IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බස් දෙකක් ගැටී 8ක් රෝහලේ


(දයාරත්න ඇඹෝගම)
 
පෞද්ගලික බස් රථ දෙකක් අද(21) පුත්තලම ඒ-12 මාර්ගයේ ගොවිපල ආසන්නයේදී ගැටීමෙන් බස් රථ දෙකේ ගමන්ගත් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි රාජාංගනය පොලිසිය කියයි. 
 
තුවාල ලබා ඇත්තේ රාජාංගනය, සාලියවැව සහ තලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
 
තුවාල ලැබූ පිරිස අතර කාන්තාවෝ ද, කුඩා දරුවෙක් ද සිටිති. 
 
කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වූ බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි. 
 
තුවාලකරුවන් අනුරාධපුර සහ නොච්චියාගම යන රෝහල්වලට ඇතුළත් කර ඇත. 
 
බස් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

(ඡායාරූප - ජයරන්ත වික්‍රමාරච්චි)

 



අදහස් (7)

බස් දෙකක් ගැටී 8ක් රෝහලේ

sam Thursday, 21 March 2019 10:46 AM

වාහන දෙකේම වම් පැත්තට හානි වෙලා තියෙන්නේ මේ දෙන්නාම වැරදි පැත්තෙන් ගිහිල්ලාද ??

:       0       13

vipula Thursday, 21 March 2019 11:27 AM

අපිටත් මේවගේ දෙයකට මුහුණ දෙනකම් මේවගේ අනතුරු බල බලා හුල්ලනවා. පාලකයෝ තවත් එක් අනතුරක් විදිහට පොත්පත් වල සටහන් කරනවා. එතනින් ඉවරයි.

:       0       69

Raveendra Thursday, 21 March 2019 12:15 PM

රථයේ වේගය පාලනය කරගත නොහැකි නම් කෙසේ වැදගත් වෘත්තියකට බලපත්‍ර ගත්තේ කෙසේද?? අප දන්නා තරමින් මෙවන් වැරදි වලදී වෙනත් රටවල මොහුගේ රියදුරු බලපත්‍රය අවලංගු කර මොවුන්ව පුනරුප්තාපනය කරන අතර මොවුන් පිලිබදව මානසික වෛද්‍යවරයාගෙන් වාර්තාවක්ද ලබාගෙන සෑහෙන කාලයක් යනතුරු මොවුන්ව නිරීක්ෂණය කරන බවය. තවද කිසිදු විටක වාහනයක් පැදවීම මෙවන් පිරිස්වලට සපුරා තහනම්ය. අගතියට පත් කොටස්වලට රක්ෂණයන් මගින් ගෙවීම් කරන අතර රියදුරු බලපත්‍රය අනුමත කල උපදේශකගේද නමට ඍණ ලකුණක් එකතු වන්නේය. අවාසනාවකට අප රටේ මෙවන් කිසිවක් සිදු වෙනවාද යන්න ගැන සෙවීමත් විහිළුවකි.

:       0       40

raheem Thursday, 21 March 2019 12:17 PM

අමුතු විදියේ හැප්පිලක්

:       0       5

Praba Thursday, 21 March 2019 03:03 PM

ගිලන් රථයක් අනතුරට පත්වෙලා ටික කලකට පෙර වෛද්‍යවරියක් මිය ගියා ඔය පැත්තේ. එත් ඒ පළාතේ පොලිසිය වරදකාර ලොරි රථ රියැදුර නිදහස් කලා. පොලිසිය අල්ලස් ගත්තා කියල සමහරු කිව්වා.

:       0       9

hesa Thursday, 21 March 2019 10:03 PM

බලන්නකෝ බස් වල හැටි . තුනී බෙලෙක් පතුරු වගේ , යාම්තම් හැප්පුනත් ඇති පැත්තක්ම කඩන් යනවා .

:       0       0

සුජීව Friday, 22 March 2019 02:38 AM

පළමු පින්තූරයේ බස් රථය පාර හරහා දැමීමේදී කෙලින් මාර්ගයේ පැමිණි දෙවන බස් රථය එහි ගැටී ඇති බවයි තේරෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 651 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 181 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 543 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1808 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site