IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


මාතර පාසල් සිසුවා ඝාතන සිද්ධියේ සැකකාර සිසුවා රිමාන්ඩ්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


මාතර ඇලවේල්ල පාරේ දී පිහියකින් ඇණ උසස් පෙළ සිසුවකු ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන 16 හැවිරිදි පාසල් සිසුවා ලබන 03 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය අද (26) නියෝග කළාය.


එම සැකකරු නීතිඥ දසරාජ් දසනායක මහතා මගින් මාතර උසාවියට බාර වී තිබුණි.


තිහගොඩ විටියල පදිංචි ඔහු සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැදවන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරිය වැඩි දුරටත් නියෝග කළාය.


මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි රසිදු ගිම්හාන (19) සිසුවා උපකාරක පන්ති යමින් සිටියදී ඝාතනයට ලක් වූයේ ඉකුත් 24 වැනිදාය.



අදහස් (13)

මාතර පාසල් සිසුවා ඝාතන සිද්ධියේ සැකකාර සිසුවා රිමාන්ඩ්

Vidura Monday, 26 November 2018 09:16 AM

මොන පරිවාසද? මරණ දඬුවම දෙන්න ඕනේ...

:       8       366

සරත් Monday, 26 November 2018 09:30 AM

මේ වගේ ඝාතකයන්ට උපරිම දඩුවම් ලබාදිය යුතුයි.

:       0       333

ruchi Monday, 26 November 2018 10:10 AM

මෙයා එලියට ආවොත් අනාගතයේදී තවත් මෙවැනි දේවල් අනිවාර්යයෙන්ම කරනවා. මොකද හිරේ ඉඳලා එලියට එන්නේ ලොකු කෙනෙක් කියලා හිතාගෙන. උපරිම දඬුවම දියයුතුයි.

:       0       3

jayath Monday, 26 November 2018 10:50 AM

විටියල, නායිම්බල , මේවා මීට වසර 35 කට 40 කට ඉස්සර ඉතාම අහිංසක මිනිස්සු කොටසක් ජීවත් වුන ගමවල්. ඒ කාලේ ඒ ගම්වල හිටිය ළමයින්ගෙන් මේවගේ දෙයක් වේවි කියන එක හීනයක්. මේවට වගකියන්න ඕන අය බලය සඳහා පොර අල්ලනවා මිසක් ඒවා ගැන හොයන්නේ නැහැ. රූපවාහිනියේ පෙන්නන්නේ අඩනිරුවත් ජවනිකා. ටෙලිනාට්‍ය වල මිනීමැරුම් දූෂණ. ඒ ඇරුනම දෙමව්පියන්ම අරන් දෙන තමන්ටත් වැඩිය උස "ස්මාර්ට් " දුරකථන වලින් අන්තර්ජාලේට ගිහින් ඕන දෙයක් බලන්න පුළුවන් ඒවා බැලුවම ළමයින්ගේ මනස දූෂණය වෙනවා.

:       0       0

Jagath Leanage Monday, 26 November 2018 11:09 AM

වැඩිහිටි, දේශපාලනකාරයින් පාර්ලිමේන්තුවේ කරන දේවල් බලාගෙන ඉඳලා තමයි ළමයි මේ විදියට නොසන්ඩාල ලෙස හැසිරෙනවා ඇත්තේ...

:       0       37

sn Monday, 26 November 2018 11:23 AM

1.මාතර ළමයින්ගේ රණ්ඩුව බේරන්න කවුරු වත්ම ආවේ නැහැ. 2.මොනරාගල තරුණියක් මරනකම් බලාහිටියා. බේරන්න කව්රුවත් ගියේ නැහැ. 3.කෑගල්ලේ ළමයෙක් ගඟේ ගියා. යාලුවෝ ටික මොකුත් නොදන්නා තාලෙට ගෙදර ගියා. අද අපි කාටවත් සමාජ ආරක්ෂාවක් නැහැ. නීතිය රකින ආයතන, ගුණ ධර්ම කියාදෙන ආයතන වහාම ක්‍රියාත්මක වියයුතුය. ගැරඬියා මීයෙක් ඇල්ලුවත්, මීයව බේරගන්න මිනිස්සු අපි.

