(ජයන්ත සමරකෝන්)
''මීට වසර 42කට පෙර ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා ලෙඩ ඇඳේ සිට ජේ. ආර්ගේ බහුබූත ව්‍යවස්ථාව ගැන කියූ, ලියූ සෑමදෙයක්ම අද වනවිට සැබෑ වී තිබෙනවා'' යැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩී. වී. ගුණසේකර මහතා අද(03) පැවසීය.
අද රටේ පවතින සෑම දේශපාලන, ආර්ථික, සාමාජීය ප්‍රශ්නයකටම මෙම ව්‍යවස්ථා අර්බුදය බලපා ඇතැයිද, මෙම ව්‍යවස්ථාවට බහුබූත ව්‍යවස්ථාවක් කිව්වේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යැයිද ඒ මහතා කීය.
ප්‍රංශ, ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාවන්හි කොටස් එකතුකර ජේ. ආර්. ජයවර්ධන මහතා 78 ව්‍යවස්ථාව ගෙනා බවද, හෙතෙම සඳහන් කළේය.
බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා මාවතේ පිහිටි මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඩී. වී. ගුණසේකර මහතා මෙම අදහස් පළකළේය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘බහුබූත ව්‍යවස්ථාව’ ගැන ඇන්.ඇම්. ලෙඩ ඇඳේ සිටම කිව්වා
kap Thursday, 03 September 2020 09:34 AM
77 ඉඳන් අවුරුදු 43 බලන් ඉඳලා, දැන්ද කට අරින්නේ? හදපු කෙනා ජීවත් වෙලා ඉන්න කාලේ මේ අය කට වහගෙන හිටියේ.. මේ වගේ ව්‍යවස්ථාවකට පින්සිද්ද වෙන්න. මේ වගේ පොඩි පක්ෂ වල ඉන්න අයට පාර්ලිමේන්තු එන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවේ මේවා වෙනස් නොකලේ ඇයි?
kapila Thursday, 03 September 2020 09:50 AM
එන්.එම්. හිටියා නම් ඔබ වගේ කඩේ යන එකක් නැහැ.
KooralageThursday, 03 September 2020 11:50 AM
ඉස්සර රෙජීමයේ, කෝප් කමිටුවේ සභාපති වෙලා හිටපු කාලේ... දූෂණ හෙළිවෙලත් තීරණ නොගෙන පූස් පැටියා වගේ හිටියේ... දැනුත් කඩේ යනඑක තමයි කරන්නේ...
කුමාර Thursday, 03 September 2020 11:30 AM
එන්. එම්. පෙරේරා වැනි දේශපාලකයෝ යලිත් ලංකාවේ බිහි නොවේවි ..
රසික Thursday, 03 September 2020 12:01 PM
ඒක ව්‍යවස්ථාවේ වරදක් නොවේ. පාලකයින්ගේ වරද... සංශෝධන 19ක් තිබුණාට ඒකෙන් 05ක් වත් නෑ. රට වෙනුවෙන් කරපු ඒවා. හැමවේලාවේම බලයේ ඉන්න පාලකයින්ගේ වාසියට කරපු සංශෝධන...
de silva Thursday, 03 September 2020 02:23 PM
78 ව්‍යවස්ථාව නැතිනම් සුලුපක්ෂවලට යනඑන මං නැතිවෙනවා. බහුබූත ව්‍යවස්ථාවෙන් ගන්න පුළුවන් වරප්‍රසාද වාසි සියලු දේ අරගෙන, දැන් අපිව ගොනාට අන්දන්න එනවා. හොඳ නැතිනම් ඔබලත් හවුල්කරුවන් වන 2/3 තිබෙන රජයත් සමග කතාකරලා ඕක අර 78ට පෙර තිබූ ක්‍රමයට වෙනස් කරන්න.
කමලි Thursday, 03 September 2020 05:12 PM
ඒ බහුබූත ව්‍යවස්ථාව නිසාම ආණ්ඩු ඇතුලේ අමාත්‍යදූර අරගෙන හිටියනේ... වෙනස් කරන්න කිසිම උවමනාවක් තිබ්බෙත් නෑනේ නේද..??