IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


භික්ෂුණින්ගේ ඡන්ද අයිතිය අවදානමේ

(බිඟුන් මේනක ගමගේ) 


භික්ෂුණින් වහන්සේලාට ජාතික හැඳුනුම්පත් ලබාදෙන වැඩපිළිවෙළක් නැති නිසා භික්ෂුණින් වහන්සේලා 8000 ක් පමණ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබී යනු ඇතැයි රංගිරි දඹුළු රජ මහා විහාර සංඝ සභාවේ ලේඛකාධිකාරී දානියගම ආනන්ද හිමියෝ ‘ලංකාදීප’ යට පැවසූහ.


ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ විරෝධය නිසා ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේ වෙත ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම නවතා දැමීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ආනන්ද හිමියෝ පැවසූහ.

  
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවටත් ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ටත් මේ ගැන පැමිණිලි කළ නමුත් මේ වනතුරු ඊට විසඳුමක් ලැබී නැතැයි ද දානියගම ආනන්ද හිමියෝ පැවසූහ.


මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් කළ විමසීමේදී එහි අධීක්ෂණ හා සමාලෝචන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මැතිවරණ කොමිසම සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළේ යැයි පැවසීය.


ජනාධිපතිවරණය පැවැත්වීමට ඉතිරිව ඇත්තේ කෙටි කාලයක් වන බැවින් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කර තාවකාලික හැඳුනුම්පතක් ලබාදීම සඳහා උත්සාහ කරන්නේ යැයි ද එම නිලධාරියා කීය.


දෙකඳුවෙල භික්ෂුණී පිරිවෙනේ පරිවේනාධිපතිනි තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණීන් වහන්සේ මේ ගැන කළ විමසීමේදී පැවසුවේ භික්ෂුණින් වහන්සේලාගේ මූලික මානව හිමිකම් ආරක්ෂා කරන්නට මානව හිමිකම් කොමිසමෙන් කළ නිර්දේශ පවා මෙතෙක් බලධාරින්ගේ සැළකිල්ලට ලක් වී නැති බවයි.


ඡන්ද අයිතිය භුක්ති විඳීම මෙන්ම අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා ධර්මාචාර්ය ආදී රජයේ විභාගවලට පෙනී සිටීමේදී ද මෙම හැඳුනුම්පත් අර්බුදය බලපාන්නේ යැයි ශ්‍රී ලංකා භික්ෂුණී බල මණ්ඩලයේ ලේඛකාධිකාරිනිය වන කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණීන් වහන්සේ ‘ලංකාදීප’ යට පැවසූහ. 


රංගිරි දඹුළු රජ මහා විහාර සංඝ සභාව මෙම කරුණට අදාළව 2009 වසරරේදී කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් 2015 අගෝස්තු මස තීන්දුවක් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව, භික්ෂූණී ශාසනය පුනර්ජීවනය කිරීමට පියවර නොගැනීම මගින් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි තීන්දු කළේය.



අදහස් (4)

භික්ෂුණින්ගේ ඡන්ද අයිතිය අවදානමේ

menna Wednesday, 06 November 2019 11:57 AM

භික්ෂූන්වහන්සේලාට ඡන්දය තියෙනවද?

:       2       0

jerry Wednesday, 06 November 2019 12:01 PM

ඇයි මේ භික්ෂුණීන් වහන්සේලාටයි, සිල් මෑණි වරුන්ටයි වෙනස් කොට සලකන්නේ... මේක බෞද්ධ රටක් නේද?

:       0       2

nisarWednesday, 06 November 2019 01:38 PM

මුස්ලිම් නීතියේ කාන්තා සම අයිතිවාසිකම් ගැන කතා කරන්න බොහෝ අය බෞද්ධ රටේ ඉන්නවා.

:       0       0

AwamangalaWednesday, 06 November 2019 01:55 PM

මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 84 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 202 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 803 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 802 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1084 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 245 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site