IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මාතලේ ස්වභාවික රක්ෂිතවල වටිනා පැළෑටි විකිණීමේ ජාවාරමක්

(ඉන්දික අරුණ කුමාර)
 
මාතලේ දිස්ත්‍රික්කයේ ස්වභාවික වනාන්තරවල පිහිටි කළුවර, නුග,බුරුත, දිවි කදුරු, බිං කොහොඹ, බක් මී ඇතුළු වටිනා පැළෑටි ගලවා විවිධ ඉදිකිරීම් ආයතනවලට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව පරිසර හිතකාමීහු කියාසිටිති.
 
ජාවාරම්කරුවන් සූක්ෂමව මෙම පැළ ගලවා තැරැව්කරුවන්ට අලෙවි කරන බව ඔවුහු පවසති.
 
මාතලේ වසර දහස් ගණනක් පැරණි සොභා රක්ෂිත රැසක් පවතින අතර විවිධ පැළෑටි වර්ග ද අතිවිශාල ප්‍රමාණයක් පවතියි. ඉදිකිරීම් සමාගම් මෙම පැළෑටි උද්‍යාන අලංකරණය, සංචාර හෝටල් භූමි අලංකරණය ආදි කටයුතු සඳහා මෙම පැළැටි භාවිත කරයි.
 
ඇතැම්හු මෙම පැළෑටි විවිධ ආකාරයට සකසා ප්‍රසිද්ධියේ අලෙවිකරන බවත් මේ සම්බන්ධයෙන් වගකිවයුතු අංශවල අවධානය යොමු විය යුතු බවත් ඔවුහු අවධාරණය කරති.
 
මාතලේ දිස්ත්‍රික්කයේ පහසුවෙන් ළඟාවිය නොහැකි වන රක්ෂිත ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම වටිනා ශාක ජාවාරම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බව පරිසර හිතකාමීහු අවධාරණය කරති.
 
මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශකයෙකු කියාසිටියේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අවශ්‍ය පියවර ගන්නා බවයි.



අදහස් (6)

මාතලේ ස්වභාවික රක්ෂිතවල වටිනා පැළෑටි විකිණීමේ ජාවාරමක්

දිමුත් Wednesday, 27 November 2019 05:09 AM

ජාතික අපරාධ!

:       1       4

රජින්ද Wednesday, 27 November 2019 05:22 AM

මේ වගේ තමන්ගේ මව්රට විකුණන් කන අසත්පුරුෂයන්ට විරුද්ධව ඉතාමත් ඇල්මැරුණු ලිහිල් නීතියක් ක්‍රියාත්මක වීම අතිශයින්ම ශෝචනීය කරුණකි.

:       1       14

kamaniWednesday, 27 November 2019 09:39 AM

කොළඹ වරායෙන් වටිනාම ඉඩම් සින්නක්කරවම ලියලා දීම මට අමතක උනා.

:       0       0

Raveendra Wednesday, 27 November 2019 06:27 AM

ඔන්න අවස්ථාව අපේ නවතම මුල් පුරවැසියාට මෙම ජාතික හොරුන්ට තමන්ගේ ඒ ආදරණිය අම්මගෙන් බිවු මව්කිරි මතක්වෙන්න දුන්නාට කිසිදු පවක් නැත. මේ අයට අපගේ මව්බිමේ ජීවත්වීමට කිසිදු අයිතියක් නොමැත.

:       1       4

shani_ Wednesday, 27 November 2019 08:32 AM

ඉහත ඉතා හොඳ ප්‍රතිචාර 3ටම අන්ලයික් කරලා තියෙන්නේ මේ ජාවාරමට සම්බන්ධ අය වෙන්න ඕනෑ අනිවාර්යයෙන්ම...

:       1       2

kamal Wednesday, 27 November 2019 09:24 AM

රාජ්‍ය දැව සංස්ථාවක් සහ කෘෂිකර්මාන්ත දෙපාර්තුමෙන්තුවක් තියෙනවා නේද ඇයි මේ පැල තවාන් දාලා හදලා විකුනන්න බැරි? චීනෙන් ණයට අරන් බාල් නටන එක ඊට වඩා ලේසි නිසාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 99 0

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1426 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 471 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 262 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 232 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 401 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site