IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මාතලේ- මුවගල සංවේදී කලාපයේ ගස් කැපී යැයි විරෝධතාවක්

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

මාතලේ මුවගල කදන්දෙහි පරිසර සංවේදී කලාපය තුළ ගස් කපමින් නව ඉදිකිරීම් සිදුකිරිමට විරෝධය දක්වමින් විරෝධතාවක් තැන්න හන්දියේදී අද (03) වන දින පවත්වන ලදි.

මුවගල කන්දෙහි සංවේදී කළාපය තුළ ගස් කපමින් හෝටලයක් ඉදි කිරිම ආරම්භ කර ඇතැයි පවසමින් එය වහාම නතර කරන ලෙස බල කිරිම සදහා මාතලේ දිස්ත්‍රික් පරිසර සංවිධාන එකමුතුව හා තැන්න උඩුපිහිල්ල දෙකේකනුව කිරිමැටියාව ප්‍රදේශවාසීහු එක්ව මෙම විරෝධතාව පැවැත්වූහ.

කළුවැල්ගොඩ හන්දියේ සිට පා ගමනින් පැමිණි විරෝධතාරුවෝ තැන්න හන්දියේ පැයක පමණ කාලයක් විරෝධාතාවේ නිරත වුහ.



අදහස් (3)

මාතලේ- මුවගල සංවේදී කලාපයේ ගස් කැපී යැයි විරෝධතාවක්

Champa Thursday, 03 September 2020 07:03 AM

තමන්ගේ පළාත් වල පරිසරය, ගහකොළ, තෙත්බිම් රැකගන්න ගම්වල ජනතාව ඉස්සරහට එන්නම ඕනේ මේ විදිහට. පාලකයෝ ජීවත් වෙන්නේ ඒසී තියෙන කොළොඹ මන්දිරවල. යන්නේ එන්නේ වෙඩි නොවදින රථවල. ඒ හින්ද කිසි ගානක් නැතුව පරිසරය විනාශ කරන්න ඕඩර් දෙනවා. හැබැයි ඒවයේ ප්‍රතිවිපාක විඳින්න වෙන්නේ ගමේ ජනතාවට. ගම්වල මිනිස්සුන්ට තමයි අනාගතේ වතුර හිඟ වෙන්නේ. ඒ හින්ද ආහාර අර්බුද වලට මුහුණ දෙන්නත් වෙයි. දැනුත් පොඩ්ඩ ඇත්නම් නියං සාය ඇති වෙනවා.

:       0       51

SenarathThursday, 03 September 2020 09:19 AM

රජය නිහඬ ප්‍රතිපත්තියක් මේ දක්වා කරගෙන යන අතර මහජන හඬනැගීම් කුමකටද?

:       0       33

sharm warn Thursday, 03 September 2020 08:56 AM

මේ ආණ්ඩුව ආව දවසේ ඉඳන් පරිසර හානි සහ ගස් කැපීම් ගැන විතරද අපිට අහන්න තියෙන්නේ..? මොකක්ද මේ වෙන්නේ? පරිසරය වනසන එකේ ඉවරයකුත් නැහැ. ගත්තු ක්‍රියාමාර්ගයකුත් නැහැ. දුන්නු දඬුවමකුත් නැහැ. 69 ලක්ෂයට ගොඩක් සතුටු ඇති. ලංකාව තව කොච්චර කාලයක් පවතීද දන්නේ නැහැ මෙහෙම යනකොට..

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 67 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 50 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 76 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 275 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.



හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 436 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site