IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බාල පෝරදී කෝටි 100ක් පිල්ලි ගහලා

(නිමන්ති රණසිංහ)

පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට ලබාදීමට පොහොර ලේකම් කාර්යාලයෙන් ආනයනය කරන ලද යූරියා පොහොර සදහා ව්‍යාජ රසායනාගාර වාර්තා ඉදිරිපත් කරමින් සිදුකළ බව කියන රුපියල් කෝටි 100කට අධික මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (03) කරුණු වාර්තා කළේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරනු ලැබූ මෙම වංචාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන කොට්ඨාසයට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ, මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා විසිනි.

පොහොර ලේකම් කාර්යාලය විසින් 2018 සහ 2019 වර්ෂවලදී මෙරටට ආනයනය කරනු ලැබූ යූරියා, මියුරේට් ඔෆ් පොටෑස් සහ ටී්‍රපල් සුපර් පොස්පේට් යන පොහොර වර්ග සඳහා රසායනාගාර වාර්තා ව්‍යාජව සකස් කර මෙම වංචාව කාලාන්තරයක් තිස්සේ සිදුකරමින් තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණීල්ලේ සඳහන්ව ඇත.

මෙම පොහොර සම්බන්ධයෙන් වන රසායනාගාර වාර්තා අසමත් (ෆේල්) වීම නිසා මෙසේ ව්‍යාජ වාර්තා සකස් කර ඇති බවට මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලදී හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් පැමිණීල්ල වූ මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.



අදහස් (16)

බාල පෝරදී කෝටි 100ක් පිල්ලි ගහලා

Sam Thursday, 04 November 2021 10:14 AM

හැම එකාම කොමිස් ගන්නවා , එකයි ලංකාවේ කිසිම ව්‍යාපාරයක් පටන් ගන්න හෝ ,පවත්වාගෙන යන්න අමාරු. 10% කියලා මහ එකෙක් යහතින් ඉන්දැද්දී ,අනිත් අය හොරා නොකයි ද . මේ රට වැඩි කල් මෙහෙම දුවන්නේ නැහැ, ඉක්මනින් සොමාලියාවක් වෙනවා. ඒවාට පළමුව වගකියන්න ඕනේ මුල් පුටුවේ ඉන්න කෙනා ඇතුළු සියලු දේශපාලකයින්, ඊට පස්සේ අති බහුතර රාජ්‍ය සේවයේ ඉන්න කොමිස් කාරයෝ.

:       2       57

Raveendra Thursday, 04 November 2021 10:23 AM

දැන් සමහරවිට මෙයට සම්බන්ද අය රටෙනුත් පැනලා ගිහින් ඇති.

:       3       37

ගොවිරාළ Thursday, 04 November 2021 10:48 AM

බාල පොහොර කියන්නෙ මුහුදු වැලිද ගංගා වැලිද කියන්න අමාරුයි නමුත් වැලි වලට මොනවා හෝ සුලුවෙන් මිශ්‍ර කරලා දෙන්නෙ කියලා නම් පොහොර පාවිච්චි කල අප දන්නවා සමහර කොම්පෝස්ට් පොහොරත් එහෙමයි පස් වලට අලු හෝ කම්හල් වලින් අපද්‍රව්‍ය බැහැර කරන කානුවල කුනු එකතු කරනවා කියලා හිතෙනවා රසායනික පොහොර ටිකක් වතුරෙ දියකර බැලුවම පැහැදිලියි. මේවා ජාති ජාතිත් ඵල දෙන පාපකර්ම කියන්න පුළුවන්.

:       3       43

හොර පොහොර Thursday, 04 November 2021 11:07 AM

ගිය පාර පොහොරත් එක්ක බජිරි ඇට ඇවිත් වී වලට වඩා බජිරි හැදුනා .

:       0       18

ගොබ්බසේනThursday, 04 November 2021 11:49 AM

පුදුමෙ කියන්න මේවා කරන කොම්පැනි වලට අයි එස් ඕ සහතිකත් ලැබෙනවා ඇත්තටම තත්ව සහතික දෙන්නෙ භාණ්ඩ වල ගුණාත්මක තත්වයටද නැත්නම් කම්හලේ පවතින එස් 5 පිලිවෙල තත්වයටද දන්න කෙනෙක් කියන්න

:       0       17

RaveendraThursday, 04 November 2021 02:22 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මෙවන් තිරිසන් වැඩ කරන බල්ලන් මෙලොවදීම මෙහි විපාක විදිනවා. එහි කනගාටුදායකම කාරණය නම් මුන්ගේ අඹු දරුවන්ද නිරපරාදේ මේ පව්වලට වන්දි ගෙවන්න සිදුවීම.

