IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


බැළලියකට පහර දී මරා දැමූ සිසුවා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
බණ්ඩාරගම, මස්විල ප්‍රදේශයේ අසල්වැසි නිවසක සුරතලට ඇති කළ බැළලියකට තියුණු ආයුධයකින් පහර දී මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුවකු අද(23) පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
 
සැකකාර පාසල් සිසුවාගේ නිවසට බැළලිය පැමිණීම සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුකරන්නට ඇතැයි බැළලිය ඇති කළ අසල්වැසි කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලේ සටහන් වේ.
 
තුවාල ලද බැළලිය සිසුවාගේ නිවස ආසන්න මාර්ගයේ දමා ගොස් ඇති බවද, අසල්වැසි කාන්තාව එහි යනවිටද බැළලිය මියගොස් ඇතැයිද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
 
බණ්ඩාරගම පොලිසිය සැකකාර පාසල් සිසුවාට පොලිසියට පැමිණෙන්නැයි දැනුම් දුන්නද ඔහු සිය දෙමව්පියන් සමඟ ප්‍රදේශය හැරගොස් තිබූ බවද, පසුව අද පැමිණ පොලිසියට බාර වූ බවද පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
පාසල් සිසුවා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (26)

බැළලියකට පහර දී මරා දැමූ සිසුවා අත්අඩංගුවට

හංසිකා කුමාරි ජයවර්ධන Monday, 23 December 2019 10:54 AM

අද පාසැල තුළින් සත්ව කරුණාව පිළිබඳ ආකල්ප සිසුන්ට ලැබෙන්නේ නැහැ. අඩුගානේ දහම් පාසල් තුළින්වත් එම ආකල්ප ලැබෙන්නේ නැහැ. ඒකයි මේකට ප්‍රධාන හේතුව. මේ දක්වා කිසිම රජයක් මේ පිළිබඳ වැඩ සටහන් සිසුන්ට ඉදිරිපත් කරලා නැහැ. බුදු දහමේ මූලික මූලධර්මයක් තමයි සතුන්ට සැලකීම. ඒක බුදුන් වහන්සේ විවිධ අවස්ථාවල පෙන්වා දීලා තියනවා. විශේෂයෙන්ම මිහිඳු හිමියන් ලංකාවට ඒ බව මනා ලෙස කියා දීලා තියනවා. ඒත් ලංකාවේ පාලකයින්ට ඒවා වැඩක් නෑ. ලංකාව බෞද්ධ රටක් කියලා පුරාජේරු කතා කියන්න විතරයි ඕනෑ. හරිම කණගාටුයි.

:       117       737

AsankaMonday, 23 December 2019 12:24 PM

මේ සිද්ධිය දිහා හොඳට බලන්න. ඔය කියන සිසුවා පහත් වැඩක් කළා මදිවට ඔහුගේ දෙමව්පියෝත් ඔහු වගේම පහත් වැඩක් නොවේද කරලා තියෙන්නේ පොලිසිය මග ඇරීමෙන්... මේකෙන් පැහැදිලිව පෙනෙන්නේ දෙමව්පියන්ගේ ජඩකම් ළමයින්ටත් පිහිටනවා කියලා නොවේද? ඔය බැළලිය ඇතිදැඩි කරපු අයටත් දරුවෝ ඇති... නමුත් මේ වගේ දේවල් කරලා නැහැනේ... ළමුන් තිරිසන්නු වෙන්නේ පරිසරයේ විශේෂයෙන් දෙමව්පියන්ගේ පවුලේ අයගේ වරදින්... පාසල් හෝ සමාජයට කලින් දෙමව්පියන් වගකියන්න ඕනෑ...

:       0       548

CharithTuesday, 24 December 2019 02:28 AM

මේ ළමයා හෝ පවුලේ අය හෝ බෞද්ධයෝ කියලා මේ ප්‍රවෘත්තියෙ කොහෙද තියෙන්නෙ?

:       10       8

janis Monday, 23 December 2019 11:42 AM

අද අහිංසක පූසෙක් මැරුවට අනාගතයේදී මනුස්සයෙක් වුණත් මරන්න බැරි නැහැ..

:       18       416

BamunuarachchiTuesday, 24 December 2019 12:52 AM

හලෝ කතාව නම් කවුරු කවුරුත් පූස් වගේ එත් මේ සත්තු මහා රෑ බෙරිහන් දෙනකොට වත්තේ ජරා කොරනකොට ඔය සත්ව කරුණාව කොහෙන් යනවද කියලා නැහැ නේද, සමහර විට ඔය කියන කරදර මේ ළමයාට තිබෙන්න ඇති. එහා ගෙදර පූසා මෙලමයාගේ වත්තේ කැත කොරනවා වෙන්න පුළුවන් ඒවගේම මහා රෑ පූසොත් එක්ක රණ්ඩු වෙනවා වෙන්න පුළුවන්. එහෙමනම් මම කරන්නෙත් ඔයටික.

