IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


මුතුරාජවෙල ගැටලුව විසඳන්න ඇමැති කමිටුවක්

(සුජිත් හේවාජුලිගේ )

මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට මැති ඇමැතිවරුන්  8 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක්  පත් කරනු ලැබ ඇත.

අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර සහ සී.බී රත්නායක, රාජ්‍ය අමාත්‍යවරුන්වන නාලක ගොඩහේවා, නිමල් ලන්සා, විශේෂඥ වෛද්‍ය    සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් ප්‍රනාන්දු, ජයන්ත වීරසිංහ සහ වීරසුමන වීරසිංහ යන  මහත්ම මහත්මීන් මෙම කමිටුවට  පත්කර ඇති බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙයට අමතරව  ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාද  මෙම කමිටුවට පත් කරනු ලැබ සිටී.

පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත්කර ඇතැයි  වාර්තා වෙයි.

මුතුරාජවෙල තෙත්බිම් සංරක්ෂණය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරිමේ ගැසට් පත්‍රය  නිකුත් කිරීමෙන් පසු ඒ පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වී ඇත. මෙම කමිටුව පත් කර ඇත්තේ එම විරෝධතාද සැලකිල්ලට ගෙනය .

නව ගැසට් පත්‍රයේ හඳුනාගෙන ඇති ක්ෂේත්‍රවල අන්තර්ගතයට යම් වෙනසක් යෝජනා කිරීමට පෙර ඒවා සමාලෝචනය කිරීම මෙම කමිටුවේ ප්‍රමුඛ කාර්යභාරයවී ඇතැයි   රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (4)

මුතුරාජවෙල ගැටලුව විසඳන්න ඇමැති කමිටුවක්

දියවන්නා ගල් ඉබ්බන් ගේ ජාතක කතා Friday, 12 November 2021 12:05 PM

කුහකකමට පගා මරුවන් ටික ගැටළු හදාගන්නවා... ඊට පස්සේ ඒවා ලිහන්න රටේ සල්ලි වියදම් කරලා අනුකමිටු හදාගන්නවා. ඔය අනුකමිටුවල සාමාජිකයින්ටත් පෙන්ෂන් ලැබෙන ක්‍රමයක් තියෙනවද? මොකද අමාත්‍යාංශ ලේකම්ලාට (අවුරුදු 5 සේවය) පෙන්ෂන් එකක් ලැබෙනවා. කබ්‍රාල්ටත් කෝටි 19ක් ලැබෙනවා කීවේ ඒ වගේ පෙන්ෂන් එකක්...

:       0       2

swene Friday, 12 November 2021 12:16 PM

මෙවැනි යමක් කිරීමට ප්‍රථම, අදාළ පාර්ශවවලින් අදහස් විමසා එම අදහස් වලටද ගැලපෙන සේ කටයුතු නොකරන්නේ ඇයි? එසේ වූයේනම් ගැටළු අවම වේ. හිතුවක්කාරකම් පාලනයට සුදුසු නැහැ. මෙම වැරැද්ද දිගින් දිගටම රජය විසින් කොට, ඇදගෙන නානබව පෙනෙනවා..

:       2       2

ravin Friday, 12 November 2021 04:31 PM

අවසන් ප්‍රතිඵලය මෙන්න... ඇමැති කමිටුව අන්තිමට හිතවතුන්ට මුතුරාජවෙල කොටස් කරලා කොමිස් මුදල් සාක්කුවේ දාගෙන... මින්පසු මුතුරාජවෙල කියා එකක් අනවශ්‍ය නිසා එසේ කරන ලදී.

:       0       1

ජනතාව Saturday, 13 November 2021 01:40 PM

මුතුරාජවෙල යනු හයවන පරාක්‍රමබාහු රජතුමා ඔහුගේ උපදේශක වූ බමුණු පරපුරට දෙන ලද ත්‍යාගයකි. මෙම පරපුරේ අය කතෝලික දහම එකල වැළඳ ගත් අතර මෙය බූදල් වී එය නීතියෙන් තම ඥාතීන් අතර බෙදාගන්නට යැයි ඉංග්‍රීසි පාලන සමයේ උසාවි ලියවිල්ලකින් දැනුම් දෙන ලදී. එහෙත් ලන්දේසි ඇල හේතුවෙන් එම සරුසාර වෙල් යායට ලුණු මිශ්‍රව තිබූ නිසා එය අත්හැර දමා රාජ සන්තක වීමට ඉඩ හැරීමට ඔවුහු තීරණය කළහ. අදටත් මෙම පරපුර ජීවත්වන අතර ඔවුන්ගේ උරුමය රටේ පරිසරය රැකීම වෙනුවෙන් ඇතැයි නිහතමානීව සතුටු වේ. එහෙත් මෙය දේශපාලකයින්ගේ පෞද්ගලික වාසියට විනාශ කිරීම කණගාටුවට කරුණකි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 61 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 171 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 722 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 756 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1011 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 233 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 194 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site