(සුජිත් හේවාජුලිගේ )
මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු විසදීමට රජය අවධානය යොමු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (21) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් එම අපනයන කරුවන් පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී අද (21)පැවති සාකච්ඡාවකදීය.
අපනයන විනිමය වර්ධනය කිරීම සඳහා සංචාරක ක්ෂේත්‍රය මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අංශයද සැලකිය යුතු දායකත්වයක් ලබා දිය යුතු බව අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් සඳහා සියලු පහසුකම් දැනටමත් ලබා දී ඇති බවත් අපනයනකරුවන්ගේ අලවිය මත පදනම්වූ ආදායම් බදු මෙරටදී විදේශ මුදල් භාවිතා කෙරෙන අවස්ථාවලදී නිදහස් කිරීම කෙරෙහිද අවධානය යොමු කර ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
මෙරට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ලෝ පුරා වඩාත් ප්‍රචලිත කිරීම කෙරෙහි ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී අගමැතිවරයාගේ අවධානය යොමු විය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් සිටියදී 2015 වර්ෂයේ දී තමන්ට ලබා දුන් සහන පසුගිය රජය අහෝසි කළ බවත් අපනයනය කෙරෙහි සෘජුව බලපාන එම සහන යළි ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවෝ පිරිසක් මෙහිදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ .
අයවැය මගින් අපනයනකරුවන් සඳහා දැනටමත් සහන ලබාදී දී ඇති බවට මෙහිදී පෙන්වා දුන් අගමැතිවරයා එම හන ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේදැයි අවධානය යොමු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය .
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මැණික්,ස්වර්ණාභර්ණ අපනයනකරුවන්ට අගමැතිගෙන් පොරොන්දුවක්
de silva Monday, 21 June 2021 05:16 PM
මැණික්, ස්වර්ණාභරණ පමනක් නොව ලංකාවේ ව්‍යාපාර කරන හැමදෙනාම මුහුණ පාන විශාල ප්‍රශ්නයක් තමයි. ලංකාවේ තිබෙන කිසිම පදනමක් නැති ඉතා සංකීර්ණ නීති... ලංකාවේ ඉන්න ජනගහනයට සාපේක්ෂව රටේ ඉන්න රාජ්‍ය සේවකයෝ ප්‍රමානය ඉතා අධිකය. විවිධ දේශපාලකයින් විසින් ආධාර කරුවන්ට රජයේ රැකියා ලබාදී ඇත. ඔවුන් විසින් පගාගැනීමේ අරමුණ ඇතිව විවිධ සංකීර්න නීති නිර්මාණය කර පනත් මගින් සම්මත කරගෙන ඇත. එමනිසා සාමාන්‍ය මනුස්සයෙක්ට සුලු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ඇරඹීමේදී විශාල ලෙස පගාද ලබාදිය යුතුය..එහෙම නොමැති නම් දේශපාලක අනුග්‍රහයක් අවශ්‍ය වෙනවා. අපනයනයට සම්බන්ධ ව්‍යාපාරවලට මේ ප්‍රශ්නය ඉතා දරුණුවට බලපානවා..
Prse Monday, 21 June 2021 06:50 PM
පිටරටවල් වලින් ණය අරගෙන ලංකාවේ නිකන් බෙදුවට වැඩක් නැහැ.. ඩොලර් 01 ණයට ගන්නවා නම් 2 කරන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ...
විපරමා Monday, 21 June 2021 07:58 PM
පොරොන්දු නම් ඕන හැටියේ දෙන්න බැරිකමක් නැහැනේ... ඒවා ඉටු කරන එක තමයි අවුල...
Rata Perata Tuesday, 22 June 2021 02:44 AM
මේ අර දැන් සැපද කියලා අහපු විහිළුකාරයා නේද? අනේ මේ කිසි පොරොන්දුවක් ඕනෑ නෑ.. කරුණාකරලා ඉල්ලා අස්වෙන්න.
ganegoda Tuesday, 22 June 2021 12:10 PM
ඔය උදේ ඉඳන් රෑ වෙනකම් ධර්මිෂ්ඨකම් ගැන කියවන මහින්දලටමනේ මැණික් මලු අහසින් පාත් වෙන්නේ... මතකයි නේද?