:       102       1

sharm warnTuesday, 24 December 2019 04:31 AM

අනේ බමුණු , ඔයා මෙහෙම කියයි කියල කවුරු නම් හිතුවද ... බළලෙක් ඥාව් ඥාව් කියන්නේ නැතුව සිංහලෙන් දෙමලෙන් ඉංග්‍රීසියෙන් කතා කරන්නද ? හලෝ හව් ආ යූ කියන්නද ?? අපේ ගෙවල් පැති වලත් බළල්ලු රෑට පොර කනවා අපි නම් වතුර ටිකක් ගහල එලවල දානවා. බළල්ලු කියන්නේ කූඩු වල ඇති කරන සත්තු නෙමෙයි. මේ සිද්ධියේ ළමයා ක්‍රියාත්මක කරන්න ඇත්තේ දෙමව්පියන්ගේ අදහස් මත ඇතිවුන ආවේගයක් වෙන්නත් පුළුවන් මොකද දෙමව්පියෝ ළමයත් අරන් වහන් වෙලා තියෙන්නේ ළමයාගේ ක්‍රියාවට තමන්ගේත් සම්මාදමක් තිබුන නිසා වෙන්න පුළුවන් නේ ... මොන හේතුවක් මත වුනත් පණක් නසන එකත් ඒකට අනුබල දෙන එකත් කවද හරි පල දෙන ක්‍රියාවක්. ඔයා නිකමට හරි දහම් පාසලකට යන්න ඇතිනේ මොන ආගමෙන් හරි ..

:       0       2

Sunil Gikiyanage Monday, 23 December 2019 11:48 AM

මැරීම හොඳ නැහැ. නමුත් නීත්‍යානුකූලව වරදක් නැහැ. තමන් සත්තු හදනවා නම් අනෙක් අයට කරදරයක් නොවිය යුතුයි. හරි නම් පොලිසිය සතාගේ අයිතිකාරයාට නඩුදාන්න ඕනේ...

:       1515       480

sunil Monday, 23 December 2019 12:49 PM

සතෙකුට අපි කතා කරන භාෂාවෙන් යන නොයන තැන් කියා දිය නොහැක. උන් සමහර අවස්ථාවලදී ගෙදරින් පිටත ඇවිදීම සාමාන්‍ය දෙයකි. එවැනි සතෙකු සහාසික ලෙස මරා දැමීම අමනුස්සකමකි. නමුත් ඔබ ලියා ඇති අදහස දුටු විට මා සිතන්නේ මා ඉහත කිව් දෙය ඔබට නොතේරෙන බවකි.

:       0       0

මෝ Monday, 23 December 2019 12:49 PM

සුනිල්, ඔබට මොලයක් තියෙනවද?

:       36       345

janis Monday, 23 December 2019 12:55 PM

පුදුම ගොන් කතවක්නේ මෙයා කියන්නේ. අම්මා තාත්තා වුනත් අනුන්ට කරදයක් වුනොත් මරනවද ?

:       38       270

Rathnayaka Piliyandala. Monday, 23 December 2019 01:16 PM

සුනිල් මහත්තයෝ.... ඔයාගේ මොලේ නැද්ද? එහෙමත් නැත්නම් මක්වෙලාද? ඔන්න ඔහේ ලියලා දාන්නකෝ...!!!

:       17       134

Ruhunu Monday, 23 December 2019 01:25 PM

බැළලියක් මරපු නිසා පොලිසි ගියා. කුකුළෙක් හරි, එළුවෙක් හරි මැරුවා නම් දෙගොල්ලොම හරි සන්තෝසයෙන් බෙදාගනීවි. අනේ අපේ මිනිසුන්ගේ සත්ව කරුණාව...

:       43       141

Walter White Monday, 23 December 2019 01:41 PM

මම බළල් ලෝලියෙක්.. එ්ත් මම කියන්නේ ඔය කොල්ලා උගේ කොලුකමට කළ දෙයක්... ඔය පිස්සු හැදෙන වයසේ ළමයි අතින් ඔහොම දේවල් වෙනවා. එ්ත් හිරේ දාලා අන්ත දරුණු තක්කඩි ආශ්‍රය කරන්න දුන්නොත් සහතිකෙන්ම අපිට අනාගත අපරාධකාරයෙක් දකින්න පුළුවන් වේවි. ඔහුට අවශ්‍ය මානසික වෛද්‍යවරයෙක්ගෙන් ක්ෂණික කෝපය ඩිප්රේෂන් අඩුකරගන්න ප්‍රතිකාර, ඔහු කළ වැරැද්දට පැයදහයක් පාරක් සුද්ද කරන්න වගේ දඬුවම දුන්නාම ඇති...

:       255       127

AkilaMonday, 23 December 2019 04:20 PM

කොලුකමට ඔහොම දරුණු වැඩක් කරනවද? ඔයත් සුනිල් එක්ක ගිහිල්ලා මොලේ චෙක් කරගන්න.

:       4       111

JayMonday, 23 December 2019 10:56 PM

වෝල්ටර් කියන විදිහට මරණ එක කොලු කමක්. කොලුකම කියන්නේ පර පන නැසීම නෙමෙයි කියලා තේරෙන්නේ නැද්ද?

