(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මුතුරාජවෙල තෙත්බිම පරිසර සංවේදී කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සදහා අප්‍රේල් මස 08වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීරණය කලේය.
එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
එම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් එකම දිනයක කැඳවීමට තීරණය කර ඇති බැවින් මෙම පෙත්සමද එදින කැඳවීමට විනිසුරු මඩුල්ල එහිදී නියම කළේය.
මුතුරාජවෙල සුරැකීමේ සංවිධානයේ සභාපති අනිල් ලක්පුර ජයමහ සහ එහි ලේකම් දොන් සේනාරත්න වනසිංහ යන මහත්වරුන් ගොනු කල මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති , අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 24 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
මුතුරාජවෙල තෙත්බිමෙහි නීතිවිරෝධී ලෙස වැලි ගොඩ දැමීමට එරෙහිව පෙත්සම්කාර සංවිධානය 2017 වසරේදී ගොනු කල පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මුතුරාජවෙල තෙත්බිමේ මායිම් නිවැරැදිව ලකුණු කරන ලෙස වන සංරක්ෂණ ජනරාල්වරයාට නියෝග කළ බව පෙත්සමෙහි සදහන් වේ.
මෙම නඩුව විභාගය වන අතරතුර නීතිපතිවරයා විසින් තෙත්බිම තුළ වැලි ගොඩ දැමීම සිදු නොවන බව සදහන් කරමින් නඩුව අවසන් කරන ලෙස කල ඉල්ලීමට විරෝධය පළ කළ පෙත්සම්කාර සංවිධානය තෙත්බිමේ මායිම් ලකුණු කිරීමේ ක්‍රියාවලිය අවසන් වී නොමැති බව අධිකරණයට දැනුම් දුන්නේය.මුතුරාජවෙල තෙත්බිමේ මායිම් ලකුණු කිරීමේ ක්‍රියාවලිය හැකි ඉක්මනින් අවසන් කරන බවද නීතිපති වරයා එම අවස්ථාවේදී දැනුම් දුන් බව පෙත්සමෙහි සදහන් වේ.
මුතුරාජවෙල තෙත්බිමේ තවදුරටත් නීතිවිරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ ජාවාරම සිදු වන අතර මේ පිළිබඳව විෂය බාර ඇමැතිවරයාට සහ පොලීසියට පැමිණිලි කර ඇතිබව ද සදහන් වේ .
එසේ තිබියදී 2248/44 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුතුරාජවෙල තෙත්බිම පරිසර සංවේදි කලාපයක් බවට ප්‍රකාශයට පත් කළ බව පෙත්සම්කරුවෝ පවසති.
මෙම ව්‍යාපෘතියට මිනුම් සැලසුම්ක්ද නැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ මෙම ගැසට් නිවේදනයේ යටි අරමුණ වන්නේ හිතවත් දෙස් විදෙස් ආයෝජකයින්ට මුතුරාජවෙල තෙත්බිම තුළ සුඛෝපභෝගී හෝටල් , ගෝල්ෆ් ක්‍රීඩා පිටි , හෙලිකොප්ටර් අංගන සහ රාත්‍රී සමාජශාලා ඉදිකිරීමට අවස්ථාව සලසා දීම යැයි පෙත්සම්කරුවෝ සිය පෙත්සමේ සදහන් කර සිටිති.
එබැවින් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද , අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වන අතුරු නියෝගයක් ද නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සුනිල් කුරේ මහතා පෙනී සිටියේය.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මුතුරාජවෙල ගැසට්ටුවට එරෙහි පෙත්සම් විභාගය අප්‍රේල් 08