IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ 12ක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් අත්අඩංගුවට ගනු ලබන හොරොයින් මත්ද්‍රව්‍ය කූට ලෙස ජාවාරම් කළැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටින එම කාර්යාංශයේ නිලධාරීන් 12දෙනෙකු ලබන 21 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(08) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් තවත් පොලිස් කොස්තාපල්වරයකු රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර දුන්නේය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් නිලධාරීන් ඇතුළු සැකකරුවන් 21දෙනෙකු අත්අඩංගුවේ පසුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (6)

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ 12ක් රිමාන්ඩ්

siri Wednesday, 08 July 2020 10:06 AM

වැටත්, නියරත් දෙකම එකතු වෙලා ගොයම් ගස් ටික කනවා නම් අපි මොනවා කරන්නද හාමුදුරුවනේ..?

:       0       159

raviWednesday, 08 July 2020 12:45 PM

අර අහසින් වැටුණු මැණික් මල්ලට මොකද වුණේ..?

:       63       240

Raveendra Wednesday, 08 July 2020 12:28 PM

අප තරයේ විශ්වාස කරනවා ගරු අධිකරණය විසින් මෙවන් " පාපතරයින්ට " ඉතා ඉක්මණින්ම " උපරිම දඬුවම් " ලබාදී මුළු සමාජයටම නිසි පාඩමක් කියාදෙයි යන්න.. තවද මෙම පාපතරයින්ගේ සියලු විස්තර පදිංචි ලිපිනයන් සහිතව ඉතා පැහැදිලි ඡායාරූපද, නිල ඇඳුමේ සිටිනවිට දැරූ තනතුර ඇතුළු සියල්ල මහජනතාවගේ දැනගැනුමට ප්‍රසිද්ධ කරනු ඇතැයි. නීති ඒ සඳහා නොමැති නම් ඒවාද හැකි ඉක්මණින් සම්මත කර ගෙන එසේ ප්‍රසිද්ධ කරන්නේ නම් ඉදිරියේදී මෙවන් තිරිසන් වැඩවලින් ඉවත්වීමට වැඩි දෙනෙකු නැඹුරු වනු ඇත..

:       0       700

raween02 Wednesday, 08 July 2020 12:39 PM

ඡන්දයෙන් පස්සේ මෙයාලා ඔක්කොම... නිදොස්කර නිදහස් කිරීමට සලසා ඇතිබව අමතක නොකරන්න... ඡන්දයක්නේ...!!! 

:       76       179

විපරමා Wednesday, 08 July 2020 01:28 PM

මූණ පේනවට ලැජ්ජා ඇති. වැරදි කරන කොට අවුලක් නැතුවා.

:       0       43

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 July 2020 03:07 PM

කුඩුකාරයන්, පාතාලයන් හා එක්ව කටයුතු කළ මේ දූෂිත නිලධාරින්ට ජාතියේ නාමයෙන් කුමන හෝ සමාවක් හිමි නොවිය යුතුයි.. මේ දූෂිතයන් ඇල්ලීමට වෙහෙස වූ අවංක පොලිස් නිලධාරීන්ටත්, රහස් පොලිස් නිලධාරීන්ටත්, ජාතියේ ප්‍රණාමය.. ඔබ සැම නොවන්නට මේ දූෂිතයන් තවමත් කුඩ්ඩන්, පාතාලයින් හා එක්ව රට වනසනු ඇත. ඔවුන්ගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා රටත්, ජාතියත්, ජනතාවත්, තමන් සේවය කරන පොලිසියත් පාවාදුන් මේ නරුමයින්ට ගැරහීම සිදුකළත් ඔවුන්ව ඇල්ලූ අවංක පොලිස් නිලධාරීන්ට අවමන් නොකිරීමට සැමදෙනා වගබලා ගත යුතුයි. මොවුන් අපට අල්ලා ගත හැකි වූයේ, අන් කවුරුවත් නිසා නොව අවංක පොලිස් නිලධාරින් හා අවංක රහස් පොලිස් නිලධාරීන් නිසායි. දේශපාලනය කුමක් වුවත්, මේවාට නායකත්වය දෙන ජනපතිතුමන්ටද ප්‍රශංසා කළ යුතුයි. මෙයට විරුද්ධ මත දරන්නන් අප හට දොස් කීම වෙනුවට සත්‍ය තේරුම්ගත යුතුය. දේශපාලනයෙන් අපට වැඩක් නැත. ඇත්ත ඇති සැටියෙන් දැකීම අපගේ සිරිතයි. එය කෙලින්ම පැවසීමට අප කිසිවිට බිය නොවේ. එයට විරුද්ධ අදහස් දරන්නන්ගේ අවසරයද අපට අනවශ්‍යයි. මාධ්‍යය හරි හැටි මෙහෙයවීම ගැන වෘත්තියෙන්ම අපි දනිමු.

:       0       460

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 650 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 180 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 542 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1806 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site