(ප්‍රදීප් කුමාර ධර්මරත්න)
බාල වයස්කාර දැරියක් ගැබිනියක් කළ තරුණයෙකු අරණායක පොලිසිය අද(06) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අරණායක පදිංචි 21 හැවිරිදි අයෙකි.
මෙම සැකකාර තරුණයා මීට මාස 6කට පමණ පෙර මහනුවර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරිය රවටාගෙන ඔහු පදිංචි අරණායක ප්‍රදේශයේ නිවසට කැඳවාගෙන විත්, ඇය විවාහ කරගන්නා බව පවසා ඇය සමග අඹු සැමි ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
මාස කිහිපයක් ගතවිමෙන් පසු දැරිය ගැබ්ගැනීම නිසා තරුණයාගේ මව්පියන් විසින් දැරිය තරුණයාට විවාහ කරදීමට විවාහය ලියාපදිංචි කිරීමට 5 වැනිදා ගොස් ඇති අතර එහිදි දැරියගේ උප්පැන්න සහතිකය පරීක්ෂා කිරීමේදි ඇය බාල වයකාර දැරියක බව අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරි හා පවුල් සෞඛ්‍ය නිලධාරිනිය දැනුවත් වීමෙන් පසු අරණායක පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත සැකකාර 21 හැවිරිදි තරුණයා සාමසර කන්ද ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මාවනැල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.පස් මස් ගැබිනි දැරිය රෝහල් ගත කර සිටී.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
බාල වයස්කාර දැරිය ගැබිනියක කළ තරුණයා අල්ලයි
Indhika Wednesday, 06 January 2021 02:46 PM
මුස්ලිම් වුණා නම් ඉවරයි. එතකොට කිසි ප්‍රශ්නයක් නෑ.
සෙනෙවි Wednesday, 06 January 2021 03:02 PM
දැන් ඕවා දාලා ලැජ්ජවෙන්නේ නැතිව අලුත් බෑනාට බන්දලා දෙන්න...
g d pradeep kumara Wednesday, 06 January 2021 03:30 PM
එක්කෝ එල්ලුම් ගහට... නැතිනම් වෙඩි තියන්න ඕනෑ.
සුනිල් ගමගේ Thursday, 07 January 2021 01:41 AM
ලංකාවාසී සියලුම ළමයින් පාසල් යනවා සේම ඊට සමගාමීව සියලුම ළමයින්ට ආගමික භේදයකින් තොරව දහම් පාසල් යාම අනිවාර්ය කල යුතුයි. මේ තුළින් සදාචාරාත්මක, විනයානුකූල, හික්මුණු තරුණ සමාජයක්, වර්තමානයේදී සමාජයට බිහිකළ හැකිබවයි මාගේ එකම පැතුම...!
sharm warn Thursday, 07 January 2021 03:26 AM
දෙමව්පියන්ට මාස 05ක්, 06ක් යනකල් කටවල් වහගෙන ඉන්න පුළුවන් වුණා නම් ... ඉතින් මොකටද රටේ නීතියක්...? ළමයගේ උප්පැන්නට විතරක් නම තිබුණාම හොඳටම ඇති. ඒකනේ බන්දලා දෙන්න ගියේ. මිනිස්සුන්ට, රටේ නමට ඇහිරී තිබෙන නීතිය දැනුවත් කරන්න ඕනෑ. අඩුගාණේ පන්සලේ බණ දේශනාවට පස්සේ හරි සුදුස් දැනුමක් තිබෙන කෙනෙක් දාලා මේවා කියලා දෙන්න ඕනෑ.
Sasha Thursday, 07 January 2021 10:07 AM
ඒකනේ බලන්න මිනිස්සු අද හරිම වෙනස්. හිතාගන්න බැරි තරම්ම පිරිහිලා...
sanju sanjaya pathirana Monday, 11 January 2021 03:53 AM
මේ වගේ අයව අල්ලලා මරන්න ඕනෑ.