(කේ බුද්ධික කුමාරසිරි)
“මාව ඉතාම වැරදි චෝදනා යටතේ නිරපරාදේ සිරගත කරලා තියෙනවා. ඒක නිවරැදි කරන්නේ කවුද? නිවරැදි කරන්නේ කොහේදී ද? දැන් ඒක ගැන කියන්න තියෙන්නේ දෙවියන්ට පමණයි. කරුණාකරලා ඒක නිවරැදි කරන්න කටයුතු කරන්නැයි ඉල්ලා සිටිනවා” යැයි සිරගතව සිටින බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (26) හෝමාගම අධිකරණ භූමියේ දී පැවසූහ.
ඉකුත් 2012 වර්ෂයේ දිනක දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේදී එහි රාජකාරී කළ පොලිස් නිලධාරීන්ට හා අධිවේගී මාර්ග සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සඳහා පෙනී සිට නැවත බන්ධනාගාරයට යාම සඳහා බන්ධනාගාර බස් රථයට ගොඩ වන අවස්ථාවේදී උන්වහන්සේ මෙලෙස පැවසුහ.
(356)
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මට වුණ වැරැද්ද නිවැරදි කරන්නේ කවුද’යි ඥානසාර හිමියෝ අසති
Achini Monday, 26 November 2018 09:17 AM
නඩු ගොඩායි නේද?
premMonday, 26 November 2018 11:15 AM
ඔයා අබෞද්ධයෙක්ද?
Anton austriaMonday, 26 November 2018 02:15 PM
අබෞද්ධයෙක්ද, බෞද්ධයෙක්ද නෙමේ... වැදගත් දේ, වැරැදි දේ වැරදි විදිහටත් හරි දේ හරිවිදිහටත් දැකීමත්ය.
BamunuarachchiTuesday, 27 November 2018 03:04 AM
Anton austria, මහත්මයෝ වැරදිදේ වැරදි විදිහට දැක්කොත් තවත් වැරදී නේද? අපි වැරදි දේ වැරදී කියා දකිමු නේද? මේ හාමුදුරුවෝ අබෞද්ධයෙක් කියන්නේ ඇයි? දන්නා කෙනෙක් පහදා දෙන්න.
dias Monday, 26 November 2018 10:33 AM
නඩු කැතයි නේද.?
varuna Monday, 26 November 2018 11:11 AM
ඒ කියන්නේ මෙයා එතන නිලධාරීන්ටත් රාජකාරියට බාධා කරලා නඩුත් දාගෙන... කිසිම හික්මීමක් නැති කෙනෙක්. නඩු කීයක්ද? ඉස්සර බීලා වාහන එලවලා, පස්සේ උසාවියට අපහාස කළා කියලා. අනේ මන්දන්නේ නැහැ මේ හැසිරීම් භික්ෂූත්වයට සුදුසුද? කියලා.
Udaya Monday, 26 November 2018 11:20 AM
ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව නම් හිරේට යාම නිවැරැදියි. චෝදනා ඉතාම වැරැදි කියනවා නම් පවතින නීතිය සංශෝධනය විය යුතුයි. හැබැයි ඒ සඳහා පිළිගතයුතු ක්‍රමවේදයක් තියනවා. එමගින් සමාජ අසාධාරණ ක්‍රියාවන් සාධාරණීකරණය වන්නේ නම් නැත.
පෙරුමාල් Monday, 26 November 2018 11:22 AM
ඉතින් නිවැරැදි කරන්නනේ උසාවිය තියෙන්නේ, නඩුකාරයින් ඉන්නේ...
Nana Sara Monday, 26 November 2018 11:48 AM
නඩු පිට නඩු තමයි...
Amila Monday, 26 November 2018 12:57 PM
උසාවියේ නැගිටලා පාරේ වගේ චන්ඩි කතා කියපු එකට තමයි ඔබවහන්සේට ඔය දඬුවමට ලක්වුණේ. ඔහොම හැමෝම විනයක් නැතුව නැගිටලා කතා කරන්න පටන් ගත්තොත් කොහොම වෙයිද? මුලින්ම නීතිය ඉගෙන ගන්න. නීතිය නොදන්නකමත් වරදක්... මේ ඔක්කොම ඔබ වහන්සේගේ වරදින් වුණු දේවල් මිසක් වෙන අය පළි නෑ. ගරු අධිකරණයට මෙහෙම යළිත් අපහාස කරන්න එපා නොදන්න ඒවා අායෙත් කියවලා....
Buddika Monday, 26 November 2018 02:09 PM
මහින්දගේ ආණ්ඩුව කාලෙනේ ඔබ වහන්සේ මෙහෙම කළේ..? ආණ්ඩු මාරුවෙලා නීතිය ඉටුවන බව අමතක වුණා නේද? කට අරින්න කලින් මොලේ පාවිච්චි කළා නම් හරිනේ. උසාවිය වෙලාවේදී උසාවියට අපහාස කිරීම වරදක් නෙවෙයිද? හාමුදුරුවනේ කෝපය, වෛරය, අසංවරකම බෞද්ධ හිමිනමකට නුසුදුසු බව දන්නවා.
Nuwan Monday, 26 November 2018 03:34 PM
දෙවියොම බලාගනී.... බයවෙන්න එපා
Don Monday, 26 November 2018 03:36 PM
මෙයා එළියේ හිටියා නම් අර පාර්ලිමේන්තුවේ පෝරිසාදයන්ට එකතුවෙනවා....
පතිරණ Wednesday, 28 November 2018 04:26 AM
මෙයාව කරලියට ගෙනාවේ එක්තරා දේශපාලන පවුලක් විසින් ජාතිවාදය ඇවිස්සීමේ කොන්ත්‍රාත්තුව කිරීම සඳහායි.