IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මංගලගෙන් කොරෝනා ගැන අනතුරු ඇඟවීමක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝග ව්‍යාප්තිය මේ ආකාරයටම ඉදිරියට ගියහොත් ලබන සැප්තැම්බරය වන විට කොරෝනා මරණ 20,000 කට වැඩි ප්‍රමාණය බලාපොරොත්තු විය හැකි යයි ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්ව විද්‍යාලය සඳහන් කර තිබෙන බව, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

වොෂින්ටන් විශ්ව විද්‍යාලය අවධාරණය කරන  කරුණ ගැන මෙරට බලධාරීන් වහාම අවධානය යොමු කළ යුතු අතර වසංගතය පාලනය කිරීම සඳහා පැහැදිළි විසඳුම නොදුන්නොත් ශ්‍රී ලංකාවට මාරාන්තික තත්ත්වයට මුහුණ පෑමට සිදුවනු ඇතැයිද මංගල සමරවීර මහතා සඳහන් කරයි.

වොෂින්ටන් විශ්ව විද්‍යාලය නිකුත් කර ඇති කොරෝනා සම්බන්ධ වාර්තාව ගැන මෙන්ම ශ්‍රී ලංකාවෙි වත්මන් කොරෝනා තත්වයන් පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් මංගල සමරවීර මහතා මෙසේද පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්ව විද්‍යාලය විසින් කොරෝනා වර්තමාන ගෝලීය තත්ත්වය ගැන ඉතා ගැඹුරින් සොයා බලා වාර්තාවක් නිකුත් කර ඇත.

කොරෝනා වසංගතය නිසා ලෝකයේ සෑම රටක්ම මුහුණ පා ඇති තත්ත්වයන් එම වාර්තාවෙන් සොයා බලා ඇති අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද එම වාර්තාව සඳහන් කර තිබෙන කරුණු ගැන රජය සහ බලධාරීන් වහාම අවධානය යොමු කළ යුතුය.

වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ අදාළ වාර්තාවෙන් කාරණා විශාල ප්‍රමාණයක් ගැන අවධානය යොමුකර ඇතත් ඔවුන් පෙන්වා දෙන වැදගත්ම කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ කොරෝනා රෝග ව්‍යාප්තිය මේ ආකාරයටම ඉදිරියට ගියහොත් ලබන සැප්තැම්බරය වන විට හෙවත් තවත් මාස හතරකින් කොරෝනා මරණ සංඛ්‍යාව 20,000 කට වැඩි ප්‍රමාණයක් බලාපොරොත්තු විය හැකි බවයි.

එවැනි තත්ත්වයකට මුහුණ දීමට රටට කිසිම සූදානමක් නැති බව මේ වන විට පැහැදිලි වන අතර එවැනි මාරාන්තික තත්ත්වයක් නිර්මාණය වීම නතර කිරීම සඳහා රජය තවමත් ප්‍රමාද නැති බව මගේ විශ්වාසයයි.

 



අදහස් (16)

මංගලගෙන් කොරෝනා ගැන අනතුරු ඇඟවීමක්

siri Sunday, 09 May 2021 01:10 PM

මේ මහත්තයා රනිල් වික්‍රමසිංහ එක්ක එකතුවෙලා " පට්ට ගේමක්" දෙන්න යනවා කියන කතාව ඇත්තක්ද?

:       0       0

වීරවිජේ Sunday, 09 May 2021 01:22 PM

කොහොම හරි දවසට මරණ 275 පන්නගත්තොත් මංගල සර්ටයි අනිත් ‌‌රිජෙක්ට් වුන සෙට් ඒකටයි ඊලග ඡන්දෙට ඒගන්න පුලුවන් ලැජ්ජාවක් නැතුවම. (නොදකිං)

:       55       155

පොඩි මල්ලි Sunday, 09 May 2021 02:59 PM

ඔන්න ඇවිල්ල... ඇමරිකාවට කේලාම් කියන බුද්ධිමතා... හලෝ ඇමරිකාව කියන්න ඕන නෑ... ඕක බැලුවම ඕන මිනිහෙක්ට පේනවා යන විදිය හොඳ නෑ කියලා.. එකට මේ වොෂින්ටන් ඕන නෑ.. අපේ දොස්තරලා උනත් කියලා තියනවා.. එතකොට ඉන්දියාවට ඔහොම වෙයි කියලා... මොකද ඇමරිකාවට කියන්න බැරි උනේ...?

