(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර ඇලවේල්ල පාරේ දී උසස් පෙළ සිසුවකුට පිහියකින් ඇණ ඝාතනය කළැයි කියන ප්‍රධාන සැකකාර සිසුවා මීට ටික වේලාවකට පෙර නීතිඥයකු මගින් මාතර උසාවියට බාරවිය.
විටියල පදිංචි 16 හැවිරිදි ඔහු මාතර නගරයේ ප්‍රධාන පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක
පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පා
දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.
පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.
බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් දේශපාලනඥයන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පහළොස් දෙනෙකුට එරෙහිව එම වධකාගාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල ලංකාවට පැමිණ අලුත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මාතර පිහි ඇනුම් සිද්ධියේ සැකකරු උසාවියට බාරවෙයි
ජගත් Monday, 26 November 2018 08:04 AM
ගරු පෙරකදෝරු මහත්වරුනි, මෙවැනි නඩුහබ වලට පෙනී නොසිටින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Senarath Monday, 26 November 2018 09:00 AM
තිරිසන්නු, මෙවුන් දන්නේ නැහැ අම්මලා, තාත්තලා කොච්චර දුක් විඳලද දරුවෙක් ලොකුමහත් කරන්නේ කියලා. අනෙක දැන් පවුල්වල ඉන්නේ එක්කෝ එක දරුවයි... නැත්නම් දෙන්නයි. ඉන්න එකම එකත් මරලා දැම්මම ඒ මිනිස්සුන්ගේ ජීවිතේම විඳවනවනේ. මෙවුන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ...
කසුන් Monday, 26 November 2018 01:12 PM
සෙනරත්, ඔබගේ අදහස් පලකිරීමට දිස්ලයික් දාලා තියෙන එකෙන්ම තේරෙනවා මොන තරම් අනුවණ පිරිසක්ද අද රටේ සිදුවන මෙවැනි දෑ සාධාරණීකරණය කරන්න හදන්නේ කියලා... ඉතින් අපේ මනුෂ්‍යත්වය කොභාටද?
athula Monday, 26 November 2018 09:13 AM
ඉහත අදහසට මා එකඟ නොවේ. මේ වගේ තත්වයට රට ඈත්වීම සොයන්න. අපේ රට මෙහෙම තිබුණු රටක් නොවේ. මිනී මරන්න, දූෂණය කරන්න, හොරකම් කරන්න, මංකොල්ල කන්න, ගහමරා ගන්න පුරුදු කලේ කවුද? මේ සියලු අපරාධ වලට වග කියන්න ඕනෑ 70 වසරක් රට කාපු ඔය හැමකෙනාම... ඔය අය වපුරපු බීජ අද නෙලමින් ඉන්නවා. තත්වය ඉතාම නරකයි මා එම වීඩියෝ දර්ශන නැරඹුවා. ප්‍රවෘත්තිවලදී අද මේවා සාමාන්‍ය දේවල් ඔයිට පෙර ගිරව් අල්ලන්න ගිය පාසල් ළමුන් දෙන්නගෙන් එක්කෙනෙක් මරලා පාලු ළිඳකට දාලා තිබුණු මේවා වෙන්න පුළුවන් දේවල්ද?
Ravini Monday, 26 November 2018 09:35 AM
මේ පළාතේ ඔහොම නොවුනොත් තමයි පුදුම. හැම පවුලටම ඉඩ කඩම් තණ්හාව. ළමයින්ට පොඩි කාලෙම රණ්ඩුසරුවල් ඉඩම් නඩු ඇරෙන්න මාතර පලාතෙන් වැඩිහිටි ඇවෑමෙන් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. අපි ඔය පැත්තේ ඉන්න දුර ඥාතින් පුළුවන් තරම් අයින් කරලා ඉන්නේ. මගුලක් මරණයක් වුනත් අපි එදාම ගිහින් එනවා මිසක් ගෙවල් වල නවතින්නේවත් නැහැ .
naradha Monday, 26 November 2018 11:45 AM
මෙවැනි සිදුවීම් වලට කරුණු දෙකක් දකිමි. පාසල් තුළ විනය දරුණු ලෙස කඩා වැටීම... ගුරුවරුන් හට පාසල් විනය ගෙන යාම සඳහා වේවැල භාවිතා කිරීමට අවසර දිය යුතුයි. අනිත් කරුණ නම්, මෙවැනි දරුණු අපරාධ කරුවන්ට රටේ නීතියෙන් ලිහිල් දඬුවම් ලැබීම නිසා මිනිසුන් තුළ අපරාධ කිරීමට ඇති බිය තුරන්ව ඇතිවීමයි...
dias Monday, 26 November 2018 11:50 AM
නොදකින් කලකණ්ණි. මේ පොඩි කාලේ ඉඳලම රටේ පාර්ලිමේන්තුවෙන් උදාහරණ ගන්නවා...
daya Monday, 26 November 2018 01:21 PM
ලංකාවේ සියලුම පාසල්වල විනය පිරිහිලා. පාසැල්වලට ළමයි ඇතුළත් කරන චක්‍රලේඛය සංශෝධනය කර මෙවැනි වැරදි කර ඇති ළමයින් ඉන්න පවුල්වල ළමයින් රජයේ පාසැල්වලට ඇතුළත් කර ගැනීමේ සීමා පැනවිය යුතුයි.. යහපත් සමාජයක් ඇති කිරීමට මෙමගින් සමාජයේ මතයක් ඇති කළ හැකියි.