IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මාතර අතවරයේ වමත් පිතිකරුට දැඩි අවවාද

(යොහාන් භාසුර)

මාතර, වැලිගම ප‍්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයාට ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලන කහිටුව අවවාද කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණයේදී අදාල ක‍්‍රීඩකයා වැරදිකරු වී ඇති බවත් ඔහුට නැවත එවැනි සිද්ධියකට සම්බන්ධ නොවන ලෙස අවවාද කළ බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාල ක‍්‍රීඩකයා වසර කාලයක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නම් කරන වෛද්‍යවරයකු යටතේ මනෝ උපදේශන සේවා ස`දහා යොමු කිරීමට තීරණය කළ බව ක‍්‍රිකට් ආයතනය පවසයි.

නීතිඥවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් ත‍්‍රිපුද්ගල විසින් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලදී.

 



අදහස් (16)

මාතර අතවරයේ වමත් පිතිකරුට දැඩි අවවාද

Raveendra Wednesday, 28 April 2021 01:07 PM

විෂ පොල්තෙල් ගෙන්වන ආයතනවල නම් නොකියන්න. මහජන මුදල් හොරාකන තක්කඩි දේශපාළුවන්ගේ නම් නොකියා ඉන්න. වෙරිමරගාතේ පාරවල්වල ගිහින් මිනිසුන් යටකර මරා දමන ප්‍රභූඅයගේ නම් නොකියා ඉන්න. සියළුම දූෂිතයින්ගේ නම් නොකියා ඉන්න අකුරටම වගබලාගන්නා ලංකාවේ මාධ්‍ය සදාචාරය...

:       1       116

Puppa Thursday, 29 April 2021 12:01 AM

ඔබ නිවැරැදියි. හොඳ මාධ්‍යයක් මෙරට තිබුණා නම් ඔවුන් ජනතාව ආරක්ෂා කරනු ඇත.

:       0       3

gayanThursday, 29 April 2021 05:41 AM

හැබැයි ප්ලාස්ටික් පටිය තියෙන මුඛ ආවරණ නහයෙන් පහළට වැටුණොත් පුවත් වල පෙන්නලා අපහාස කරනවා.

:       0       3

saman Wednesday, 28 April 2021 01:50 PM

මොහුට ක්‍රිකට් නොව, කාට හරි කරකාර බන්දවා දීමයි කළ යුත්තේ...

:       4       57

Zaman Wednesday, 28 April 2021 02:32 PM

සමන් කියයි කරකාර බඳින ළමයා තමයි අමාරුවේ වැටෙන්නේ...

:       0       52

Ruhunu Wednesday, 28 April 2021 03:05 PM

නමක් ගමක් නැති දේවල් බැලීම කාලය කාදැමීමකි.

:       1       34

මෝ Wednesday, 28 April 2021 03:14 PM

මේක, අවවාද කරලා ඉවත දැමිය හැකි වරදක් නොවෙයි. දඬුවම් ලැබිය යුතු වරදක්... අතවරයකට තැත් කිරීමක්... සල්ලි තිබේ නම්, ප්‍රසිද්ධියක් තියෙනවා නම් ඔවුන්ට නීතියක් නෑ. එදා වේල හම්බකරන් කන්න දඟලන අහිංසකයාට නීතිය අකුරටම ක්‍රියාත්මකයි. මිනීමරලා සල්ලි දීලා බේරෙනවා.

:       0       53

Podi malli Wednesday, 28 April 2021 08:41 PM

මේ යක්කුන්ගේ මේ වැඩ වලට වගකියන්න ඕන සමාජ මාධ්‍ය ඇඩ්මින් ලා..මේ කියන ක්‍රීඩකයා දැක්කම පේනවා හෙන ඇඹල චරිතයක් කියලා ..ස්ත්‍රී ලෝලියෙක්...යු ටියුබ් කාරයෝ මේ යකා ගෙන්නලා ප්‍රශ්න අහන එකක් ගියා එල්පිඑල් එක ඉවර වුණ ගමන්...එකේ ප්‍රශ්න අහන මිනිහා අහන්නේත් ටීම් එකේ කාන්තා ආකර්ශනය වැඩි කාටද කියලා වගේ ප්‍රශ්න...මිනිහගේ මුණු පොතට ගියානම් පෙනෙයි ෆොටෝ ටික දැක්කම.......

