(ජයන්ත සමරකෝන්)
බන්ධනාගාරගතව හිදිමින් පිටත මත්කුඩු ජාවාරමක් හා සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකකරන ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාම්කාර රැඳවියන් තිදෙනකු අඟුණකොළපැලැස්ස ආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරුකර යැවූ බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු හා වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියමවූ රැඳවියකු මේ අතර වන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද (16) පැවසීය.
බුද්ධි අංශ මගින් ලබාගත් තොරතුරු මත මෙම රැඳවියන් තිදෙනා හඳුනාගත් බවද ඉදිරියටත් එවැනි ජාවාරම්කාර රැඳවියන් සියලුම දෙනා කොළඹ බන්ධනාගාරවලින් පිටත බන්ධනාගාර වෙත මාරුකර යවන බවද උපුල්දෙණිය මහතා වැඩිදුරටත් කීය.
එවැනි රැඳවියන් බූස්ස හා අගුණකොළපැලැස්ස ආරක්ෂිත බන්ධනාගාරවල සිරකුටිවල රඳවා වසා තැබීමට උපදෙස් දී ඇතැයි ද ඔහු කීවේය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මත්කුඩු ජාවාරම්කාර රැඳවියන් තිදෙනකු අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කරයි