(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැසිකිළි අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන කහ පැහැති බවුසර් තුනකින් ගෙන ආ කිසියම් අපද්‍රව්‍යක් දියවන්නා ඔයට දමනු තමා දුටු බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද (09) පැවසීය.
මේ සිද්ධිය වූයේ පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වුණු දිනයක බවත් තමා බොරුවක් කියන බව සිතන්නේ නම් ඒ දිනට අදාළ සී.සී.ටීවි කැමරා දර්ශන පරීක්ෂා කරන්නැයි ඉල්ලා සිටියේය.
විජේසිරි මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
එම මළ ප්‍රවාහන බවුසර් නතර කර තිබුණේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වාහන නතර කරන ස්ථානය අසල යැයිද චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
දියවන්න ඔයේ පරිසර දූෂණය ගැන මම මේ සභාවේදී පසුගිය 24වැනිදා කතා කළා. ඒ දූෂණය වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු පොකුණ ශුද්ධ කරල දැමූ අපද්‍රව්‍ය නිසා කියල ඒ වෙලාවේ කතානායක තුමා ප්‍රකාශ කළා. දියවන්න ඔයේ පාට අදත් වෙනස් වෙලා. මේ දූෂණය වෙන්නෙ මළ අපද්‍රව්‍ය හෙලන නිසයි.මේක විශාල පරිසර විනාශයක්. මෙම දූෂණය ගැන තවම පරීක්ෂණයක් කරලා නෑ.
කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා
වාර්ථාව ලැබි තියෙන්නෙ. දියවන්නා ඔයේ පාට වෙනස් වෙන්නේ කොහෙන් හරි අපද්‍රව්‍ය එකතු වෙන නිසා කියලා ඒ වාර්තාවේ තියනවා. නමුත් අපද්‍රව්‍ය එකතු වෙන්නෙ කොහෙන්ද කියල සොයාගෙන නැහැ.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බවුසර් තුනකින් ගෙන ආ අපද්‍රව්‍ය දියවන්නා ඔයට
sharm warn Friday, 09 April 2021 10:24 AM
ඔය මැද්දේ තියෙන ගාලේ රටේ තියෙන අපද්‍රව්‍යවල හොඳම හරිය තියෙන නිසා එව්වා ටිකක් දැම්මට කමක් නැහැ කියලා හිතෙන්න ඇති ඉතින්. කුණු තියෙන තැනටමනේ කුණු එන්නේ.
Pradeep Friday, 09 April 2021 10:24 AM
දැන් කාලේ ඕනෑම කෙනෙක් අතේ ස්මාර්ට් දුරකතන තියනවා. ඉතින් මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ළඟත් නැති වෙන්න බෑනේ. ඔය කියන සිදුවීම දැක්කා නම් ඇයි ඒ වෙලාවේම ෆොටෝ ටිකක් ගහ ගත්තේ නැත්තේ වාහන වල අංකත් එක්කම වැටෙන්න...? එහෙම කරලා තිබුණා නම් සීසීටීවී රෙකෝඩින් බලබල ඉන්න ඕන නෑනේ...
විජිත් Friday, 09 April 2021 10:38 AM
මට අදහස් 2 ක් තියෙනවා. එකක් තමයි මිත්‍යාදෘෂ්ටික පාලකයින්ව මෝඩ කර, ගසාකමින් ...මෝඩ පාලකයින්ව අල්ලේ නටවන අනුරාධපුරයේ සිටින කපුච්චියගේ අදහසක්. මේ "කෙම" කිරීමෙන් රට මුහුණපා ඇති ප්‍රශ්න දුරුවී වාසනාවන්ත කාලයක් උදාවෙනවා " කීවා වෙන්න පුළුවනි. දෙවෙනි මතය ඉතාම සාධාරණ ,පුංචි ළමයෙකුට වුනත් වැටහෙන දෙයක්. ජරාව කෑමට ගන්නේ ඌරන් පමණි. දියවන්නාවේ සිටින රටවැසියන්ගේ මිනිස් ලේ බොන ඌරු රංචුවට ආහාර ගෙන ආ ගලි බවුසරයේ ඩ්‍රයිවර් මහත්තයාට මගෙන් චියර් එකක්...!!!
AMARA Friday, 09 April 2021 11:20 AM
ගලිබවුසර් හැලිය යුතුම තැන තමයි... වැඩිය හිතන්න එපා
chathura Friday, 09 April 2021 11:35 AM
මෙතුමා ගැන බණ්ඩාරවෙල මිනිස්සු දන්නවා. මේ සැරේ කනාවට පාර්ලිමේන්තු අාවේ... මහින්දට බැනපු නිසා අනිත් පාක්ෂිකයින් ඡන්දේ දුන්නා. නැත්නම් කිසිම ප්‍රයෝජනයක් ඇති කෙනෙක් නොවේ. බොරුවට ප්‍රසිද්ධ වෙන්න හදනවා මිසක් ගණන් ගත යුතු දෙයක් නැහැ...
Nihal Friday, 09 April 2021 12:38 PM
ඊළඟ වතාවේ ඒ ළඟම තියන ලොකු ගොඩනැගිල්ලට හලන්න. එතැන ඉන්න අය කුණුවලට හරි කැමතියි.
lanka Friday, 09 April 2021 04:28 PM
ඕකට බව්සර් වලින් පිටින් අපද්‍රව්‍ය ගේන්නට ඕනෙද? පාර්ලිමේන්තුවෙන් ඕක කාන්දු වෙන හරිය මදිද?
විපරමා Friday, 09 April 2021 05:19 PM
සත්තු වත්ත කියලා හිතාගෙන වැරදීමකින් දියවන්නාවට දැම්මා වෙන්න බැරිද?