:       0       0

damith Thursday, 29 April 2021 12:46 AM

පොලිසියට මෙයාව අත්අඩංගුවට ගන්න නිකන් පණ නෑ වගේද? සාක්ෂි තියෙනවා නේද? එකෙක් මිනිහෙක් හප්පලා මරුවා. තව කෙනෙක් අතවර කරලා. ඉතින් අනිත් අය වැරදි කරන්න බය වෙයිද?

:       0       1

alponsu Thursday, 29 April 2021 01:16 AM

ළිඳ ළඟ සංගමයේ පුවත් හොඳයි....

:       0       0

මුණසිංහ Thursday, 29 April 2021 01:58 AM

රටේ නීතිය අවවාද කිරීම විතරයි ද? ඕක අනෙක් අය ආදර්ශයට ගෙන ඔවුන් එවැනි දෙයක් සිදුකර උසාවි දැම්මොත් මේ කාරණය ඉදිරිපත් කර ඔහුටත් නිදහස් විය හැකි ය.

:       0       0

Damayanthi Thursday, 29 April 2021 02:13 AM

මෙයාට නමක් නැද්ද දුප්පත් අයට විතරයි ද නමක් තියෙන්නේ

:       0       2

pradeepa Thursday, 29 April 2021 03:13 AM

ඕක තමයි අපේ රටේ තියෙන ප්‍රධාන දුර්වලතාවය.., ලොකු කෙනෙක් වැරැද්දක් කළොත්. සමාව, පොඩි මිනිහාට උසාවි, එකම රටක්... එක නීතියක්... අපි කොහෙන්ද හිනාවෙන්න ඕනෑ...?

:       0       1

Deepal Nirosh Thursday, 29 April 2021 05:21 AM

මහරජ, ඒ කුසලුත් ‍මේ කුසලුත් හැර තවත් කුසල්ලා සිටිද්ද? ඔව් ස්වාමීනි, අපිත් ඒ කුසලයේ තමයි.

:       0       5

Dr. Lakshman Fernando Thursday, 29 April 2021 05:34 AM

තවත් අවස්ථෘවක් නම් ඔහුට දෙන්න එපා....

:       0       2

JAYATH Thursday, 29 April 2021 06:49 AM

මේක තමයි මේ රටේ නීතිය මේ හාදයට මීට කලිනුත් මේ වගේ චෝදනා තියනවා නමුත් ඉතින් මිනිහ " ලොකුයි " නේ ව හැබැයි මේ ළඟදී දවසක් නාරාහෙන්පිටදී ස්ත්‍රියකට අභිනයෙන් ලිංගික ක්‍රියාකාරකමක් පෙන්නුවයි කියල මනුස්සයෙක් අල්ලලා හිරේ දැම්ම ඒ විදියට හරි නම් මූ එල්ලන්න එපාය ? " කුමට මෙරට අධිකරණය -නීතිය සහ විනිසුරන් "?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 

දියත

නුවරඑළිය දිසාපති පත් කරයි
2025 පෙබරවාරි මස 05 19 0

නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රාජ්‍ය නිලධරයන්ට රට යද්දී තිබූ බාධාවක් ඉවතට
2025 පෙබරවාරි මස 05 27 0

ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ජේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


උඩරට දුම්රිය මඟේ නාය යාම වළක්වන්න පියවර
2025 පෙබරවාරි මස 05 21 0

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ


පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 66 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 95 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 178 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site