IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක්

(යොහාන් භාසුර)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රට පුරා තිබෙන කාර්යාල වලින් සේවා ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් සහ වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.

එම ස්වයංක්‍රීය දුරකථන පද්ධතියෙන් හෝ https://dmtappoinments.dmt.gov.lk යන වෙබ් අඩවියට පිවිසී දිනයක් සහ වෙලාවක් ඕනෑම වේලාවක වෙන්කර ගත හැකි බවත් දිනයක් වේලාවක් වෙන් කර ගැනීමකින් තොරව සේවාවන් ලබාගත නොහැකි බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසීය.

එම දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට සහ වේරහැර කාර්යාල වලින් සේවා ලබා ගැනීම සඳහා දිනය සහ වේලාව වෙන් කර ගැනීමට සඳහා ලබා දී තිබූ ලබාදී  0112677877 දුරකථන අංකය සහ 2021  ක්ෂණික දුරකථන අංකය භාවිතා නොවන බවත් සුමිත් අලහකෝන් මහතා වැඩිදුරටත් කීය.



අදහස් (4)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක්

Durga Saturday, 30 October 2021 03:35 PM

මේක කවුරුත් දන්නා හොරම හොර ගුහාවක්. ඇතුලට යන්න අවසර දුන්නට පාරේ ඕනේතරම් කාක්කන් ඉන්නවා. ඔවුන්ට සල්ලි දෙන්න විතරයි ඕනේ... ඕනේ හොර වැඩක් දෙනවා. ජනාධිපතිත් ගිහිල්ලා හදන්න බැරි වුණු තැනක් නේ..

:       0       7

RaveendraSunday, 31 October 2021 01:41 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මෙම ආයතනයේ 99.9999% ඉන්නේ පට්ට හොරුන්ය (අවංක නිලධාරින් එහි නැතුවාම නොව එවන් මිනිසුන් ඉතාමත්ම අතලොස්සක් එහි සේවය කරන බව කිව යුතුමය.). "දවස පටන්ගන්නේ" ආත්ම ගණනකට පව් පුරවා ගනිමින්ය.

:       0       1

de silva Saturday, 30 October 2021 07:07 PM

මේක හොර ගුහාවක් . නමුත් පැහැදිලිවම කියනන ඔනි.ජනපති ගිය ඒක තාම සාර්තක වුනේ නැ .

:       0       1

jayath Sunday, 31 October 2021 07:50 AM

මේ වගේ කාලකන්නි ආයතනයක් මේ ලෝකෙම නැතුව ඇති... මහා එකාගේ ඉඳන් යටට යනකම්ම වැඩි හරියක් ඉන්නේ හොරු, පගාකාරයෝ.... ඔය වේරහැර පැත්තේ ඉන්න ලර්නර්ස් කෙනෙක් අල්ලා ගත්තම ඕන දෙයක් ලෙහෙසියට පහසුවට කරගන්න පුළුවන්.... ජනාධිපතිතුමා ගිහිනුත් හදන්න බැරිවූ එක ගැන නම් කියන්න තියෙන්නේ දුක හිතෙන කතාවක්... එ්ක තනිකරම එතුමාගේ අනිත් හැම එකක්ම වගේ "සංදර්ශනයක් "... කොරපු කෙන්ගෙඩියක් නැහැ නොවැ.. !! මේක නම් පේන විදියට කුහක නොවී කියනවා නම් මාර්ගගත වාහන බලපත්‍ර දෙන ක්‍රමය වගේ, හොඳ වැඩක් වගේ බලමු නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 3 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 121 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 207 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 147 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 263 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 124 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site