ආර්ථික ප්‍රශ්න තිබියදී මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීම ප්‍රශ්න සහගතයි. මෙම මුලික අයතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා ක්‍රියාත්මක වන අදිසි හස්තය සොයාගන්න. මොවුන් අනිවාර්යයෙන්ම ත්‍රස්තවාදයට සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන් ..

:       179       1013

ලසන්තMonday, 11 May 2020 06:34 AM

ආර්ථිකය, වසංගත, ආදී හැමට ඉදිරියෙන් මනුස්සකම ශීලාචාරකම, නීතිය පැවතිය යුතු නොවේද? ඔබට හෝ ඔබේ දරුවාට වයස 11 හෝ 13 දී මෙලෙස වූවා නම් කෙසේ දැනේද?

:       4       57

Raveendra Sunday, 10 May 2020 03:05 PM

අනේ මේ අහිංසක දරුවන් තොත්ත බබාලා... ඒ නිසා මේ තොත්ත බබාලව නිදහස් කරන්න "මෙයා ".. ඕනෑම ජඩ වැඩක් කල හැම කෙනෙක්ම තමන්ගේ මුලික අයිතිවාසිකම් ගැන විතරයි කතා කරන්නේ... ඔවුන්ගෙන් මහජනතාවට කඩවෙලා තිබෙන අයිතිවාසිකම් ගැන කතා නොකරන්නේ මන්ද? මෙම තිරිසනුන් නිසා මිනිස් ජිවිත සියගණනක් අද ඉන්නේ කොහෙද? ඒ නැතිවුණු ජිවිත හා ආබාධිත වුනු මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම් නැද්ද? ඕනෑම වැඩක් කර මුලික අයිතිවාසිකම් නමැති අසුචි රෙද්දෙන් තම අවලස්සන මුණ ඔතාගන්න ඉඩ කඩ සලස්වා දෙන්නෙත් මුදල් වෙනුවෙන්ම ගම් කබරයන් වීම අවාසනාවකි.

:       544       1438

Manuka Sunday, 10 May 2020 04:04 PM

මෙයාලත් ඒ සෙට් එකේම අය වගේ...

:       139       478

prasad Sunday, 10 May 2020 04:12 PM

නඩු කියන්න නම් සල්ලි තියෙනවා. ළමයි ඉස්කෝලේ යවන්න සල්ලි නැති පවුලක්...

:       282       1037

dilan Sunday, 10 May 2020 05:23 PM

දැන්නේ බලලා මල්ලෙන් එලියට පනින්නේ, "දරුවන්ගේ අධ්‍යාපන වෙනුවන් වියහියදම් කිරීමට වත්කමක් නොතිබූ තම දරුවන් ශිෂ්‍යත්ව යටතේ අරාබි පාසල් වල අධ්‍යාපනය සදහා යොමු කළ". සල්ලිත් නැත්නම් අල්ලා දෙන තරමක් ගන්නවා කියකියා ළමය් වදන්නේ මොන දේපලක් දෙන්නද මෝඩ මිනිස්සුනේ..?

:       208       545

chandana Sunday, 10 May 2020 05:44 PM

කුඩා ළමුන් පුහුණු කරන එක්තරා කඳවුරක් පිළිබඳ ප්‍රවෘත්තියකදී මම අදහසක් දැම්මා " ඒක මොන්ටිසෝරියක් කියලා" කියයි කියලා. ත්‍රස්තවාදයට ලිංග බේදයක් නැත, වයස් බේදයක් නැත, කුමන ආකාරයක හෝ මානුෂික න්‍යායන් අදාල නැත. එක් අහිංසක ජීවිතයක් වෙනුවෙන් නරුමයන් කොපමණ ප්‍රමාණයක් වුවද විනාශ කර දැමිය යුතුය. එසේ නොමැතිව සාමකාමී රටක් නිර්මාණය කල නොහැකිය. සාමකාමී නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක් යනු සාමාන්‍ය ජනතාවට අවිහිංසාවාදීව නිදහසේ ජීවත් විය හැකි රටක් මිස ත්‍රස්තවාදීන්ට කරණම් ගැසීමේ නිදහස ඇති රටක් නොවිය යුතුය. ත්‍රස්තවාදයට අබමල් රේණුවක තරම් හෝ අනුබලයක් ආධාරයක් දෙන ක්‍රියාවන් මුලිනුපුටා දැමීම සඳහා රජයටත්, ආරක්ෂක අංශ වලටත් සමස්ත ජනතාවම ඒ සඳහා ශක්තිය ධෛර්යය හා ආශිර්වාදය ලබා දිය යුතුය. කිසිදා ත්‍රස්තවාදයක් හිස එසවීමට ඉඩ නොදෙනු පිණිස ව්‍යවස්ථාවෙන්ම ඊට ශක්තිමත් නීතිමය බලයක් ලබා දිය යුතුය.