:       0       6

යෝගා Thursday, 04 November 2021 11:04 AM

යහපාලනයේ ජඩ වැඩ එකින් එක එලියට එනවා

:       34       70

Sunil Thursday, 04 November 2021 11:28 AM

මේ රජය අත තබන හැම දෙයක්ම උඩින්ම ෆේල්

:       55       33

RamaThursday, 04 November 2021 08:03 PM

2018 තිබුණේ මේ දැන් තිබෙන රජය නෙවෙයි. ඒ කාලයේ තිබුණේ යහපාලන ආණ්ඩුව.

:       1       26

Rohana Thursday, 04 November 2021 11:28 AM

ලේසියෙන් ලොකු මුදලක් හම්බ කරන ක්‍රමය තමයි කොමිස් ගැහිල්ල. එහෙම බැරී නම් මේ වගේ ව්‍යජ වරතා සකස් කර යටි මඩි ගැසීම. ඉහල ඉදන් පහලටම වංචාව. මේවා තියෙනකම් රට ගොඩගන්න ලැබෙන්නේ නෑ. මේ වැරදිවලට මතක හිටින දඩුවම් නැතිනිසා මුළු රටම වංචාකාරයින්ගෙන් පිරිලා.අහෝ රටට ගිය කලක් !

:       1       27

රාමාThursday, 04 November 2021 08:06 PM

1977 මහවැලි සංවර්ධන ව්‍යාපාරය තමයි අපේ රටට මහා පරිමාණ කොමිස් ගැහිල්ල ගෙනාවේ...

:       3       21

මසිරිපාලFriday, 05 November 2021 11:46 AM

මහවැලියෙන් දැනටමත් සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙනවා.. දැන් සිටින වියතුන් හදන මංතීරු වලින් මොනවද ලැබෙන්නේ...? වරායෙන් කවදා හෝ ප්‍රතිඵලයක් ලැබුණත් නෙළුම් කුළුණු වලින් මොනවා ලැබෙනවද? දැක්කා නේද වරාය නගරය බිලියන ගණනක් වියදම් කළත් හදන්නේ වාහන රේස් පිටියක් කියලා. කොහොමත් අපි අහලා තියෙන විදියට ලංකාවට ලොකුම හානියක් කලේ රාමා තමයි..

:       0       0

Suba Thursday, 04 November 2021 11:30 AM

දැන් මේ රටේ හොරකමට, වංචාවට, අල්ලසට, දූෂණයට සම්බන්ධ නැති කෙනෙක් හොයනවා කියන්නේ නොමල ගෙයකින් අබ හොයනව වගේ වැඩක්. රාජ්‍ය සේවයේ බරපතළ පිරිහීමට ප්‍රධානම හේතුවක් තමා මේ අල්ලස් සහ දූෂණය. අල්ලස් සහ දූෂණය නොගෑවුණු රාජ්‍ය අංශයේ ගණුදෙනුවක් නොමැති තරමට පිරිහිලා. දැන් මේ අල්ලස් සහ දූෂණ බූවල්ලා, පෞද්ගලික අංශයත් සෑහෙන්න ප්‍රමාණයකට බිලි අරන් තියෙන්නේ.

:       1       17

Rocky Thursday, 04 November 2021 11:44 AM

ඇමතිකම් කියන්නේ කොමිස් ගැසීමයි. ඒ නිසා ඇමති මණ්ඩලය යනු කොමිසන් සභාවකි.

:       2       20

පැරකුම් Thursday, 04 November 2021 11:58 AM

මට කියන්න තියෙන්නෙ වංචා දූෂණ අවම කරන්න බැරි පාලකයින්ගෙන් ඇති පලය කුමක්ද? හරියට කරන්න බැරි නම් පුලුවන් කෙනෙකුට දීලා ආපහු හිටපු දිහාවටම යන්න. මේ ව්‍යවස්ථා හදන වෙලාවක් නෙවෙයි. තියන නීති හොදටම ඇති. අන්තිමට වෙන්නෙ ජෙප්පො බලය අල්ලන එක. එක අතකට ඒක හොදයි කියල හිතෙනව…!

:       5       22

chaminda Thursday, 04 November 2021 03:13 PM

නැනෝ පොහොර වලින් කෝටි 800ක් ගහන්න චීන පොහොර වලට එරෙහිවෙන්න බැරිද.?

:       17       3

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 392 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


අපි ඔක්කොම එකම බිමක අරගලකරුවන්
2025 පෙබරවාරි මස 04 1926 13

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.


නිදහස් උළෙල ඇරැඹෙයි
2025 පෙබරවාරි මස 04 1695 3

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.


තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි
2025 පෙබරවාරි මස 03 3118 9

නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා


කෝටි ගණනක ලුණු විනාශවෙන්න ඇරලා
2025 පෙබරවාරි මස 03 3692 8

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්


කසිප්පු වලියකට තුනක් මරලා
2025 පෙබරවාරි මස 02 2694 7

වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site