(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවේ හොරණෑ ජය සක් මැද මොළ හතක මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පත් කළ පසුව සිදු වූ එකම දේ උදේට කිරි වීදුරුවක් බීපු මිනිහා කහට කෝප්පයට ඇද වැටීම යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
රජයේ සේවකයන්ගේ වැටුප් පතටත් වැඩෙි දීමට ආණ්ඩුව මාන බලමින් සිටින බව කී රංගේ බණ්ඩාර මහතා ආණ්ඩුවේ තීරණ නිසා හරි ගියේ ගජමිතුරු කල්ලියට පමණක් බවද සඳහන් කළේය.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා කීවෙි ජනතාවගේ ප්‍රශ්න එකතැන අට්ටි ගසා හිතමිතුරන්ගේ ප්‍රශ්න විසඳන්නට ආණ්ඩුව තීරණ ගනිමින් සිටින බවයි.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘‘බැසිල් ඇවිත් කළ දේ රංගේ කියයි‘‘
SUNIL MILANO Friday, 27 August 2021 01:46 PM
අනේද කියන්නේ? දකුණු ආසියාවේ හොඳම මුදල් ඇමැති හිටියෙත් තමුන්නැහෙලත් එක්කනේ.. මොකක්ද කළේ..? බැංකුව මහ දවල් මංකොල්ල කෑවා.. ටැක්ස් ගහන්නේ නැතිව වාහන පැන්නුවා. තව කොතරම් දේවල් කලාද?
Ranga - FranceFriday, 27 August 2021 03:12 PM
හනේ... හනේ... හොඳ රටක උන්නත් පරණ අපුල්ලන ගතිය ගිහින් නෑ වාගෙයි නේද ?
pjFriday, 27 August 2021 03:14 PM
ඇත්තද
Raveendra Friday, 27 August 2021 02:23 PM
කියල තියෙන දේවල් හොදින් බැලීමේදී පැහැදිලි එක දෙයක් ඇත.එනම් ඍජුවම තම දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් මෙසේ කියවන ඒක. එවන් අවස්ථාවල අප සැම කතාකල යුත්තේ හැසිරිය යුත්තේ ඉතාමත්ම වගකීමෙන් නොවේද ?
Ruhunu Friday, 27 August 2021 02:38 PM
වොඩ්කා වතුර වුණා මතකද මන්දා...
අලුත් අදහස් Friday, 27 August 2021 02:45 PM
එහෙම කියන්නෙපා. එතුමා තමා කොවිඩ් බෝ වනවාද නැද්ද යැයි පරීක්ෂණ කරන්න පළමු අදහස දුන්නෙ. තව අලුත් අදහස් ඉදිරිපත් කරනතුරු ඉවසිලිවන්ත වන්න.
එමි එමි Friday, 27 August 2021 02:47 PM
ඇත්තටම මෙි කතාව හරියටම හරි මෙි මොකා ආවත් අපට ඔිකෙ වෙනසක් නැහැ ඔක්කොම එකයි ලංකාවට හරි යන්න නමි ඔය 225 නැති වෙලා ඒකාධිපති පාලනයක් එන්න ඔින
ජර්මනිය බලා ඉන්නවාFriday, 27 August 2021 07:06 PM
ජර්මනිය දැනටමත් මේ අයගේ මේ වචන ගැන උරණ වෙලා. හිට්ලර් කළ හරිය සහ එහිදී වූ බලපෑම එම රටේ ජනතාවට අදටත් ඇඟ සලිත කලත් අපේ සමහර ලොකු පුටුවල ඉන්න අය මෝඩකමට හා නූගත්කමට කටින් පිටකලා කියලා එයාලා සාමාන්‍යයෙන් හිතන්නේ නෑනේ. අනිත් එක ඔය වටේ ඉන්න ඇම්බැට්ටයින්ට සර්ගේ ඇඟේ එල්ලිලා ගොඩයන්න ඕනෑ වුණාට, සර් මොකටද තමන්ට උගත්කමත් තියනවා නම්, හොඳින් උගත් හොඳ දරුවෙක් ඇමරිකාව වගේ බලවත්ම රටකත් ඉන්නවා නම් වැඩ බැරි ඕ ලෙවල් ෆේල් වටේ ඉන්න අයගේ හීන සැබෑ කරන්න ගිහිල්ල ලෝකෙටම පිළිකුල් වෙන්නේ... සර් එහෙම කරන්නේ නැහැ. මොකද ඔහු ආවේ ඇෆ්ගනිස්ථානයෙන් නොවේ. එහි අසරණ ජනයා බේරාගත් ඇමෙරිකාවෙන්...
kamal Friday, 27 August 2021 02:51 PM
බැසිල් ඇවිත් කලෙත් ඔබ ඇවිත් කරපු දේම තමයි
සිල්වා Friday, 27 August 2021 03:01 PM
අනේ මහත්තයෝ මුදල් ඇමතිට සැලසුම් හදාගෙන වැඩ කරන්න කාලය ලබා දෙන්න. තනි මොලෙන් වගේ ද මොල හතෙන් වැඩ කරන එක...?
බී.ඇස්.දසනායක Friday, 27 August 2021 03:14 PM
එන්න කිව්වම ආවෙ නැ. දැන් කට කැඩිච්ච කථා කියනවා..
saman Friday, 27 August 2021 03:26 PM
මේ රටේ දුප්පත් සහ මධ්‍යම පාන්තික ජනතාව මේ තරම් දුක් විඳින්නේ මාසිකව ලක්ෂ එක හමාරට වඩා වැඩි වැටුප් ලබන උදවියගෙන් අය කරගනු ලබන අාදායම් බදුමුදල ප්‍රමාණවත් නොවීම නිසයි. මෙම ඉහළ වැටුප් ලබන සේවකයින්ගේ අත ඇති මුදල් අතිරික්තය නිසාම ඔවුන් තමන්ගේ පන්තිය නඩත්තු කිරීම සඳහා මිල අධික සුඛෝපබෝගි වාහන, මිල අධික ජංගම දුරකථන මිල අධික අත්ඔරලෝසු මිලට ගැනීම නිසා මෙරට මුදල් පිටරටට ගලා යෑම සිදු වෙනවා. එවිට ඩොලරය ඉහළ යනවා. එවිට බඩු මිල ඉහළ යනවා. එතකොට අසරණ මිනිසුන් කබලෙන් ලිපට වැටෙනවා. අන්තිමට බැලුවාම පෝසතාගේ මිලදී ගැනීම් වලට දුප්පතා බදු ගෙවනවා වගේ පෙනෙන්නේ. මොකද මිල අධික භාණ්ඩ පෝසතා මිලට ගැනීම නිසා දුප්පතාට අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑමයි. මේ නිසා ලක්ෂ එක හමාරට වඩා වැඩි අදායම් උපයන සියලු දෙනාට අධික බදු පනවන මෙන් ඉල්ලා සිටිනවා...
SamamFriday, 27 August 2021 07:38 PM
ඉල්ලා සිටින්න දෙයක් නැහැ. පසුගිය ආණ්ඩුවෙන් ඒක තමයි කරේ. ඝෝඨාභය ඇවිත් ඒක අයින් කළා. ඒ කාලේ ඕකට හැමෝම බැන්නා. මම නම් යුඑන්පී නෙමෙයි. හැබැයි මංගල කරේ හරි දෙයක්...