:       183       800

විල්පත්තු නානා Sunday, 10 May 2020 06:47 PM

නඩුවලට වියදම් කරන්නේ අපිනේ, ඒවට අපි සල්ලි දෙනවා. අන්තවාදීන්ට සම්බන්ධ සියල්ලන්ට දඩුවම් දෙනු. පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර වලට මෙම අරාබි පාසල් වල මොල සෝදන ලද බෝම්බ ළමුන් පහසුවෙන් යොදාගත හැකිය. එයට හේතුව වන්නේ ඔවුන් දෙවියන් ලඟට යාමට ඉතා කැමැත්තේන් සිටීමයි.

:       107       801

Champa Sunday, 10 May 2020 10:43 PM

මේ නඩුව මොන නීතිය යටතේද දැම්මේ? මම නිකමට අහන්නේ. සිංහලයන් නම් අවුරුදු 11, 13, 16 බාල වයස්කාර හැටියට සලකනවා. නීතියට අනුවත් එහෙමයි. හැබැයි මෙතන මේ මුස්ලිම් දෙමව්පියන් තමන්ගේ අවුරුදු 11, 13, 16 ළමයි බාල වයස්කාරයන් විදිහට හඳුන්වලා තියෙන්නේ මොන පදනම යටතේද? සාමාන්‍යයෙන් මුස්ලිම් දෙමව්පියන් අවුරුදු 10, 11, 12, 13, 14, 15,16 වගේ වයස් වල ගැහැණු දරුවන් විවාහ කරලා දෙනවා. ඔවුන් බාල වයස්කාරයන් විදිහට සලකන්නේ නැහැ. ඒ වයසේ ගැහැණු දරුවන් විවාහ වෙන්න තරම් පරිණත, මොලය සහ ශරීරය වැඩුණු, හොඳ නරක අවබෝධ කරගන්න පුළුවන් වයස් විදිහටයි මුස්ලිම් ජාතිකයන් සලකන්නේ. පොලිසිය මේ ළමුන්ගෙන් දෙමව්පියන් නැතුව ප්‍රශ්න කරන්න ඇත්තේ ඒ අනුව සලකලා වෙන්න ඕනේ..

:       0       0

rocky Sunday, 10 May 2020 11:37 PM

මහා අය පමණක් නොව මේ අය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ද අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සුදුසුයි.

:       0       0

Jaya Sunday, 10 May 2020 11:43 PM

නිදහස් අද්‍යාපනයෙන් නොමිලේ උගන්වා ලංකාවේ පාසල්වලට ළමයින් යවන්න බැහැ. හැබැයි අරාබි පාසල් වලට යවන්න පුළුවන්.

:       0       0

ලුම්බිණි Monday, 11 May 2020 12:55 AM

මෙතන ප්‍රශ්නය තිබෙන්නේ බාලවයස්කාර දරුවන් වැඩිහිටියෙක් නැතුව අරගෙන යාමයි.

:       2       1

හනීෆා Monday, 11 May 2020 01:08 AM

දරුවන් පාසැල් යවන්න මුදල් නැහැ කියා ආගම රජකරන පාසැලකට යවා මිනිස් බෝම්බවීමට සලසන බව පේනවා. මොවුන්ගෙන් ප්‍රශ්න කිරීම මානව හිමිකම් උල්ලංඝණයක්නම් මොවුන් නිසා සමස්ත සමාජයේත් මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියා මට සිතෙනවා.

