IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බස්වල වෙළඳාම් තහනම්

(ඩයනා උදයංගනී)


පෞද්ගලික හා ලංගම බස්රථවල සිදුකෙරෙන වෙළඳාම් කටයුතු වහාම නවත්වන්නැයි ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබේ.


දුම්රියවලට ජංගම වෙළෙන්දන් ඇතුළුවීම ඉකුත් මාර්තු මාසයේ සිටම නවත්වා ඇති බව ද ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.


කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.


ඇතැම් ජංගම වෙළෙන්දන් සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් අනුගමනය නොකරන බවට ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
 

ඇතැම් ජංගම වෙළෙඳුන් විසින් බස් රථ තුළ විවිධ ආහාර ද්‍රව්‍ය, වතුර බෝතල් ආදිය අලෙවි කිරීමේදී බස් රථ ගණනාවකට ගොඩ වන බැවින් ඔවුන් නිසි සෞඛ්‍ය ආරක්‍ෂණ පිළිවෙත් අනුගමනය නොකරන්නේ නම් එය අවදානමක් බව අමාත්‍යවරයා කීවේය.


එයින් කොවිඞ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමට ඇති ඉඩ ඇති නිසා එම ජංගම වෙළඳ කටයුතු නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, එහිදී ආරක්‍ෂක අංශවල හා ගමනාගමන මණ්ඩල නිලධාරීන්ගේ සහයෝගය ද ලබා ගන්නා ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දී ඇත.



අදහස් (4)

බස්වල වෙළඳාම් තහනම්

saman Monday, 13 July 2020 09:03 AM

අනේ ඉස්සෙල්ලම බස්, දුම්රියවල පොල් පටවලා සෙනඟ ගෙනියන එක නවත්තන්න බලන්න...

:       0       0

ravi Monday, 13 July 2020 09:33 AM

කුඩු විකුණලා... කොන්දොස්තරලාවත්ද?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 July 2020 10:21 AM

ඇත්තෙන්ම, මේ බස් රථවල වෙළඳාම් කරන වෙළෙන්ඳන් කවදත් කිසිඳු සෞඛ්‍ය සිරිත් විරිත් පිළිපදින්නේ නැහැ. අපිරිසිදු ඇඳුම් හැඳ, බස්රථ අතපතගාමින් එකිනෙක බස්වලට මාරුවෙමින් ඒ අතින්ම රටකජු වඩේ වැනි කෑමබීමද අතපත ගානු පෙනෙයි. මෙවන් අවස්ථාවකදී කිසිසේත්ම ඔවුන් හට බස්රථවල වෙළඳාම් කිරීමට ඉඩදීම සුදුසු නොවේ. ඔවුන්ගේ රැකියාව පැත්තෙන් බලන විට සිතට දුකක් දැණුනත් පොදු මහජනතාවගේ පැත්තෙන් බලනවිට, මේ කාලයේ පවතින මේ වසංගත තත්වය නිසා සෞඛ්‍ය නීතිරීති හරි හැටියටම ක්‍රියාත්මක විය යුතුය.. නොඑසේ නම්, මේ වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී යනු ඇත.

:       0       0

Puppa Monday, 13 July 2020 11:48 AM

මෙයා ඔක්කොම කටින් විතරයි.., පත්තරේ ලොකු අකුරින් දානවා. ටීවී වල පෙන්නනවා. නමුත් ඔක්කොම බොරු. මේ රටේ දේශපාලුවන් බොරුවෙන්ම කාලෙ ගෙවන අය...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 619 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 174 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 504 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 123 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1741 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site