IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මඩකලපුව සරසවිය හිස්බුල්ලාට දෙනවාට අංශු මාරසිංහගේ විරෝධය

 

(නිමල කොඩිතුවක්කු)

මඩකලපුව විශ්ව විද්‍යාලය යළිත් හිස්බුල්ලාට ලබාදීමට  යම්කිසි බලවේගයක් උත්සාහ කරන්නේ නම්  කොන්දේසි විරහිතව එයට දැඩි විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අංශු මාරසිංහ මහතා පැවසීය.

මඩකපුව විශ්ව විද්‍යාලය පිළිබඳ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ ව්‍යවහාරික විගණනයක් සිදු කළ යුතු බවත් මන්ත‍්‍රීවරයා  සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ  අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අංශු මාරසිංහ  මහතා මෙසේ ද කීය.

 ‘‘අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක  සභාවේ සභාපතිවරයා විදියට අපි පාර්ලිමේන්තුවට පසුගිය 21 වැනිදා මඩකලපුව විශ්ව විද්‍යාලය පිළිබඳ අපේ වාර්තාව ඉදිරිපත් කළා.

මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ අපි කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා මේ සම්බන්ධයෙන් අපිට විවාදයක් අවශ්‍යයි  කියලා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ දී ඒ විවාදය ගැන සාකච්ඡාව ඇති වෙයි කියලා.

ඒ වගේම ආංශික අධීක්ෂණ කාරක සභා සම්ප‍්‍රදායට අනුව එම වාර්තාව කැබිනට් මණ්ඩලයට යොමු වෙනවා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් හතරකගේ මූලිකත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත්කර ඇති බව අපි දැනගත්තා. සති දෙකක් තුළ ඒ පිළිබඳ තීරණයක් ලැබීමට නියමිතව තිබෙනවා.

මේ වාර්තාව සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ විවිධ කතා පැතිරෙමින් යනවා. මේ වාර්තාවේ කාරණා 15 ක් පැහැදිලිව තියෙනවා. මේ වාර්තාවේ අඩංගු කාරණාවලට  අදාළව වෝහාරික විගණනයක් සිදු කරන ලෙසට අපි ඉල්ලා සිටිනවා. මේ වෙලා තියෙන වැරදි සියල්ලක්ම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කළ යුතුයි.

අපි පැහැදිලිවම කියනවා මේ  මඩකලපුව විශ්ව විද්‍යාලය මගින් රටේ නීති උල්ලංඝණය කරලා තියෙනවා. උදාහරණයක් විදියට මේ විශ්ව විද්‍යාලය ඉදිකිරිමට මහවැලි අධිකාරියෙන් අක්කර 35ක් ලබාදී තියෙනවා. ඒ අක්කර 35 ට පරිබාහිරව අක්කර 8 ක් බලෙන් අල්ලගෙන ගොඩනැගිලි ඉදිකරලා තියෙනවා.

මේ රටේ අල්ලපු වත්තකින් පොල් ගෙඩියක්  කැඩුවොත් මොකක්ද වෙන්නේ කියලා අපි දන්නවා.  එහෙමනම්  ආණ්ඩුකාරවරයකුට රජයේ අක්කර  8ක්  බලෙන් අල්ලගෙන ගොඩනැගිලි හදන්න අවස්ථාවක් තියෙනවාද. ඒ නිසා තමයි අපි කියන්නේ මේක නීතිවිරෝධීයි කියලා.

රජයේ නිලධාරින් සාක්ෂිකාරයන් ලෙස කැඳවලා හදපු වාර්තාවක්  මේක. එහෙනම් රජයේ නිලධාරීන් වැරදිකාරයෝ වෙන්න  ඕනෑ. යම්කිසි බලවේගයක් උත්සාහ කරනවා නම්  නැවත මේක හිස්බුල්ලාට ලබා දෙන්න අපි එයට දැඩිව විරුද්ධ වෙනවා. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා.

මුස්ලිම් ජනතාවට විරුද්ධව යන ප‍්‍රශ්නයක් නෙමෙයි මේක.  සමහර දේශපාලඥයන් දැන් එහෙම අර්ථ දක්වන්නත් හදනවා. මෙතන තියෙන්නේ රටේ තියෙන නීති වලට පරිබාහිරව බලහත්කාරයෙන්  දේශපාලඥයෙක් කරපු වැරදි ක‍්‍රියාවලියක්.

ආංශික අධීක්ෂණ කාරක  සභා නිර්පාක්ෂිකයි. මම එතනදී  ඉන්නේ  එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරයෙක් විදියට නෙමෙයි. අපි ආණ්ඩු පක්ෂ  විපක්ෂයේ සියලූ මන්ත‍්‍රීවරුන් එකමුතුවෙන් එකඟතාවයෙන් තමයි මේ වාර්තාව සකස් කරලා තියෙන්නේ’’ යැයි ද මන්ත‍්‍රීවරයා එහිදී සඳහන් කළේය.



