( තිළිණි ද සිල්වා )
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංචාරකයන් සදහා ආකර්ෂණීය ගුවන්තොටුපළක් මෙන්ම භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඔහු අවධාරණය කරන්නේ ගුවන් තොටුපළ ආශ්‍රිතව අපනයන සැකසුම් කළාපයක්, ගුවන් යානා නඩත්තු අලුත්වැඩියා සහ පිරිවැඩියා අංගනයක් (MRO) සහ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවයි.
මත්තල ගුවන් තොටුපළ 2013 වසරේ මාර්තු 18 වන දින සිට විවෘත කළ දින සිට 2020 නොවැම්බර් මස දක්වා ක්‍රියාත්මක වූ ගුවන් ගමන් වාර ගණන 10,206 ක් ක්‍රියාත්මක වී ඇති අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ගුවන් සමාගම් 23 ක් මෙහි ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කර ඇති බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මත්තල ගුවන් තොට ලස්සන කරන්න යයි
fairoos Thursday, 08 April 2021 09:55 AM
එතකොට මේකට මිනිස්සු එන්නේ නැද්ද? තවත් ඕක සුදු අලි කරන්නේ නැතිව තිබ්බා නම් හොඳයිනේ..
KooralageFriday, 09 April 2021 06:22 AM
මේක දැන් පවුලේ ගුවන් තොටුපළ වෙලා තියෙන්නේ. මේවා ලෝකෙ හිනස්සන කතා. මේ සුදු අලි හදපු ප්‍රකෝටි ගණන් මහජන මුදල් අපරාදේ.. පේන්නේ නැද්ද? අර නෙලුම් කුළුණ... තව ලොකුම ලොකු සුදු අලියෙක්...
siri Thursday, 08 April 2021 11:10 AM
ඒකාලේ කිව්වේ කවුරුහරි ඕක උඩින් ගියත් අපට ඩොලර් හම්බ වෙනවා කියල නේද ? මත්තල ගුවන් තොටුපළෙන් ඉපයූ අදායම ගැන එක්කෙනෙක් පාරම් බානවා දැක්කා. ඒ කාලවකවානුව තුල ඔය සුදු අලියට කන්න බොන්න දීල නඩත්තු කරන්න කීයක් වියදම් උනාද කියල කීවේ නම් නැහැ.
Kumara Thursday, 08 April 2021 11:37 AM
වී ගබඩා කරන්න හදපු එකේ ප්ලෑන් බස්සනවද?
Ranjith Thursday, 08 April 2021 11:44 AM
අගනගරය හම්බන්තොටට ගෙනයන සැලැස්ම අවුරුදු තුනෙන් ඉවර කරගන්න පුළුවන් වෙයිද? නැත්නම් මේක අයියගේ කාලේදී අවසන් කරන්න හදන සැලැස්මක්ද? චීනට අහුවුණොත් අහුවුණාම තමයි.
shantha Thursday, 08 April 2021 11:48 AM
ඔය බල්ලොත් නොඑන ගුවන්තොටුපොළ නිසා සිදුවුණේ කැලෑවේ සිටි අලි ඇතුන්ට යන එන මන් නැතිවීම සහ රාජපක්ෂලාට මදි නොකියන්න කොමිස් මුදල් ලැබීම පමණයි. නමුත් මේ පැත්තේ සිටින මිනිස්සුන්ට මේ විනාශය ගැන එදා නොතේරුණාට දැන් දැන් තේරුම් ගනිමින් සිටිති.
SUNIL MILANO Thursday, 08 April 2021 11:51 AM
කොපමණ ගුණ කළත්.., දුදනෝ නොවෙති යහපත්.