IMG-LOGO

2024 දෙසැම්බර් මස 30 වන සඳුදා


මඩකලපු දේවස්ථානයේ මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු 22ක් ඥාතීන්ට භාරදෙයි

(වසන්ත චන්ද්‍රපාල)
 
මඩකලපුව සියොන් දේවාස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 22 දෙදෙනෙකුගේ මළ සිරුරු හඳුනා ගැනීමෙන් පසු ඥාතීන්ට භාරදුන් බව මඩකලපුව මහා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කේ ගනේෂලිංගම් මහත්මිය පැවසුවාය.
 
මෙම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු 25 ක් හඳුනා ගෙන තිබේ. 
 
තවත් පුද්ගලයෙකුගේ හිසක් සහ පාද හතරක් සහ කඳ කොටසක් මෘත ශරීරගාරයේ ඇති අතර එය තිදෙනෙකුගේ ශරීර කොටසක් විය හැකි බවට අනුමාන කරන අතර අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ පරීක්ෂණවලින් පසුව එය තහවුරු කර ගන්නා බව ද ඇය පැවසුවාය.
 
මෙයට අමතරව මෙම බොම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ 56 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් දැඩි සත්කාර ඒකකයේ හත්දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද සඳහන් කළාය.
 
ඊයේ  සවස වෙන විට මියගිය 25 දෙනෙකුගේ  අවසන් කටයුතු කිරීමට සැලසුම් කර තිබෙන බවද ඉතිරි අයගේ සිරුරු හෙට දවස තුළ භුමිදානය කිරීමට සැලසුම් කර ඇති අතර එම සියලු කටයුතු රජයේ වියදමින් සිදුකරන බවද මඩකලපුව දිසාපති එම්. උදයකුමාර මහතා පැවසීය. 
 
මේ අතර මරාගෙන මැරෙන බොම්බකරුගේ හිසද හමුවී තිබේ. ඔහු එම ස්ථානයට පැමිණෙන සී.සී.ටී.වී දර්ශනද ලැබී ඇති අතර එම තොරතුරු ඔස්සේ පරීක්ෂණ පවත්වන බව මඩකලපුව පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

මඩකලපු දේවස්ථානයේ මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු 22ක් ඥාතීන්ට භාරදෙයි

ඔබේ අදහස් එවන්න

දියත

කුඩා ළමුන් වෙළඳ ප්‍රචාරණයට ගැනීම තහනම් කර ගැසට්ටුවක්
2024 දෙසැම්බර් මස 30 121 0

අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්
2024 දෙසැම්බර් මස 30 173 0

රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක්


මීගොඩ - පනාගොඩ වෙඩි තැබීමට 2ක් සැකපිට
2024 දෙසැම්බර් මස 30 188 0

මීගොඩ සහ පනාගොඩ ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු අද (30) අත්අඩංගු


දේශිය ටින් මාළු නියම මිලට අළෙවි කළ යුතුයි
2024 දෙසැම්බර් මස 30 296 0

ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර වෙළඳපොළට යොමු කළ දේශීය ටින් මාළු වර්තමාන උපරිම සිල්ලට මිලට අළෙවි කළ යුතු බවත් ආනයනික ටින් මාළු පැරණි මි


මලිමා මන්ත්‍රීවරුන් දෙදෙනකුට මැර ප්‍රහාරයක්
2024 දෙසැම්බර් මස 30 2376 0

බිංගිරිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් නිරීක්‍ෂණයට ගිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඒ අවට රැස්ව සිටි පිරිසක් පහරදී කලාකාරී ලෙ


බන්ධනාගාරයේ මගඩි වැඩ කරන නිලධාරීන්ට දැඩි දඩුවම්
2024 දෙසැම්බර් මස 30 695 0

බන්ධනාගාර වල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 263 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 163 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 136 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site