අදහස් (8)

මඩකලපුව සරසවිය හිස්බුල්ලාට දෙනවාට අංශු මාරසිංහගේ විරෝධය

sharm warn Friday, 19 July 2019 10:57 AM

අපිට ඔබ ගැන දුකයි . ඔබ මේ ප්‍රශ්නෙදි ගොඩක් උත්සහ කරනවා මේ ප්‍රශ්නේ ට නිවැරදි විසදුමක් දෙන්න . නමුත් ඔබට පෙනෙනවද ඔබේ සහෝදර දේශපාලඥයන් යයි කියා ගන්න අමන රල මොනවද කරන්නේ කියලා ? බලයට ඇති මල පෙරේත කම නිසා රට ට කරන අපරාධය ඔබට පෙනෙනවද ?? සාමාන්‍ය ජනතාව ඔබේ සගයන් ගැන කොහොම පැහැදීමකින් ඉන්නවද කියලා ඔවුන්ට කියන්න ..

:       0       311

de silva Friday, 19 July 2019 11:05 AM

ඕක ඔහොම තිබුනොත් ලබන ඡන්දෙන් පස්සේ බලයට එන මොකක හරි පක්ෂයක් එක්ක සන්ධානගතවෙලා ඕක නැවත අරගන්නවා , කරන්න තිබෙන හොඳම දෙය ඕක අනවසර ඉදිකිරීමක් නම් , අර වෙරළේ ඉදිකරපු අනවසර ඉදිකිරීම් ඩෝසර් කරනවා වගේ ඕකත් ඩෝසර් කරලා දමන්න , එතකොට ඔය ප්‍රශ්නය දවස්කිහිපයකින් ඉවරවෙනවා නැත්නම් ඔය ගැන පාර්ලිමේන්තුවේ දින ගන්න වැඩ විවාද කර කර ඉඳල බොරුවට අපේ බදු මුදල් විනාශ වෙලා අන්තිමට හිස්බුල්ල ඕක ගනීවි...... මොවුන්ට ලංකාවේ විශේෂ නීති , විශේෂ අධිකරණ අවශ්‍ය නැත . සියල්ලන්ටම එක නීතියක් ගෙන එන්න . සවුදියේ , පාකිස්තානේ , ඇමරිකාවේ , ජපානේ තිබෙනවද? මේ විකාර ඔක්කොම තිබෙන්නේ ලංකාවේ .

:       0       21

Bamunuarachchi Friday, 19 July 2019 11:19 AM

තවටික දවසකින් අපිට බලාගන්න පුළුවන් මේ පාදඩ දේශපාලුවන් කව්ද කියලා...

:       1       131

Hafeel Friday, 19 July 2019 12:00 PM

ඔබ සඳහන් කළා වගේ මුස්ලිම් ජනතාවට විරුද්ධව යන ප‍්‍රශ්නයක් නෙමෙයි මේක. එකක් පැහැදිලි මේ ප්‍රධාන පක්ෂවල් නියෝජන කරන ආණ්ඩු මේ සම්බන්ධව කිසිම පියවරක් ගන්නේ නැහැ. කොහොමටත් ඔබට මේ පක්ෂය සුදුසු නැත. බලන්න ඔබ නියෝජනය කරන වර්තමාන කාරක සභාවේ, අර චෝදනා එල්ල වූ රවී කරුණානායක එක්ක කොහොමද ඉඳගන්නේ?

:       0       164

hasan Friday, 19 July 2019 03:24 PM

මේක මුස්ලිම් විරෝධී නිසානේ ඔය ඔච්චර දඟලන්නේ... මේක පුද්ගලික සමාගමක් ඔහුගේ ණයෙන් ඔහු ඉඩම් අරන් කරන දෙයක් ඔහුගේ බිස්නස් වුණත් ඕකෙන් ලංකාවටත් ප්‍රයෝජන තියනවා. පුද්ගලික සමාගම ඔහොම ගන්න ගියානම් ආණ්ඩුවට බලෙන් ලංකාවේ තත්වය මොකද්ද? මේ වගේ අනිත් ඒවාට ඇඟිලි ගහන්නේ නැත්තේ ඇයි?

:       17       0

BamunuarachchiSaturday, 20 July 2019 01:32 PM

ඔව් අපි මුස්ලිම් විරෝධියි.

:       0       0

BamunuarachchiSaturday, 20 July 2019 05:21 PM

එක මොකාටවත් නවත්වන්න බැහැ.

:       0       0

de silva Friday, 19 July 2019 09:43 PM

හසාන් පුද්ගලික සමාගමක් ලියාපදිංචි කලා කියලා එහෙම එක එක්කෙනාට ඕනේ ඕනේ විදිහට වැඩකරන්න බැහැ, සමාගමට මුල්‍ය ප්‍රතිපාදන ලැබුනේ කොහොමද? මේකෙන් කරන්න යන වැඩේ මොකක්ද යන වග පැහැදිලි වෙන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 105 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 156 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 104 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 159 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 180 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 449 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site