IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


මතට ඇබ්බැහි කාන්තාවන්ට නව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්

(නිමන්ති රණසිංහ)

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා නව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා පැවැසීය.

පුනරුත්ථාපනය වීමෙන් පසු සමාජගත වන සියලුම පුද්ගලයන් සදහා ඉදිරියේදී විදේශ රැකියාවන්හි නිරත විය හැකි ආකාරයට පුහුණුවීම් ලබාදීමට ද කටයුත-ු යොදා ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් බන්ධනාගාර ගත කිරීම වෙනුවට සිදුකළ යුතුව ඇත්තේ ඔවුන් නිසි පරිදි පුනරුත්ථාපනය කිරීම බවත්, ඉදිරියේදී පුනරුත්ථාපනය සඳහා යොමු කෙරෙන සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, මෙම වැඩපිළිවෙළ සඳහා ඉදිරියේදී පුනරුත්ථාපන මධ්‍යස්ථාන කිහිපයක් අලුතින් ස්ථාපිත කිරීමට නියමිතව ඇති බවත්, ඉන් එක් මධ්‍යස්ථානයක් කාන්තාවන් සඳහා වෙන් කිරිමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ සිරකරුවන් පුනරුත්ථාපන හා බන්ධනාගාර කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ අද (17) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

මෙම අවස්ථාවට සිරකරුවන් පුනරුත්ථාපන හා බන්ධනාගාර කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී. ආර්. සිල්වා, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතු`ථ පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (3)

මතට ඇබ්බැහි කාන්තාවන්ට නව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්

බද්රානි Wednesday, 17 November 2021 09:55 PM

මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ කාන්තාවන් හෝ පිරිමින් පුනරුථාපානය කිරීම ඔබතුමා වගේ උගත් බුද්ධිමත් අයට වඩා පහල මට්ටමිනුත් කල හැකි වැඩක්.

:       7       3

Hafeel Thursday, 18 November 2021 07:52 AM

ඊට වඩා හොඳ නැද්ද පාර්ලිමේන්තුවේ ඉන්න මත්ද්‍රව්‍යය වෙළෙන්දෝ ටික පුනරුත්ථාපනය කළා නම්. සියලු මන්ත්‍රීලා නොවේ. දේශපාලන හයියක් නොමැතිව රට තුලට මේවා ගේන්න බැහැ.

:       2       0

jagath Thursday, 18 November 2021 10:36 AM

ඕක ඉතින් හැම ඇමති කෙනෙක්ම නටන සුපුරුදු නාඩගම නේ ,ඇත්තෙන්ම ඔයිට වඩා බුද්ධිමත් වැඩ පිළිවෙලකට යා යුතුයි

:       2       0

ඔබේ අදහස් එවන්න

 

දියත

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 183 0

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 215 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 130 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 671 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 339 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 349 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 221 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 516 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 248 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site