IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මාකඳුරේ මධුෂ් මගේ පුතාගේ විවාහ මංගල්‍යයට සහභාගි වූයේ යැයි කීම විශාල බොරුවක්

අරමුණ මගේ දේශපාලන ජීවිතයට මඩ ගැසීමයි:

මන්ත්‍රී ලක්ෂ්මන් යාපා කියයි

(නාලක සංජීව දහනායක)

පාතාල නායක මාකඳුරේ මධුෂ් තම පුත්‍රයාගේ විවාහ මංගල්‍යයට සහභාගී වූ බවට පැතිරෙන ආරංචිය සම්පූර්ණයෙන්ම බොරුවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (12) පැවැසීය

තම දේශපාලන ජීවිතයට මඩ ගැසීමේ අරමුණින් මෙවැනි කතා ප්‍රචාරය කළ ද තමන් සහ මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා අතර කිසිදු සම්බන්ධයක් නැතැයිද මන්ත්‍රීවරයා කීය. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය. මගේ ගම මාකඳුර. මගේ පියා කවදාවත් දේශපාලනය කරන්න හිටපු කෙනෙක් නෙවෙයි. නමුත් හිටපු අගමැති ඩඞ්ලි සේනානායක මහතාගේ අරාධනය මත පියා දේශපාලනයට ආවා. අපේ දේශපාලන ගමන ඇරඹෙන්නේ ඒ අනුවයි. අපි වැදගත් දේශපාලනයක නිරත වුණා. දැන් මගේ දේශපාලන ජීවිතයට වසර හතළිහකට මඳක් වැඩියි. පළාත් සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් වසර හයක් කටයුතු කළා. පාර්ලිමේන්තු ජීවිතයට අවුරුදු 26යි. අපේ ගමෙන් බිහිවූ මාධ්‍ය ප්‍රධානීන් 18 දෙනෙක් ඉන්නවා. අපි ගමේ ජීවත් වෙන්නේ කොහොමද කියල ඔවුන් දන්නවා. පාතාල නායක මධුෂ් සම්බන්ධ කර ගනිමින් මම සම්බන්ධයෙන් වැරදි මතයක් මාධ්‍ය හරහා සමාජගතව තිබෙනවා. මධුෂ් මාකඳුරේ නෙවෙයි. ඔහු කඹුරුපිටියේ. භීෂණ සමයේදී ඔහුගේ මව ඝාතනයට ලක්වෙනවා. ඒ ඝාතනය සම්බන්ධයෙන් විවිධ මත තිබෙනවා. මධුෂ්ට අවුරුදු 8දී ඔහුගේ පියා වෙනත් විවාහයක් කර ගන්නවා. පසුකාලයකදී ඔහු මාකඳුර ප්‍රදේශයෙන් විවාහයක් කරගෙන එහිම පදිංචි වෙනවා. ඔහු ජීවත්වෙන්න විවිධ රැකියා කලා. කාලයක් කරවල විකුණුවා. තව කාලයක් දර කපලා විකුණුවා. මේ කාලයේදී පළාත් සභාවේ හිටපු ඇමැතිවරයෙක් මධුෂ් ජීවත්වූ ඉඩම ගත්තා. ඒ කාර්මික ජනපදයක් පිහිටුවීම සඳහා.

තවත් වරෙක දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහත්තයගේ මස්සිනා විසින් මධුෂ්ගේ කකුලක් උඩින් බයිසිකලයක් ධාවනය කළා. මේ ආකාරයේ ආරවුල් නිසා පසුකලෙක මධුෂ් වෙනස් වුණා. මේ ආරවුල් දිගින් දිගටම පැවැතුණා. පසුකලෙක වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් මධුෂ් සිරගතව සිටින විට ඩැනී හිත්තැටිය මහතා ඝාතනයට ලක්වුණා. මධුෂ් හා මම අතර කිසිම සම්බන්ධයක් නැහැ. 1999 වසරින් පසුව මම මධුෂ්ව දැකලත් නැහැ. මට දේශපාලනිකව පහර ගසන බව දන්නා නිසා මධුෂ්ගේ පියාගේ මළගෙදරට මම ගියේ නැහැ. නමුත් ගමේ අය ගියා. කෙසේ නමුත් මගේ පුත්‍රයාගේ විවාහ උත්සවයට මධුෂ් පැමිණි බව නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා වරක් ප්‍රකාශ කළා. දේශපාලනිකව පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීම සුදුසු නැහැ. මම ගමටම මඟුල් කිව්වෙ නැහැ. නමුත් ඒ විවාහයට ජනාධිපති, අගමැති, කතානායක, හිටපු ජනාධිපති, මැති ඇමතිවරුන් හා ප්‍රභූන් විශාල පිරිසක් සහභාගි වුණා. මධුෂ් ඒ විවාහ මංගල්‍යයට සහභාගි වුණේ නැති බව නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා පසුව ප්‍රකාශ කළා. මම මධුෂ්ට ආරාධනා කළේ නැහැ. යම් හෙයකින් ඔහු විවාහ උත්සවයට සහභාගි වුණා නම් සී.සීටී.වී කැමරාවලින් බලාගන්න පුළුවන්. කොහොම වුණත් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අද වෙනකම් ආරක්‍ෂක අංශ මගෙන් ප්‍රකාශයක් අරගෙන නැහැ.

