IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


‘මැතිවරණයකට පෙර රටේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි’

(නිමල කොඩිතුවක්කු)

මැතිවරණයකට වඩා රටේ ආරක්ෂාව වැදගත් බැවින් මැතිවරණයක් පැවැත්වීමට පෙර රටේ ආරක්ෂාව තහවුරු කළ යුතු බව  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පැවැසීය.

විශාල රැලි පැවැත්වීම, ගෙයින් ගෙට යාම මේ අවස්ථාවේදි සුදුසු නොවන බවත් දේශපාලනයට වඩා රටේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කිරීම සෑම දේශපාලඥයකුගේම වගකීම විය යුතු බවද ඔහු සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (13) පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින් අර්ජුන රණතුංග මහතා මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මෙසේද කීය.

“මේ වෙලාවේ මැතිවරණය නෙමෙයි වැදගත් වෙන්නේ. මේ ප්‍රශ්නය විසඳාගත යුතුයි. ඡන්දය අපිට ඕනෑම අවස්ථාවක පැවැත්විය හැකියි. මේ රෝගය වළක්වා ගන්න මුදල් යෙදෙව්වාට අපි කවුරුත් විරුද්ධ  වෙන්නේ නැහැ. විපක්ෂය විදියට අපිත් ඒ සඳහා උදව් කරන්න ඕන.

මැතිවරණයේදී විශාල  රැලි පැවැත්විම මේ වෙලාවේ සුදුසු නැහැ. ගෙයින් ගෙට යනවාට මිනිස්සු කැමති නැහැ. අපිට දේශපාලනයට  වඩා අවශ්‍ය මේ රටේ ආරක්ෂාවයි.  අපි හරියට මේ ප්‍රශ්නය දිහා බැලුවේ නැත්නම් මේක  යුද්ධයටත් වඩා භයානක තත්වයක් ඇතිවිය හැකියි.

සමහර  එක්කෙනෙක් දෙන්නෙක් විපක්ෂය ගැන, ආණ්ඩුව ගැන, එයාලගේ බලය ගැන  කියනවා. ඒක නෙමෙයි වැදගත් රටේ ජනතාවට ආදරේ අය විදියට අපි රට වෙනුවෙන් කටයුතු කළ යුතුයි” යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (5)

‘මැතිවරණයකට පෙර රටේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි’

හේරත් Friday, 13 March 2020 09:23 AM

කරුණාකර මේ දේශපාලන ඊනියා සෙල්ලම දැන්වත් නවත්තලා රටේ උද්ගත විය හැකි මහ ව්‍යසනය ගැන අවධානය යොමු කරන්න. මේ වෙලාවේ රටේ සියලුම සම්පත් නිසි ලෙස කලමනාකරණය කරගනිමින් ව්‍යසනය මර්ධනයට අවධානය යොමු කරන්න. අප තවම සිටින්නේ මෙය මර්ධනය කරගත හැකි මට්ටමේ. මෙය ජාතික ගැටලුවක් වුවොහොත් ඇති විය හැකි තත්වය අතිශයින්ම භයානකයි. මෙම තත්වය රටේ දරුණු "සාගතයකට" සහ ආර්ථික කඩා වැටිමකට ලක් කර හැකියි.

:       12       63

Raveendra Friday, 13 March 2020 09:26 AM

ඔබ මොන දේශපාලන කොටසකට වන්දනාමාන කරත් ඔබගේ අදහස් අප ඉහළින්ම අගයන්නෙමු. ඇත්තෙන්ම මූලිකව විය යුත්තේ රටේ ආරක්ෂාව මෙන් පුරවැසියන්ගේ ආරක්ෂාව බව සම "හරක්" දියවන්නාවේ අයට නොතේරීම අවාසනාවකි.

:       21       29

Kumara Friday, 13 March 2020 09:28 AM

2/3 ඉල්ලන මහත්වරු... හිතුවා නම් තමයි හොඳ...

:       25       103

මුණසිංහ Friday, 13 March 2020 10:17 AM

මඩකලපුවේ උද්ඝෝෂණ කරන අපතයින්ට මෙය අවබෝධ වේවා...!!!

:       0       24

විපරමා Friday, 13 March 2020 10:36 AM

අවුලක් වෙන එකක් නැහැ. රටේ ආරක්ෂාවට වගකියන නායකයෙක්නේ පත්කරලා තියෙන්නේ ...

:       0       20

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

බටලන්ද ඝාතන අසා කතානායක කඳුළු සලයි
2025 මාර්තු මස 14 17 0

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා බ


වෛද්‍යවරිය අපයෝජකයා රිමාන්ඩ්
2025 මාර්තු මස 14 90 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදීම බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අ


සාලි නලීම් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා වෙයි
2025 මාර්තු මස 14 631 0

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා එම මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්විය.


ආහාර නිසා ඇතිවන රෝග ඉහළට
2025 මාර්තු මස 14 143 2

ආහාර ආශ්‍රිත ව රෝගාබාධ වලට ගොදුරුවන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
2025 මාර්තු මස 14 1475 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඉරිදා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


මන්නාරම සුළං බලාගාරයට නඩුවක් හරස් වෙලා
2025 මාර්තු මස 14 405 1

මන්නාරම සුළං බලාගාරයේ ඉඩම් සම්බන්ධයෙන් නඩුවක් පවතින හෙයින් එහි කටයුතු අදානි සමාගමට මෙන්ම ලංකා රජයටද දැන්ම ආරම්භ කළ නොහැකි බව විදුලි බල හා බලශක්තිය අ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 242 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 552 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 255 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site