:       0       2

Bamunuarachchi Monday, 11 May 2020 01:54 AM

වැඩිපුර ළමයි වදන්නේ එසේ වැදීමෙන් ස්වර්ගයට යාමට හේතුවක් වන නිසාය. දැනටමත් මුස්ලිම් ළමා ජනගහනය සිංහල ළමා ජනගහනයට වඩා වැඩිය. වැයවන්නේ සිංහලයෝ තම දරුවන්ට ඉතිරිකරන සම්පත්ය. ඔය ටික ත්රුම් ගන්න බැරි සිංහලයෝ සංහිදියාව ගැන කතා කරති. එහෙව් සිංහලයෝ....

:       47       104

Samitha Senaka Aluthgamage. Monday, 11 May 2020 02:28 AM

අරාබි පාසල් මේ රටට කුමටද ? වහාම මේ නම් වෙනස් කළ යුතුයි.අරාබි රටවල් වල වෙනත් ආගමක් ඇදහීම කරලා යටිපතුල් වලට පරාල ඇන ගසා එව්වා අපට මතකයි.එවන් ම්ලේච්චයන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට දැඩි දඬුවම් අවශ්‍යමයි.එය සමස්ත රටටවාසීන්ගේ යහපත වෙනුවෙනි.

:       1       308

vidya Monday, 11 May 2020 02:46 AM

නීතිය හැමෝටම පොදුය. බාල වයස්කරුවන් දෙමව්පියන්ගේ අවසරක් නැතිව කිසිම කෙනෙකුට බලහත්කාරයෙන් ගෙන යන්නට පුලුවන්ද ? මෙතැන තියන උවදුර ගැන මට කියන්න වෙන්නේ කාලයක පටන් හොඳින් සහ තදින් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් වහන්සේ අවුරුදු ගණනාවක් කෑ ගහ ගහ කිව්වා වෙන්නට යන විපත්තිය. නමුත් කිසිම කෙනෙක් ඇසුවේ නෑ හොඳට ඉඩ ඇරලා තිබුන විශාල මනුස්ව ගාතනයක් කරන්න . දැන් වත් කරගෙන යන පිළිවෙල හරියට කරලා අන්තවාදීන් මුළු මහත් රටෙන්ම සුන් කරලා දමන්න. ජනාදිපතිතුමා හරියාකාරව මෙම කර්තව්‍ය කරන බව අපිට පෙනෙනවා. එමෙන්ම හොඳ නීතිය පිළිපදින නිලධාරින් සිටීම අපගේ සතුටට කරුණක්.

:       2       112

Nadeera Monday, 11 May 2020 02:53 AM

අවුරුදු 12න් 13න් කසාද බදිනකොට නම් ළමයි බාලවයස්කාරයෝ නෙවෙයි ඒත් පොලිසියෙන් ප්‍රශ්න කරනකොට බාලවයස්කාරයෝ.

:       28       302

Kumar Monday, 11 May 2020 02:57 AM

මේ වැනි ක්‍රියා කවුරුත් හෙළාදකින්න ඕනේ. පොලිසිය ළමයින්ගේ ලබාගන්න පාපොච්චාරණය පිළිගන්න උසාවි ලංකාවේ තිබෙනවද ? ලංකාවේ ඉන්නේ බයේ ජිවත් වෙන ජනතාවක්ද ?

:       118       92

Mahesh Monday, 11 May 2020 03:07 AM

සැබෑ ලෙසම ප්‍රශ්නය හොයනවා වෙනුවට දේශපාලන චරිතයක් මේ සිද්ධියට සම්බන්ධ කිරීමට දැරූ උත්සාහයක්. මොකද චන්දයකුත් ලග ලග එනවනේ. ළමයිනුත් ඒකට යොදවා ගැනීම වැරදි වැඩක්. හැබැයි මේවායෙන් අන්තිමට ගැටලු වලට මුහුණ දෙන්න වෙන්නේ පහළම නිලධාරීන්ට. ලොක්කෝ සැපට ඉදිවී.

:       85       11

saman Monday, 11 May 2020 03:21 AM

රටේ සෞඛය ආරක්ෂාව වගේ දේවලට ඉහළින් මේ අයගේ අයිතිවාසිකම් තියෙන්න ඕනේ. රටට පිළිලයක් වුනු ගල් යුගයේ ආගමික විශ්වාසයන් පිලිගන්නා මෙම ජන කණ්ඩායම වෙනත් එබඳු රටකට සල්ලි දීලා හරි යවනවානම් අපට ලොකු සහනයක්.