:       70       132

Don perera Sunday, 09 May 2021 03:40 PM

මෙ මනුස්සයා කියන දේ තේරුම් ගන්න.

:       118       66

SenakaSunday, 09 May 2021 04:01 PM

වලව්වෙ දංකුඩ කන 69 ලක්ෂෙ එක්කෙනෙක් වගේ..

:       72       58

pulinda Sunday, 09 May 2021 03:21 PM

අනේ මංගල මහත්තයෝ, සියලු වෛද්‍ය සංගම් එකතු වෙලා කියනදේ අපේ පාලකයෝ අහන්නැති කොට ඔයා කියනදේ අහයිද?. පාර්ලිමේන්තුවේ මහින්ද අමරවීර ඇමතිතුමා කීව නේද විපක්ෂයට කට වහගෙන ඉන්න කියල. ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ආර්ථික සංවර්ධනය කියල ඔහේ දන්නේ නැද්ද?

:       26       84

chandima Sunday, 09 May 2021 03:29 PM

මෙයාද අලුතින් පත්වෙලා ඉන්න වොෂිංටන් විශ්ව විද්‍යාලයේ පණිවිඩ කාරයා. අපරටෙ උගත්තුත් පහුගිය දවස්වල පණ යනකම් කිව්වා... කොහේද මෙයා බලන්නේ රට පත්තර විතරයිනේ....

:       62       120

අමරසිරි - කළුතර Sunday, 09 May 2021 10:17 PM

ඒක සාමාන්‍ය දෙයක්.මේ විදිහට ගියොත් දවසකට 200 විතර මැරෙන්න ගත්තොත් ඔය දෙස්පාලුවන්ව පන්නලා දමන්න රටෙ මිනිස්සු පාරට බසින දවස වැඩි ඈත නොවෙයි.

:       0       0

KasunMonday, 10 May 2021 01:26 AM

ඔය පුරෝකතන ගැන ලංකාවේ විද්වතුන් පෙන්වා දුන්නේ මීට දවස් 5කට විතර කලින්. මේ ගැන වාර්ථා කොච්චර පල වුනාද. මේ දේශපාලුවා මේක දැකල තියෙන්නේ දැන්.

:       0       0

සෙනෙවිරත්න Sunday, 09 May 2021 06:49 PM

මංගලට බැන්නම හරි, ඔන්න මොලේ

:       0       0

මුණසිංහ Monday, 10 May 2021 12:34 AM

මෙයාට ඇමරිකාව කිවුවොත් දෙයක් ඉන් එහාට දෙයක් නැහැ. මෙහෙමත් ඇමරිකන් ගැත්තෙක්!

:       0       0

Raveendra Monday, 10 May 2021 01:02 AM

ඔන්න මමත් මුකුත් කිව්වා හොදේ.....වෙන කව්රු හරි කිව්වා දෙයක් උනත් දැන් මමනේ කිව්වේ.....

:       0       0

Deepal Nirosh Monday, 10 May 2021 04:22 AM

අනේ මේ මහතැන්ට අමෙරිකානු ෙ බ්‍රිතාන්‍ය වාර්තා උපුටා දැක්වීමට වඩා වෙන වැඩක් නැද්ද?

:       0       0

athula Monday, 10 May 2021 05:10 AM

ආයෙත් ඇවිත්

:       0       0

Rata Perata Monday, 10 May 2021 06:28 AM

මෙන්න අපේ රටෙ මිනිස්සු.. දැන්වත් පණිවිඩකරුවාට වැඩිය පණිවිඩ දෙසට අවදානය යොමුකරන්න. සර්ගේ පස්සෙන් ගිහිල්ලා. මංගලට බැණ බැණ ඉදලා අපිට අපිට හරියන්නේ නැහැ.ඒක නිසා මොකක් හරි කමක් නෑ කියන කරන දේවල් වල සත්‍ය, අසත්‍යතාවය තේරුම්ගන්න උත්සාහ කරන්න...

:       0       2

fairoos Monday, 10 May 2021 06:57 AM

කවුරුහරි හොද දෙයක් කිව්වොත් ඒක පිළිගනනත් අපි සූදානම් නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 94 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 73 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 119 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 412 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 612 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 710 3

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 772 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site