(ක්‍රිෂාන්ජීවක ජයරුක් සහ සුජීව සමරක්කොඩි)
මාතරදී සිව් හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් එම දරුවාගේ බාප්පා සහ ඊට ආධාර අනුබල දුන් දැරියගේ මව ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද(16) නියෝග කළේය.
එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මාතර කම්මල්වත්තේ පදිංචි ජයසූරිය පටබැදිගේ ජනිත තාරක (බාප්පා) හා වලස්මුල්ලේ පදිංචි ආශා ඩිලානි (මව) නැමැති අයවලුන්ය.
පහර කෑමටලක්වු දැරිය වෛද්‍යප්‍රතිකාරසඳහාමාතර මහ රෝහලවෙත ඇතුළත් කර සිටින බවත් එම දරුවාගේ අතකට දරුණු තුවාල සිදු වී ඇති බවත් පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
දරුවාගේ මිත්තනිය ඒ පිළිබදව පොලීසියවෙත කරනලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කෙරිණි.
පහරදෙන අයුරු ඒ අසළ වෙළඳසැලක සවි කර තිබු සී.සී.ටී.වී.කැමරා පද්ධතියේ පටිගත වී තිබිණි.
එම සැකකරු හා සැකකාර මව මත්කුඩුවලට තදින් ඇබ්බැහි වූවන් බවද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවටගෙන සිටින සැකකරුට හා සැකකාරියට ඇප ලබා දීමට විරුද්ධ බවත් පරීක්ෂණ අවසන් වන තෙක් ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් පොලීසිය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ජේ. සිල්වා මහතාගේ උපදෙස් මත මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී සුසිල් විජේගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී රසිකා දමයන්ති මහත්මිය ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර
යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට
කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මාතරදී දැරියකට අමානුෂිකව පහර දුන් අය රිමාන්ඩ්