(මනෝප්‍රිය ගුණසේකර)
මීගමුව බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එහි හිටපු බන්ධනාගාර අධිකාරීවරයා, ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනාට සැඟවී සිටීමට රැකවරණ සැපයු පුද්ගලයින් කවුරුන්ද? යන්න පිළිබඳ වහාම විමර්ශනය කොට වාර්තා කරන ලෙස නීතීපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට අද (6) උපදෙස් දුන්නේය.
වරෙන්තු නිකුත් කළ කාලසීමාව තුලදී සැකකරුවන්ගේ ජංගම දුරකථන වාර්තා විශ්ලේෂණය කර ඔවුන්ට රැකවරණ සැපයු අය සොයා ගැනීමට පියවර ගන්නා ලෙසද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
මීට කරුණට අමතරව තවත් කරුණු හතරක් පිළිබඳවද විමර්ශන කර වාර්තා කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පත්වරයාට උපදෙස් දුන් බවද නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
මීගමු බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කටයුතු කළ අනුරුද්ධ සම්පායෝ, එහි ප්‍රධාන ජේලර්වරයා වශයෙන් කටයුතු කරන උපාලි සරත් බණ්ඩාර, වැඩබලන ජේලර් නිශාන්ත සේනාරත්න සහ දෙවැනි පෙළ ජේලර් ප්‍රසාද් කාලිංග කළුඅග්ගල නමැති නිලධාරීන් සිව්දෙනාට අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් නිකුත් කළ වරෙන්තු වහාම ක්‍රියාත්මක නොකිරීමට හේතූ ඉදිරිපත් කරන ලෙස වැබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති නීතීපතිවරයා මීගමුව බන්ධනාගාර අධිකාරීවරයා අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගත්තාද? නැත්නම් ඔහු පොලිසියට බාරවුණාද? යන්න පිළිබඳව වාර්තා කරන ලෙසද උපදෙස් දී ඇත.
මීගමුව බන්ධනාගාරයේ තිබී සොයා ගත් තහනම් භාණ්ඩ අතර තිබු සංවේදී ඉලෙක්ට්‍රොනික් තරාදිය භාවිතා කරමින් බන්ධනාගාර නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇද්ද? මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ආධාර අනුබල දී ඇද්ද? යන්න පිළිබඳ විමර්ශනය කොට වාර්තා කරන ලෙස වැඩ බලන පොලිස්පත්වරයාට උපදෙස් දී ඇති නීතීපතිවරයා සැකකාර නිලධාරීන්ගේ අනාවරණය වන වත්කම් අනුව ඔවුන් මුදල් විශූද්ධීකරණ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇද්ද? යන්න පිළිබඳව වාර්තා කරන ලෙසද වැඩිදුරටත් උපදෙස් දී ඇත.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මීගමුවේ ජේලර්ලාට සැඟවෙන්න උදව් කළ අය සොයයි
kamal Thursday, 06 August 2020 10:18 AM
රවීව අත්අඩංගුවට ගන්න කියනකොට සැඟවිලා හිටියේ නැතිව ඇති...
සෙනෙවිරත්න Thursday, 06 August 2020 12:37 PM
අයියෝ මේවා මේ විදියට සිද්ධවුණා නම් අහිංසක මිනිස්සුන්ට කාගේ පිහිටක්ද? මොකක්ද මේ කතා කරන මහලොකු සිංහල ජාතිය, 2500ක ඉතිහාස පුරාජේරුව..
විජිත් Thursday, 06 August 2020 02:15 PM
ඔය නෂ්ටයෝ බ්‍රෂ්ටයෝ ඔක්කොම හංගගෙන හිටියේ ජොනී. පුලුවන්නම් ගිහින් ජොනියාව අල්ලගන්න බලන්න. ජොනියාව දැක්ක ගමන් පොලිසියේ ලොකුම රාළහාමිත් වෙව්ලනවා. හැබැයි අහිංසකයෙක් බිම වැටිලා තියෙන පොල්ගෙඩියක් අහුලගත්තොත් ඒකාව පොලිසියට අරගෙන ගිහින් ඒකාට නෙලන්න ලොකු රාලහාමි හරි දක්ෂයා.
Bamunuarachchi Friday, 07 August 2020 02:04 AM
සොය සොයා යන්න දෙයක් නැහැ... පොලිසියට බාරදීලා දෙකක් ඇන්න ගමන් කියාවි කවුද උදව් කළේ, කොහේද හැංගිලා හිටියේ කියලා...?