IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


බූස්ටරයෙන් පසු සිවුවැනි එන්නතක්

'කොවිඩ් 19' වසංගතයෙන් ආරක්ෂා වීමට, බූස්ටර් එන්නතට අමතරව‍, ඊට පසු සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට ඊශ්‍රායලය තීරණය කර තිබේ.

ඊශ්‍රායල සෞඛ්‍ය අංශ, මේ මොහොතේ එම සිවුවැනි එන්නත නිර්දේශ කර ඇත්තේ අවුරුදු 60 වැඩි සහ බෝ නොවන රෝගාබාධ ඇති වැඩිහිටියන්ට සහ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ටය.

සෞඛ්‍ය අංශ මෙසේ සිවුවැනි එන්නතක් නිර්දේශ කළ බව ඊශ්‍රායල ජනතාවට දැනුම් දුන්නේ එරට අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට්ය.

ඊශ්‍රායල වැසියන්ට වැඩි වශයෙන් ලැබී ඇත්තේ 'ෆයිසර්' එන්නතය.

පළමු සහ දෙවැනි මාත්‍රා ලබා දීමෙන් පසු ඊශ්‍රායලයේ යළි 'කොවිඩ් 19' වසංගතය හිස එසවූ බැවින්, 'ෆයිසර්' සමාගමේ නිර්දේශ සහ තමන් සිදු කළ සායනික අධ්‍යයන පාදක කර ගනිමින්, ඊශ්‍රායල සෞඛ්‍ය අංශ තෙවැනි එන්නතක් (බූස්ටර්) ලබා දීමට උනන්දු වූයේ පසුගිය අගෝස්තු මාසයේදීය.

ඒ අනුව, ලොව පළමු වරට බූස්ටර් එන්නත් දීම ආරම්භ කළේ ද ඊශ්‍රායලයයි.

ඒ වනවිට ඊශ්‍රායලයේ 'කොවිඩ් 19' ආසාදිතයන් යළි වැඩි වීමට පටන්ගෙන තිබුණේ 'ඩෙල්ටා' විකෘතිය හේතුවෙනි. ඊශ්‍රායලය 'බූස්ටර්' එන්නත් දීම ආරම්භ කිරීමෙන් පසු සෙසු රටවල් ද එය අනුගමනය කළේය. ඊශ්‍රායලයට පසු බූස්ටර් එන්නත් දීම ආරම්භ කළේ ඇමෙරිකාව, කැනඩාව සහ මහා බ්‍රිතාන්‍යයයි.

දැන් සිවුවැනි මාත්‍රාවක් ලෙස තවත් 'ෆයිසර්' එන්නතක් 60 වැඩි බෝ නොවන රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට ලබා දීමට ඊශ්‍රායල සෞඛ්‍ය අංශ තීරණය කර ඇත්තේ 'ඔමික්‍රෝන්' විකෘතිය සැලකිල්ලට ගනිමිනි.

ඊශ්‍රායල සමාජයෙන් ද මේ වනවිට 'ඔමික්‍රෝන්' ආසාදිතයන් වාර්තාවීමට පටන්ගෙන ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (6)

බූස්ටරයෙන් පසු සිවුවැනි එන්නතක්

යෝගා Wednesday, 22 December 2021 06:57 AM

අතුරු ආබාධ ගැන හරියටම නොදැන විදින මේ එන්නත් පෝලිම නිසා මිනිස්සුන්ට මොනවා වෙයිද කියලා හිතාගන්නත් බෑ

:       0       11

kamal Wednesday, 22 December 2021 11:16 AM

මෙම බෙහෙත් මාෆියාවට රැවටෙන්න එපා.මිනිසුනේ බුද්ධියෙන් කටයුතු කරන්න.අකාලයේ තමන්ගේ ජීවිතය මේවාට යටපත් කරගන්න දෙන්න එපා.කොරෝනා එන්නත් ලබා ගන්න එපා.දැන් වයිරසය බාල වෙමින් පවතිනවා.මෙම එන්නත් තුලින් ඔවුන් පොහොසත් වුවත් අප ලෙඩ වනවා

:       6       13

hesaWednesday, 22 December 2021 11:46 AM

හරිනෙ..මේ පිලිඹඳව තොරතුරු හරිම අල්පයි.. දීර්ග විස්තර පැහැදිලි කිරීම් අවශ්‍යයි දැන් ඡනතාවට..යුරෝපීය රටවල් විශාල වශයෙන් මේ එන්නත දම්වැලට විරුධව නැගී සිටිනව..අප රටේ පාරට බහින්නේ දේශපාලන අතකොළු පමනයි..

:       2       11

චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 22 December 2021 01:00 PM

මම මේ ගැන කියද්දි මට මතකයි සමහර අය ඉස්සර හිනා උනා... එත් මම නම් හිතුවෙ මේ අවුරද්දෙ එන්නත් දෙකක් විදල ඊලග හැම අවුරුද්දකම එන්නත ගානෙ විදින්න පටන් ගනියි කියල... දැන් බලාපුහම මේ කොම්පැනි කොච්චර ඉස්සරහින්ද ඉන්නෙ කියල තේරෙනව... ඉස්සර එන්නත්වලට පොලිමේ හිටිය... දැන් එන්නත් පොලිමේ එනව... කවුරුවත් හිතුවද විකෘතියක් ආපු ඇසිල්ලෙම ඒකට මෙච්චර ඉක්මනින් වැක්සින් එකක් එන්නෙ කොහොමද කියල...

:       2       9

Prasheen Wednesday, 22 December 2021 01:14 PM

මේ යන විදිහට මැරෙනකන් එන්නත් ගගහ ඉන්න වෙන්නේ. ස්වභාවිකවම ඇඟේ හැදෙන ප්‍රතිදේහ වලින් ඉස්සරහට ආරක්ශා වෙන්න පුලුවන් වෙයි වගේ

:       3       6

Sriland Thursday, 23 December 2021 04:06 AM

මම එදත් අදත් හෙටත් කවදත් කියන්නේ මේකයි .කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් ,ජාත්‍යන්තර ගේමක් බෙහෙත් ජාවාරමක්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 20 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට
2025 මාර්තු මස 14 2 0

ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර


ඇමෙරිකන් ගිනි කන්දක් පුපුරන්න ඔන්න මෙන්න
2025 මාර්තු මස 13 1776 0

මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 106 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ


අවධානය දිනූ මේස් කුට්ටම
2025 මාර්තු මස 13 2554 1

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී


පළමු කෘත්‍රිම හදවත් බද්දය සාර්ථකයි
2025 මාර්තු මස 13 2713 1

ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 215 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 506 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site