:       0       48

lakmal Monday, 26 November 2018 11:27 AM

මේ මිනීමරුවන් පාසල් සිසුන් වන්නේ කොහොමද? ඉදිරියේදී මෙවැනි අපරාධ කරන්නට සැලසුම් කරන අයට අනතුරු හැඟවීමක් ලෙස, මොහුට උපරිම දඩුවම් ලබා දිය යුතුයි. මා සිතන්නේ අද පාසල් සිසුන් මෙවැනි අපරාධ වලට බිය නොවන්නේ පාසල් තුල විනය බරපතල ලෙස කඩා වැටීම නිසයි.

:       0       0

බද්රානි Monday, 26 November 2018 11:30 AM

පාලකයින්, මාධ්‍යවේදීන්, දෙමව්පියන් ඇතුළු වැඩිහිටි පරම්පරාව විසි සමාජයේ වැපිරූ බීජවල අස්වැන්න තමයි අපි මේ නෙලමින් සිටින්නේ. උගත්, බුද්ධිමත්, වැදගත්කම් වෙනුවට, මැරකම, අශිෂ්ඨකම ඉස්මතුවී හා ඒවාට, වටිනාකම් දී ඇති සමාජ වටපිටාවක ජීවත් වෙන බාල පරපුරකින් මීට වඩා යමක් බලාපොරොත්තු විය හැකිද? ඔලු ගෙඩි ප්‍රමාණය වැඩි පමණින් අනෙකාව විනාශ කරමින් තමන් නැගී සිටීමට වෙර දරන හා එයට අනුබල දෙන අඥාන වැඩිහිටි ජාතියක් වෙසෙන රටක මෙවැනි සිදුවීම් අනාගතයේදීත් සුදු නොවුවහොත් තමා අප පුදුම විය යුත්තේ?

:       0       0

padmini Monday, 26 November 2018 11:45 AM

ඔහුගේ පවුලේ පරිසර වාර්තාවකුත් ගන්න. බාල අවධියේ ඉතාම පීඩාවන්ට ලක්වුණු දරුවෙක් වෙන්නට ඕනේ...

:       1       7

sarath Monday, 26 November 2018 12:10 PM

කුඩා ළමුන්ගේ හැදියාව ශිෂ්ටත්වයට පත්කළ හැක්කේ වැඩිහිටියන් ශිෂ්ට වුවොත් පමණකි.අපි පොඩි කාලේ දැක්කේ සදාචාරාත්මක ටෙලි කෘති. ඒවායින් බහුතර සංඛ්‍යාවක් හොඳට හැදුනා. දැන් දවසක් ඇතුලත තරුණ ජීවිත 4ක් තවත් තරුණයින් විසින් ඝාතනය කර ඇත. පාර්ලිමේන්තුවේද හැසිරීම නින්දිත වනවිට පොඩි ළමයින් ගැන කුමන කතාද .

:       0       0

කසුන් Monday, 26 November 2018 01:02 PM

ඕක මගේ කෙනෙකුට වුණානම්.. නීතිය ක්‍රියාත්මක වෙනකම් ඉවසන්නේ නම් නැත !!

:       0       136

රොෂාන් Monday, 26 November 2018 01:41 PM

දකුණේ මහ අයවගේ තමයි පොඩි එවුනුත්. අපි කියන තිත්ත, ඇත්ත අහලා ආගමධර්මය අනුව, පොඩි එවුන් ටිකවත් හදා ගන්න බලාපල්ලා. නැත්නම් ඉතින් ගිය තැන විනාශයි.

:       11       226

චමින්ද Monday, 26 November 2018 02:32 PM

වයස 16ට අඩුවුවත් මිනීමරුවන් පරිවාසයට යැවීම නම් සුදුසු නැහැ. එවැනි දේ වෙනස්වීම පරිවාසයේ සිටින දරුවන්ගේ යහපතට හේතුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 167 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 173 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 316 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1030 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 948 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1259 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 456 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site