නමුත් මගේ පුත්‍රයාගේ විවාහයට මධුෂ් පැමිණි බව කියමින් විපක්‍ෂයේ අයත්, අපේ පක්‍ෂයේ අයත්, දිස්ත්‍රික්කයේ අයත් මට මඩ ගහනවා. මම මගේ දේශපාලන ජීවිතයේ කවදාවත් වැරැද්දක් කරලා නැහැ. මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. ඔවුන් තුන්දෙනාම හොඳට ඉගෙනගෙන උසස් රැකියා කරනවා. එක් පුතෙක් පළාත් සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඒ දරුවන් කාටවත් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර නෑ. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේ පැවැසීය. වත්මන් රජය යළිත් වරක් ඉන්ධන මිල වැඩි කළා. ඒ මිල වැඩිකිරීම පිටුපස අපිට නොකිවූ කතාවක් තිබෙනවා. එනම් ආණ්ඩුව පසුගිය කාලයේදී පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියලක් හා ඩීසල් ලීටරයක් සඳහා රුපියල් දෙකක් වශයෙනුත් බදු වැඩි කළා. හැබැයි ඒ බවක් කවුරුවත් දන්නේ නැහැ. අපේ රටේ ඉන්ධන මිල වැඩි කළත් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වැඩිවීමේ බරපතළ කමක් තවමත් දකින්න ලැබෙන්නේ නැහැ. ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක් තවමත් අලෙවි වන්නේ ඇමරිකානු ඩොලර් 50-55 අතර මිලකටයි. අපේ රටේ ආර්ථිකයේ පසුබැස්ම මෙම ඉන්ධන මිල වැඩිවීමත් සමඟ පෙන්නුම් කෙරෙනවා. මේ වනවිට අපේ රට තිබෙන්නේ ආර්ථිකමය වශයෙන් ඉතාම දුර්වල තැනකයි.

මේ රටේ ආයෝජනය සඳහා කවුරුවත් එන්නේ නැහැ. රට ඇතුළත තිබෙන කර්මාන්තශාලා දවස ගානේ වැහෙනවා. මහජනයා අතර මුදල් සංසරණය නොවන නිසා තොග වෙළඳාමත්, සිල්ලර වෙළඳාමත් සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේදී ආර්ථිකය ශක්තිමත් වෙමින් තිබුණා. නමුත් මේ අවුරුදු හතර ඇතුළත රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ආපස්සට ගමන් කළා. එමෙන්ම මේ වනවිට රටේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා. පිටරටින් ගම්මිරිස් ආනයනය කිරීම නැවැතූ බව අමාත්‍යවරයා කියනවා. මේ තීරණය ගන්න අවුරුදු කීයක් ගියාද?. එමෙන්ම ඉන්දුනීසියාවෙන් කරුංකා පුවක් ගෙන්වා ලංකාවේ ලේබලය යටතේ ප්‍රතිඅපනයනය කරනවා. දේශපාලනඥයන් කරන වැරදි සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න පුළුවන්කමක් තිබුණත් කෘෂිකර්මාන්තයේදී සිදුවන තක්කඩිකම් වෙනුවෙන් පියවරක් ගන්න බැහැ. මේ ජාවාරම් නතර කිරීමට පියවරක් නොගෙන කෘෂිකර්මය නංවන්න බැහැ. ඒ නිසා විනයගරුක පාලනයක් හා ඇත්ත කතා කරන ආණ්ඩුවක අවශ්‍යතාව අද තදින්ම රටට දැනෙනවා. අපේ රට ගෙවිය යුතු වැඩිම ණය මුදල ගෙවන්නේ මේ වසරේදියි. ලැබෙන තොරතුරු අනුව පසුගිය මාසයේදී ගෙවිය යුතුව තිබූ ඇමරිකානු ඩොලර් බිලියන එකක මුදල ගෙවා තිබෙන්නෙත් බොහොම අමාරුවෙන්. ආර්ථික ප්‍රශ්න විසඳා ගන්නා අකාරය පිළිබඳව මුදල් ඇමැතිවරයාවත් උත්තරයක් නොදෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා මෙසේ පැවැසීය. මේ වනවිට මාස් කන්නයේ වී අස්වැන්න නෙළමින් පවතිනවා. නමුත් මහා පරිමාණ වී මෝල් හිමියන් දැනටමත් වී මිල පහළ දමා තිබෙනවා. අම්පාර පැත්තේ දැනටමත් වී කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 28, 29යි. වී කිලෝවක් නිෂ්පාදනය කරන්න ගොවියාට ඊට වඩා මුදලක් වියදම් වෙනවා. ඒ නිසා මෙම මිලට වී කිලෝවක් අලෙවි කිරීම ගොවියාට අපහසුයි. දැනට අපේ රටේ ජනතාවගෙන් සියයට හැත්තෑවක් පමණ ජීවත්වෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. හෙක්ටයාර හත්ලක්‍ෂයක වී වගා කරල මෙට්ටි්‍රක් ටොන් ලක්‍ෂ තිහක වී අස්වැන්නක් ලබා ගන්නවා. ඒ නිසා කෘෂිකර්මාන්තය ආරක්‍ෂා කර ගැනීම රජයේ වගකීමක්. වී මිල පහළ වැටීම වළක්වා ගන්න රජය වහා මැදිහත් විය යුතුයි. එසේ නොවුණහොත් ගොවියා අන්ත අසරණ වෙනවා යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.



