IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


“මුඩීස්’’ අසමත් යැයි කබ්රාල් කියයි

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවේ වැඩිදියුණු වන ආර්ථික තත්ත්වයන් සහ ආයෝජක හැඟීම් හඳුනා ගැනීමට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය නැවත වරක් අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටී.

ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බවට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය නිකුත් කළ වාර්තා පිළිබද හෙළා දකිමින් මහ බැංකු අධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මේ බව කියා සිටී.

මූඩීස් ආයතනය , ශ්‍රී ලංකාවේ වැඩිදියුණු වන ආර්ථික තත්ත්වයන් සහ ආයෝජක හැඟීම් හඳුනා ගැනීමට නැවත වරක් අසමත් වී ඇති බවත් ,  විදේශ විනිමය ගලා ඒම ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව  විසින් ගත් තීරණාත්මක උත්සාහයන් අතාර්කිකව නොසලකා හැර ඇතැයි ද මහබැංකු අධිපතිවරයා පෙන්වා දේ.

මුඩීස් ආයනය මෙම තක්සේරුවට පැමිණ ඇත්තේ වැරදි වේලාවක බවත් , ශ්‍රී ලංකා රජය අයවැය ඉදිරිපත් කිරීමට සැරසි ඇති මොහොතක රටේ ආර්ථික හැකියාව අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් පත්කර ඇති මෙම වාර්තාව පිළිබඳ කනගාටු වන බව ද මහ බැංකු අධිපතිවරයා සිය ට්විට්ර් සටහනේ සදහන් කර ඇත.

ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බවට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේය.



අදහස් (16)

“මුඩීස්’’ අසමත් යැයි කබ්රාල් කියයි

Sunil Friday, 29 October 2021 01:11 PM

මදැයි... මහ බැංකුව බාරදුන්නු කෙනා. ඔහුයි අසමත්... පුදනකොටම කාපි යකා...

:       3       60

Royfedricks Friday, 29 October 2021 01:50 PM

ඔය වගේ ගොන් කතා ඉස්සර කිව්වේ මර්වින් සිල්වා...

:       2       67

Chamara Friday, 29 October 2021 02:07 PM

පිස්සෝ හැමවිටම හිතන්නේ අනිත් අයට පිස්සු කියලා.

:       0       47

දොලේවත්ත Friday, 29 October 2021 02:23 PM

කඩා වැටෙන ආර්ථිකයක් සහිත ග්‍රීසියේ බැඳුම්කර ආයෝජනයක් කරපු කෙනා කවුද ආයුබෝවන්?

:       2       49

Bandara Friday, 29 October 2021 02:28 PM

අපිත් එක්ක ගණුදෙනු කරන ජාත්‍යන්තර ආයතන මූඩීස් ආයතනයට වඩා කබ්රාල්ව පිළි ගන්නවානේ...!!! මේ මනුස්සයා ඇවිල්ලාත් පුදුම උද්දච්චකමක් තියෙන, තමන් තරම් දන්න කෙනෙක් තවත් නෑ කියලා හිතන් ඉන්න රට පණ්ඩිතයෙක්. මෝඩ, ඔලමොට්ටල, තකතීරු වැඩකරලා පස්ස බිම ඇණුනාම හැමදාම කලේ සිහිවිකල් වෙන්න බී ගත්ත මිනිස්සු දානවා වගේ බොරු චණ්ඩි පාට්. එහෙන් චීනය අපේ මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කළා. චීනය කෙලින්ම කලේ, උඹලාව අයිති අපිට, ඒක අමතක කරලා නිකන් චණ්ඩි පාට් දාන්න හදන්න එපා වගේ අනතුරු ඇඟවීමක්...

:       2       48

Hafeel Friday, 29 October 2021 02:38 PM

එ්ක තමයි අපිටත් මේක විශ්වාස කළ නොහැකි... මොකද්ද රනිල්, කබ්රාල්, පී.බී ජයසුන්දර, කබ්රාල් සහ ආසියාවේ හොඳම මුදල් ඇමති රවී කරුණානායකලා වගේ ආර්ථික ඔස්තාර්ලා ඉන්න මේ රටේ ඔහොම වෙන්න බැහැ...

