IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මත්ද්‍රව්‍ය වලින් තොර ශ්‍රී ලංකාවක් කරන බව එස්බී කියයි

(රංජිත් රාජපක්ෂ)                       

මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම කවුරු මෙහෙයවුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව මත්ද්‍රව්‍ය ජාවාරම සම්පුර්ණයෙන්ම නැතිකර මත්ද්‍රව්‍යවලින් තොර ශ්‍රී ලංකාවක් බවට කඩිනමින් පත් කරන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසීය.

මස්කෙළිය මවුස්සාකැලේ සමන් දේවාලයේ ආශිර්වාද පූජාවකට සහභාගී පසුව මන්ත්‍රීවරයා අද (1) මේ බව කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේය.

‘ජනාධිපතිවරණයේදිත්, මහ මැතිවරණයෙදිත් අපි ලබා දුන්න පොරොන්දු එකමයි, සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමයි. කෙටි කාලීන, මධ්‍යකාලීන, දිර්ඝකාලීන සැලසුම් අපි ඉදිරිපත් කරලා තියෙනවා. එම වැඩසටහන් අපි එලෙසම ඉදිරියට රැගෙන යනවා.මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස විවිධ අය ඉන්න පුළුවන්. බන්ධනාගාරවලින් මෙහෙයවලා තියෙනවා. මත්ද්‍රව්‍ය මර්දනය සඳහා පත් කරලා තිබුණු නාකොටික් බ්ලුරෝ එකෙනුත් මේක මෙහෙයවලා තියෙනවා. පතාලයේ නායකයින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට සහ විදේශීය රටවල සිදු කරනවා. මේක කවුරු මෙහෙයවුවත් ඉතාමත් ඉක්මණින් අපි මත්ද්‍රව්‍යවලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කරනවා.

වනාන්තර එළිපෙහෙළි කිරිම, විනාශ කිරීම බරපතල වරදක්, පුරාවිද්‍යාත්මක දේවල් විනාශ කිරීම බරපතල වැරදි. ඒවට හරියට නීතිය ක්‍රියාත්මක වෙයි. ඇමැතිකම් ලැබුණද නැද්ද කියන එකයි, ලබාදුන් පොරොන්දු ඉටු කිරිමයි දෙකක්. නුවරඑළිය ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් කරලා වැඩ කරන්න වරමක් ලබාදීලා තියෙනවා. ඒ නිසා මම  ඒ වරම උපරිම ප්‍රයෝජනයට ගනිමින් ලබා දුන් පොරොන්දු සියල්ල ඉටු කරනවා. මට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු බාරදීලා තියෙනවා, මම ඒක ශක්තියක් කරගෙන වැඩ කරගෙන යනවා. ඇමැතිකම් දෙනවද නැද්ද කියන එක මට අදාළ නෑ.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන අපි කිව්වේ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නැති කාලයේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති විධායක ක්‍රමය හඳුන්වලා දෙන වෙලාවේ, අනුපාත ක්‍රමය හඳුන්වලා දෙන වෙලාවේ තමයි අපි මේක කිව්වේ.

එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිව්ව පොරොන්දු, එදා මැතිනිය දුන්න පොරොන්දු, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දු, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් පොරොන්දු, ඉටු කරන්න 1978 ව්‍යවස්ථාවෙන්  පසුව ලබාදුන් ප්‍රථම ජනවරම මේවරයි.

අපිට 151 තියෙනවා. ඒ නිසා අපිට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, මැතිවරණ ක්‍රමයක් ඇති කිරිමට අවශ්‍යය ඉඩ කඩ තියෙනවා. 20 වෙනි සංශෝධනය රැගෙන ඒමට අපි දැනටමත් කටයුතු කරලා තියෙනවා. ඉදිරි දෙසතිය තුළ අපි ඒක පාර්ලිමේන්තුවට ගේනවා. විග්නේෂවරන්ට ඕනි නැති කතාවක්නේ කිව්වේ. ප්‍රථම භාෂාව මොකක්ද කියලා කියන්න එයා පණ්ඩිතයෙක් නෙවෙයිනේ.

එයා විනිසුරුවරයෙක්. එයාට වඩා මේ රටේ ප්‍රථම භාෂාව මොකක්ද කියලා කියන්න ඕනි තරම් පඩිවරු, පුරාවිද්‍යාඥයින්, භාෂා විශේෂඥයින් ඉන්නවා. එයා මුලින්ම සිංහල දෙමළ භාෂාව කතා කරන්න පුරුදු වෙන්න කියන්න. එයාගේ ළමයින්ට දෙමළ භාෂාව කතා කරන්න පුරුදු කරන්න කියන්න. එතුමා කළ ප්‍රකාශය වැරදියි. ඒක ද්වේෂ සහගතයි. සිංහල-දෙමළ ජනතාව අතර ප්‍රශ්නයක් හදන එකක් ඒක. සියලු ජාතින් එකට ඉන්න රටේ. ජාතිවාදි බේද ඇතිකිරීම දේශ ද්‍රෝහි ක්‍රියාවක්. විග්නේෂ්වරන් ඔය කරන්නේ උතුරේ ප්‍රභාකරන්ගේ තොටිල්ලේ හැදුණු දරුවන් සනසවන්න තමයි ඔය ප්‍රකාශ කරන්නේ. එවා ඇත්ත සටන් පාඨ නෙවෙයි.

දකුණු ඉන්දියාවේ දමිළ භාෂාව පාලි සම්මිශ්‍රණයකින් පෝෂණය වුණා මෙන්ම, ලංකාව තුළ පාලි සංස්කෘතික භාෂාව සමඟ බුද්ධ ධර්මය, නාග භාෂාව, යක්ෂ භාෂව, වැදි භාෂාව හරහා බිහි වුණ භාෂාවක් තමයි සිංහල භාෂාව’ යනුවෙන්ද මන්ත්‍රීවරයා පැවසීය.



අදහස් (3)

මත්ද්‍රව්‍ය වලින් තොර ශ්‍රී ලංකාවක් කරන බව එස්බී කියයි

Kamal Koyrala Tuesday, 01 September 2020 08:33 AM

එස්.බී. මහත්තයා දෙපැත්තටම පැන පැන ඔය සේරටම අත් උස්සපු කෙනෙක්... ඔය සේරම ජනාධිපතිතුමා කරයි, ඔබ කරන්න නුවර එළියේ සංවර්ධන වැඩ පිළිවෙළ ගැන. රැකියා අවස්ථා, ගොවීන්ගේ ප්‍රශ්න වගේ දේවල්..

:       21       106

dandiya Tuesday, 01 September 2020 10:23 AM

එහාට මෙහාට පනිමින්... බොරු කිය කියා කාලය නාස්තිකරන එක තමයි සිද්ද වෙන්නේ. ඔය කුඩු කාරයින්ගෙන් රට බේරාගන්න. පැය 24ක් හොඳටම ඇති.

:       0       57

Bamunuarachchi Thursday, 03 September 2020 06:51 AM

මත්ද්‍රවය පමණක් නොවෙයි අල්ලස කොමිස් ගහන්නේ නැති සමාජයක් බිහිකරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 37 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 57 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 305 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 127 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 368 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 582 2

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site