(එච්. චන්දන )
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සාලියවැව සිදුවූ බස් රථ අනතුරකින් 05 දෙනකු තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුලත් කල බව සාලියවැව පොලීසයි කියයි.
වව්නියාවේ සිට කොළඹ දක්වා ධාවන වූ මෙම සුඛෝපභෝගි බස් රථය පුත්තලම අනුරාධපුර මාර්ගයේ විස්සයි භාග ප්‍රදේශයේදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අයිනේ ඉදිරියෙන් නවතා තිබූ කැබ් රථය පිටුපස වැදී එයද ඉදිරියට තල්ලුකරගෙන මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ඇත.
අනතුරු සිදුවන විට බස් රථයේ මගීන් 23 දෙනකු සිට ඇති අතර එයින් පස් දෙනකු තුවාල ලබා නොච්චියාගම රෝහලටත් පසුව එයින් තිදෙනකු අනුරාධපුර රෝහලටත් යවා තිබේ.
අනතුරින් කැබ් රථය හා බස් රථයට දැඩි හානී සිදුවී තිබේ.
සිද්ධිය පිළිබදව බස් රථ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සාලියවැව පොලීසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වනු ලබයි.
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බස් රියක් පෙරැළී 5ක් රෝහලේ