IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘බූස්ටර්‘ එන්නත ඉදිරි දෙසතියේ ලබාදී අවසන් කරන්න‘

(සුජිත් හේවාජුලිගේ )

එළැඹෙන උත්සව සමයේදී කොවිඩ් ව්‍යාප්තිය පාලනය  කිරීමේ පූර්ව සැලසුමක් ලෙස  අධි මාත්‍රා එන්නත (Booster) ඉදිරි දෙසතියේදී  ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට  උපදෙස් දුන්නේය.

කොවිඩ්  මර්දන කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ රැස්විය .

දෙවන මාත්‍රාව  ලබාගෙන මාස 03ක් සම්පූර්ණ කළ සියලු දෙනා අධි මාත්‍රාව ලබාගැනීමට සුදුසුකම් ලබන බවත්   ඕනෑම ස්ථානයකින් හෙට   (11) සිට දිනපතා අධි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ගැනීමට අවස්ථාව සලසා ඇති බවත්  කොවිඩ්  කමිටුව පවසයි.

මේදිනවල වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත නොගත් අය බවත් ඉන් බහුතරය තරුණ පිරිස බවත්  සෞඛ්‍ය අංශ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

කොවිඩ් ආසාදිතව අසාධ්‍යවීම සහ  මරණ සංඛ්‍යාව අවම කරගැනීමට එන්නත ලබාගැනීම වැදගත් බව පැවසූ ජනාධිපතිවරයා   මේ පිළිබඳ තරුණ පිරිස් දැනුවත් කර ඔවුනට කඩිනමින් එන්නත ලබාදීමට පියවර ගන්නැයි උපදෙස් දුන්නේය.

වයස අවුරුදු 16ත් 19ත් අතර දරුවන්ට දෙවන මාත්‍රාව සහ 12ත් 15ත් අතර සියලු දරුවන්ට පළමු මාත්‍රාව ලබාදීමට අනුමැතිය හිමිව ඇති හෙයින් අධ්‍යාපන අමාත්‍යාංශය සමග සැලසුම් කර එම එන්නත ලබාදීමට කඩිනමින් කටයුතු කරන්නැයිද ජනාධිපතිවරයා  උපදෙස් දුන්නේය.

සංචාරක ක්ෂේත්‍රයට පනවා ඇති සීමා තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් දුන්නේය. සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ඇතැයි මෙහිදී අනාවරණය කෙරිණ.



අදහස් (2)

‘බූස්ටර්‘ එන්නත ඉදිරි දෙසතියේ ලබාදී අවසන් කරන්න‘

Shan Friday, 10 December 2021 03:54 PM

ඔය කට අරින්නේ නැතිව ඉන්නවද පොඩ්ඩක්... කරන මිනිස්සුන්ට වැඩේ කරන්න දීලා.. මොකද මෙයා කට ඇරියොත් වැඩේ රිවර්ස් වෙනවා.

:       0       0

Nuwa Friday, 10 December 2021 07:01 PM

එන්තන ගත්තු සුදු ජාතිකයින්ට මාස්ක් නැතුව ඇවිදින්න ඉඩ දුන්නේ කවුද..? අපේ මිනිහෙක් මාස්ක් නැතුව ගියොත් මැරෙන්න හදනවා එන්නත් ගත්ත අය වුණත්.. ගාල්ලේ කොටුවේ සුදු ජාතිකයින් නිතරම මාස්ක් නැතුව ඉන්නවා.. ඔවුන් කොටුවේ සංචාරයට ආවාට අපි කොටුවේ රස්සාවට යනවා.. ඇයි එක රටක් නීති හැටක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

නුවරඑළිය දිසාපති පත් කරයි
2025 පෙබරවාරි මස 05 8 0

නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රාජ්‍ය නිලධරයන්ට රට යද්දී තිබූ බාධාවක් ඉවතට
2025 පෙබරවාරි මස 05 5 0

ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ජේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


උඩරට දුම්රිය මඟේ නාය යාම වළක්වන්න පියවර
2025 පෙබරවාරි මස 05 16 0

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ


පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 49 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 87 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 175 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site