IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


මුතුරාජවෙල ගොල්ෆ් පිටිය හදන අධ්‍යයන වාර්තාවට අවසර

 
 විනීතා එම් ගමගේ
 
            
මුතුරාජවෙල ගොල්ෆ් පිටියක් සහ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් අවසර දී ඇතැයි එම අධිකාරිය දැනුම් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
 
එම ඉඩමේ ව්‍යාපෘතිය කරන්නට යන සමාගම විසින් වනජීවි පුවරු ගලවා ඇතුල් වීම තහනම් යැයි සඳහන් පුවරු ගසා ඇතැයි කාදිනල් තුමන් කරන චෝදනාව පිළිබඳව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග කථා කළ බවත් ඒ පිළිබඳව සොයා බලන්නට එම නිලධාරියා පොරොන්දු වූ බව ද අමාත්‍යවරයා කීය.
 
කෙසේ වෙතත් මුතුරාජවෙල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තෙත් බිම මේ වනතුරු මායිම් දමා නැති අතර මායිම් ඇත්තේ ජීපීඑස් තාක්ෂණය ඔස්සේ යන්ත්‍රවල බැවින් ඒවා මායිම් දමා සැකසීම කෙරෙහි අවධානය යොමු කරවූ බවත් හෙතෙම සඳහන් කළේය.
 
කෙසේ වෙතත් ගැසට් කළ පලියට ජනතාවට සහන සැලසෙන්නේ නැතැයි ද පරිසර ආරක්ෂණ කලාපයක් තුළ කළ හැකි දේ සහ නොහැකි දේ මොනවාදැයි යන්න හා යෝග්‍ය ක්‍රියාකාරකම් මොනවාදැයි පැහැදිලිව ප්‍රකාශයට පත් විය යුතු බව ද ඔහු පැවසීය.
 
එමෙන්ම මෙම නීති විරෝධී කටයුතු මැඩලීම සඳහා ගුවන් හමුදාවේ සහය ලබා ගන්නා බවත් විශේෂ කණ්ඩායමක් මුතුරාජවෙල වෙනුවෙන්ම යෙදවීමට බලාපොරොත්තු වන බව ද අමරවීර මහතා කීය.
 
එම තෙත් බිම වනසන්නන් කවුදැයි අදාළ නොවන බවත් කවරෙක් වුව නීති විරෝධී කටයුත්තක් කරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.
            
මුතුරාජවෙල සමහර ස්ථානවල කැලය වවා වසාගෙන සිදුකරන ඉඩම් ගොඩ කිරීම් හා නොයෙක් වංචනික ක්‍රියාවන් ගැන ද තමන්ට වාර්තා වී ඇතැයි අමරවීර මහතා එහි දී කියා සිටියේය. 
            
මුතුරාජවෙල ගොඩ කිරීම් සඳහා බොහෝ විට යොදා ගන්නේ කොළඹ නගරයේ ඉවත් කරන ගොඩනැගිලි අපද්‍රව්‍ය බව කී අමාත්‍යවරයා ඒවා එසේ ගෙන ගොස් දැමීම වෙනුවට පොඩිකර නැවත ගොනැගිලි ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගැනීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් පහත්බිම් සංවර්ධන මණ්ඩලය හා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සමග සාකච්ඡා කළ බව ද කියා සිටියේය. 
 
ඒ සඳහා අවශ්‍ය නීති සැකසීම ද සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 
            
මහින්ද අමරවීර මහතා මේ අදහස් පළ කළේ පරිසර අමාත්‍යංශයේ අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 
 
එහි දී පරිසර අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදහස් දක්වමින් සේරුවිල රන්නිධි ගැන කරන්නේ ගවේෂණයක් මිස කැණීමක් නොවන බව කියා සිටියේය. 
 



අදහස් (6)

මුතුරාජවෙල ගොල්ෆ් පිටිය හදන අධ්‍යයන වාර්තාවට අවසර

Prabha Tuesday, 12 January 2021 10:17 AM

ඔය ඔක්කොම කරලා තීන්දුව දෙනකොට පෙරහැර ගිහින් තියේවි.

:       3       27

Kamal Koyrala Tuesday, 12 January 2021 10:37 AM

ඇමැතිතුමා ඔය කරන්නේ කවුද? හෝටල් හදන්නේ කවුද කියලා හොඳටම දන්නවා. මේකත් එතුමාගේ සැෂේ පැකැට්ටුව වගේ තමයි.

:       1       20

Nuwan Tuesday, 12 January 2021 10:49 AM

මුතුරාජවෙල රක්ෂිතයක්ලු.. නමුත් ඒකෙ හෝටල් හදන්න අවසර දීලා... මේවා හතර බීරි කතා. ඔය වගේම තමයි කියන්නේ පර්යන්තේ විකුණන්නේ නැහැලු. සංවර්ධනය කරන්න බාර දෙනවලු...

:       1       18

koyrala Tuesday, 12 January 2021 11:29 AM

යහපාලන ආණ්ඩුවේ ඉඳගෙන ගහපු ඩබල් ගේම් ගැන ගැන හිතනකොට මේවා මොනවාද?

:       2       13

විජිත් Tuesday, 12 January 2021 11:58 AM

ඔය ගොල්ෆ් පිටිය හදන කෙනා තමයි මේ හොර රැලට ඡන්දෙදී අතදිගහැරලා වියදම් කලේ. මෙයා මුකුත් නොදන්නවා වගෙයි කතාකරන්නේ. මේවගේ කොන්දොස්තරලා ඇමති වුණාම මොනවද නොවෙන්නේ? කෙසේවෙතත් මුතුරාජවෙල ප්‍රශ්නේ ලෙහෙසියෙන්ම මේ හොරුන්ට දිනන්න දෙන්න බැහැ. මොකද ඒ ප්‍රදේශයේ බයියන් නැහැ....

:       1       28

විජේ Tuesday, 12 January 2021 04:34 PM

අමර වීරයෙක් තමයි මෙයත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 140 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 970 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 224 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1659 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2059 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site