:       0       5

lankasri Monday, 23 December 2019 03:37 PM

සුනිල්ගේ මොලේ කචල් වෙලාද? සතෙක් මැරුවට නිත්‍යානුකූලව වරදක් නැහැ කියන්නේ. ඔබ දන්නවද සතෙකුට හිංසා කිරීම, ඝාතනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව..

:       0       211

Sunil gikiyanage Monday, 23 December 2019 03:46 PM

ගෙවල්වල සත්තු හදනවා නම් අනුන්ට කරදරයක් නැතිවෙන්න හදන්න ඕනේ. මැරීම හොඳ නැති වුණත් වරදක් නැහැ. කොල්ලට අවවාදයක් කරලා නිදහස් කරන්න. අනෙක් කෙනාටත් සත්තු පිට ගෙවල්වලට එවන්න එපා කියලා‍ අවවාද කළයුතුයි.

:       437       418

ballaMonday, 23 December 2019 04:46 PM

බලල්ලූ කියන්නේ ගෙයි කොටුකරගෙන හදන්න පුළුවන් සත්තු ජාතියක් නෙමෙයි..

:       0       5

නොකවුට් Monday, 23 December 2019 04:35 PM

අනිවාර්යෙන්ම දඬුවම් කල යුතුය. මෙම වයස තුල මෙහෙම කරනවා නම් පස්සේ මිනී මැරුමක් උනත් කරන්න බැරි නෑ

:       0       6

Nihal Monday, 23 December 2019 06:02 PM

ඔය ළමය යන්නේ ජාත්‍යන්තර පාසලකට.

:       1       0

Binkunndaa Monday, 23 December 2019 07:02 PM

ලංකාවේ කොච්චර මිනී මැරුවත් ප්‍රශ්න නෑ, හැබයි බල්ලෝ බළල්ලු නම් මරන්න එපා.

:       1       0

Upul Monday, 23 December 2019 08:19 PM

අපේ රටේ ගොඩක් මිනිස්සු ප්‍රශ්න දකින්නේ වෙනස්ම විදියකට. සුනිල් කියන දේ හරිම වැදගත්. වරදට සහ නොවරදට ලොවේ නැති තර්ක නොකර සබුද්ධිකව හිතන්න.

:       0       1

Chathuri Monday, 23 December 2019 11:31 PM

පුසා මරුවා කියලා හිරේ යනවනම් , නමගිය පුද්ගලයින් අතින් අසරණ බුද්දිමත් මිනිසුන්ගේ ජිවිත කියක් නම් විනාස වුනාද. අනේ දෙවියනේ දෙවි කෙනෙක් ඉන්නවනම් දෙවියන්ට මේවා පෙන්නේ නැත්ද. නැතිනම් ඒ දේ හරි නිසාද, මොවුන්ගේ අත්වලට පිරිත් නුල් බදින්නේ ආරක්ෂාවට මේ කට්ටිය දෝත් මුදුන් තියලා වදන්දනාමන කරන්නේ , බෞද්ධ රටක ඉන්න නිසා වෙන්න ඇති.

:       0       1

Bamunuarachchi Tuesday, 24 December 2019 12:58 AM

ඔබ හරියට හරි සුනිල්. ලංකාවේ ගෙවල්වල පූසෝ බල්ලෝ හදන්නේ අනික් මිනිසුන්ට කරදයක් වෙන විදිහට.

:       1       1

lalithm Tuesday, 24 December 2019 03:10 AM

මොනවා කිව්වත් බුදු දහම! මේ මොන බොරුවක්ද? අල්ලපුවත්තට යවන්න ගෙවල් වල පුසෝ බල්ලෝ හදල අවට මිනිස්සුන්ට වද දෙන එක බුදු දහමට එකඟද? ඔය පුසා හිමිකාරිය ඉස්සෙල්ලම හිරේ දමන්න මහජන පීඩාවක් ඇති කරාට. අපේ අල්ලපු ගෙදර කට්ටිය දැන් දවස් ගණනක ඉඳන් කොහෙද ගිහින්. ගෙදර හදන පුසා අපි දිහා බලාගෙන දුකෙන් කෑම ඉල්ලනකොට දෙනවා. අපේ වත්තේ ජරා කරනවා. ඒවාට මොකද දෙන්න ඕනේ දඬුවම්? නීතියෙන් කටයුතු කරන්න ගියොත් අපිට තර්ජන එනවා නියතයි. හේතුව ඔවුන් ආරක්ෂක අංශයට සම්බන්ධව හිටි අය. මේවා ගැනත් හිතමු.

:       7       18

Walter White Tuesday, 24 December 2019 03:41 AM

මේ අය ජීවිතේට බිත්තරයක් හාල්මැස්සෙක් කාල නැහැ වගේ බන දේශනා දෙන්නේ, අපි එහෙම කන සත්තුත් මරලා තමයි කන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 125 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 80 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 418 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 215 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 228 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1374 2

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 218 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 512 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site