:       2       29

sachith Friday, 29 October 2021 02:46 PM

“මුඩීස්’’ ඕනෑ නෑ.. ඔබතුමා හදන්න බයිඩීස් කියලා... දර්ශකයක්. එතකොට හරිනේ.

:       0       30

ජන හඩ Friday, 29 October 2021 03:25 PM

ඉහත අදහස් වලින් පෙනී යන දෙයක් නම් කබ්රාල්ව විවෙචනය (ඔහුගේ කාලයේ සිදුවූ දේ ජාත්‍යන්තරවත් ප්‍රසිද්ධයි) කරන විට රවී කරුණානායක හා රනිල්ගේ වැරදි ගෙනහැර දැක්වීමයි. අප රටේ මිනිසුන් එක් පක්ෂයකට ගැතිවිය යුතුයි.. කියන සංකල්පය හා වහල් මානසික දූපත් ක්‍රමය ජනයා තුළ විදහා දක්වන්නේ අද ඊයෙක සිට නොවේ. මේ විදියට කළ දුටුකළ වල ඉහගන්නා දේශපාලකයින් බිහිවී ඇත්තේද මෙවැනි අවස්ථාවාදී මිනිසුන් දේශපාලකයින්ගේ පසුපස ගොස් ඔවුන් වර්ණනා කොට වාසි ලබාගැනීමේ දීන පුරුද්ද අත් හැරීමට නොහැකිව මේ රටේ සැමදා සිටින නිසාවෙනි....

:       1       23

pradeep Friday, 29 October 2021 03:51 PM

කබ්‍රාල්ලා වගේ උගත්තු ඔය ආයතනවල නෑනේ... ඉතින් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මොකුත්...

:       0       21

Nuwan Friday, 29 October 2021 04:13 PM

මහබැංකුවක් හිස්කරපු කෙනෙක් අන්තර්ජාතික පිළිගත් ආයතන වලට මෙහෙම කීම විහිළුවක්..!!!

:       0       27

asanka Friday, 29 October 2021 04:14 PM

අද රට පත්ව ඇති තත්වයට වග කිව යුත්තේ මුඩීස් ආයතනය හෝ කබ්රාල් නොව, අපට දැරිය නොහැකි අන්දමට ණය ගැනීමට තීරණය කළ මේ රට පාලනය කළ රජයන් සහ ඒවා පත් කළ උදවිය මේ තත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි...

:       2       21

වීරවිජේ Friday, 29 October 2021 05:07 PM

ඔව් ඔව් ලෝකෙම අසමත්.. මෙයා විතරයි සමත්...!

:       1       25

wahaldeepe Friday, 29 October 2021 06:32 PM

හොරෙක් ගිය උඩක්

:       0       0

Rohana Friday, 29 October 2021 08:23 PM

මූඩිස් ආයතනය නිකම්ම ආවට ගියාට ණය වර්ගීකරණය පිළිබඳ නිගමනවලට එන්නේ නැහැ. මේ නිගමනවලට එන්නේ ලොකයේ සියළුම රටවල් සමග සංසංදනය කිරීමෙන්. සත්‍ය වසංකර සැමවිටම ආණ්ඩුව බේරාගන්න මෙවැනි මුසාවාද ඉදිරිපත් කරන්නේ තමන්ගේ පැවැත්ම සඳහා බව පෙනෙන්නට තිබේ...

:       0       0

chandima Friday, 29 October 2021 08:38 PM

එහෙමයි මහ බැංකු අධිපති ඇමැතිතුමෝ...

:       0       1

Lalith M Saturday, 30 October 2021 12:04 AM

ගොන් කබරයා සහ එයාගේ අති බුද්ධිමත් මුදල් ඇමති වගේ තකතීරු හොරු මූඩීස් වගේ ආයතන වල නෑ. ඒක නිසා අපේ රටේ කෙරෙන හොර ක්‍රියාදාම නොතේරීම පුදුම නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 4 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 513 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 704 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 197 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 201 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 806 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site