අදහස් (8)

මාකඳුරේ මධුෂ් මගේ පුතාගේ විවාහ මංගල්‍යයට සහභාගි වූයේ යැයි කීම විශාල බොරුවක්

Kumar Wednesday, 13 February 2019 05:06 PM

ඔය කියන විවාහ මගුලට මොහු සහභාගි වුනානම් එතන ගත්ත සේරුවක් ඉදිරිපත් කරන්න. එසේ නැතිනම් කාරණය අමතක කරන්න.

:       0       1

Lal Thursday, 14 February 2019 06:52 AM

බයවෙලා වගෙයි නේ..

:       2       111

smn Thursday, 14 February 2019 11:23 AM

'මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ඔවුන් තුන්දෙනාම හොඳට ඉගෙනගෙන උසස් රැකියා කරනවා' ඇහුවමයි. දේශපාලකයන්ගේ දරුවෝ හොඳට ඉගෙන නොගත්තත් උසස් රැකියාවල වැජඹෙන බව නොදන්නා එකෙක් ඉන්නවද? ලෝකෙ නැති ජරා, මගඩි කරකර දේශපාලනේ කරන්නේ වෙන අහවල් එහෙකටද?

:       0       137

LIYANAGE Thursday, 14 February 2019 12:01 PM

සුපර් ලක්ෂරි හෝටලයක කෝටි ගණන් මුදල් වියදම් කිරීමට පාර්ලිමේන්තුවේ ඇමැතිවරයකුගේ පඩියට කළහැකිද?

:       0       113

Nilma Thursday, 14 February 2019 07:07 PM

මට ලමයි තුන් දෙනෙක් ඉන්නවා. හොඳට ඉගෙනගෙන. ඉන් එක්කෙනෙක් දේශපාලන කරනවා. දේශපාලන කරන්න ඉගෙන ගන්න ඕනේ නැහැනේ?

:       0       11

sira Friday, 15 February 2019 09:54 AM

හාල් මොලවල් ජනසතු කරන්න

:       0       1

[email protected] Monday, 18 February 2019 01:57 PM

එතකොට හොටෙල් බිල ගෙව්වේ මදුෂ්ද?

:       0       2

charith Friday, 22 February 2019 10:25 AM

මෙයා ඡන්දවලට කෝටි ගණන් වියදම් කරන්නේ පඩියෙන් වෙන්න ඇති. මෙයාගේයි, මදුෂ්ගෙයි සම්බන්ධය ගැන මාකඳුරේ මිනිස්සු ඕනෑවටත් වඩා හොඳට දන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

සජිත්ගෙන් ඉල්ලීමක්
2024 ජුලි මස 01 435 2

මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ගෙන් රට බේරා ගන්නා ඊළඟ මෙහෙයුමට නායකත්ව


මාතරින් නව දේශපාලන ගමනක් ඇරැඹුවා
2024 ජුනි මස 30 3929 21

අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


‘‘ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන් අවශ්‍ය නෑ‘‘
2024 ජුනි මස 13 423 0

ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බැවින් ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන්ට වැටුප් ගෙවමින් නඩත්තු කිරීමේ කිසිදු ප්‍රය


‘ඡන්දේ කල් දැම්මොත් එජාප යේ අවසානය‘
2024 ජුනි මස 11 1739 24

ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බවත් , එහෙම මෝඩකමක් කලොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය.යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) බදුල්ල


‘‘නව නායකයාට අලුත් දැක්මක් තිබිය යුතුයි‘‘
2024 ජුනි මස 01 1262 7

ඉදිරි ජනාධිපතිවරණයෙන් රටේ නායකත්වයට පත්වෙන ජනාධිපතිවරයාට රටට අවශ්‍ය අලුත් දැක්මක් ලබා දිය නොහැකි නම් ජනතාවගේ අවශ්‍යතා සපුරාලිය නොහැකි වුවහොත් ඔහුට


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 2527 25

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site