:       14       142

සේන Monday, 11 May 2020 05:44 AM

පොලිස් පරීක්ෂණවළට බාධා කිරීම සම්බන්ධව මේ වැඩිහිටි අයද අත්අඩංගුවට ගත යුතුය. ත්‍රස්තවාදී වැඩවළට උඩගෙඩි දෙන මේ වගේ මිනිසුන් සමාජයෙන්ම ඉවත්කළ යුතුය.

:       10       38

ලසන්ත Monday, 11 May 2020 06:40 AM

බාල වයස්කරුවන් පිළිබඳ ශීලාචාර සමාජයක කටයුතු කරන ආකාරය මෙයද?

:       2       1

chandanaMonday, 11 May 2020 07:00 PM

බාලවයස්කරුවන් ත්‍රස්තවාදී කටයුතු වලට පෙළඹවීම, පුහුණුකිරීම නම් ශීලාචාර නැත. ශීලාචාර සමාජයකට ගැලපෙන්නේද නැත. හමුදාව හෝ පොලිසිය ළමයින්ව ගෙන ගොස් ඇත්තේ ශීලාචාර සමාජයක් ගොඩනැගීමට ඇති බාධාවන් පිළිබඳ විමසීමට මිස අශීලාචාර ක්‍රියාවන් වලට යොදවා ගැනීමට නොවේ. මෙහිදී දෙව්පියන් හෝ වැඩිහිටියන් දැන දැනම තම අනුදැනුම මතම දරුවන් කිසියම් අනාගත සමාජ විරෝධී කාර්යයන් සඳහා එම දරුවන් ව යොමු කර ඇත්දැයි සාධාරණ සැකයක් ඇතිවේ. මොළය සෝදාහරින ලද ත්‍රස්තවාදියකු කිසිදා සත්‍යය නොපවසයි. වසර තිහක කොටි ත්‍රස්තවාදය සිහිපත් කර ගනිත්වා.

:       0       5

නොකවුට් Monday, 11 May 2020 06:45 AM

ඉස්කෝලේ යවන්න සල්ලි නැති උනාට නඩු කියන්න සල්ලි හොයා ගත්ත ආකාරය ගැන පරීක්ෂණයක් සිදු විය යුතුය. නැත්නම් ඒක බෝම්බ කාපු මිනිස්සුන්ගෙ හා මගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.

:       0       6

Rata Perata Monday, 11 May 2020 07:09 AM

ෂරියා විශ්වවිද්‍යාල දෙනකොට, මහින්දානන්ද නුවරට මුස්ලිම් ඉස්කෝල දෙන්න හදනකොට, මේ අරාබි ඉස්කෝල අපේ මිනිස්සුන්ගෙම වැඩ කියල හිතෙන්නේ නැද්ද? අන්තවාදීන්ට දෙන්න ඕන ඔක්කොම දුන්නා, බලයට තියෙන තණ්හාවට...

:       2       183

samanthaMonday, 11 May 2020 07:27 PM

ලොක්කා, බාරුත් වහල එ්කේ ගෙදර පෙරපුවාවත් බිව්වද? එ්කත් මරු, අන්තිමට මුස්ලිම් අය ඡන්දෙවත් නොදීපු, මුස්ලිම් අන්තවාදී අදහස් නොතකා කොරෝනා සැදී මියගිය අය ආදාහනය කරපු අයයි මේ ඔක්කොම කරලා තියෙන්නේ... පාස්කු ප්‍රහාරයේ ඝාතකයෝ හංගපු, සිංහල දරුවෝ දහස් ගාණක් නැතිකරපු, කැලැ කපපු අන්තවාදීන්ට කැබිනට් ඇමතිකම් දුන්නු ආණ්ඩුව අන්තවාදීන්ට මොකුත්ම දීලා නැහැනේ... පව් අප්පා, එ්ත් පොඩ්ඩක් මතක තියාගන්න ඔහේගේ පක්ෂේ සෙට් එක තණකොළ කෑවට රටේ මහජනතාව හරක් කියලා හිතන්න එපා. 2019 වගේම ආයෙම වැරදෙයි හොඳේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 188 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 94 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 123 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 483 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 170 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 527 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site