(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ නීති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පිළිගත් දේශපාලන පක්ෂවලට ලබාදී තිබූ කාලය ලබන ජුලි මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (21) තීරණය කළේය.
මැතිවරණ හා ඡන්ද විමසීම් නීති ප්‍රතිසංස්කරණය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනා සහ අදහස් 94ක් දැනට ලැබී ඇතැයි එම කාරක සභාවේ ලේකම් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානී රෝහණදීර මහත්මිය පැවසුවාය .
මැතිවරණ හා ඡන්ද විමසීම නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) පෙරවරුවේ රැස් විය.
අදාළ යෝජනා ලබන ජුලි මස 15 වැනිදාට පෙර ලිඛිතව දන්වා එවන ලෙස සභාපති දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ලියාපදිංචි දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී.
සියලු යෝජනා [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ලේකම් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට හෝ යොමු කළ හැකි වෙයි.
මැතිවරණ හා ඡන්ද විමසීම් ප්‍රතිසංස්කරණ මිශ්‍ර ඡන්ද ක්‍රමයට අනුව කිරීමටද කාරක සභාව මෙහිදී එකඟ විය.එසේම එම මූල ධර්මය පදනම් කරගනිමින් පළාත් පාලන පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සිදු කිරීම සඳහා ඉදිරි සාකච්ඡා පැවැත්වීමට ද තීරණය කෙරිණ.
කාරක සභාව හමුවේ සාක්ෂි සහ අදහස් ලබා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව සහ පැෆරල් සංවිධානය ඉදිරියේ දී කැඳවන බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය .
මෙම කාරක සභා රැස්වීමට කැබිනට් අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා මහාචාර්ය ජී එල් පීරිස් ,පවිත්‍රා දේවී පවිත්‍රාදේවි ,සහඅලි සබ්රි ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක කබීර් හෂීම් රංජිත් මද්දුමබණ්ඩාර මනෝ ගනේෂන් එම් ඒ සුමන්තිරන් මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරු ද සහභාගි වූහ.
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති වලට අදාල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන ඉදිරි සංශෝධන ඉදිරිපත් කිරීමත් මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පැවරී ඇති වගකීම වෙයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක
පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පා
දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.
පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.
බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් දේශපාලනඥයන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පහළොස් දෙනෙකුට එරෙහිව එම වධකාගාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල ලංකාවට පැමිණ අලුත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මැතිවරණ නීති හදන මැති සබා කමිටුවෙන් තීරණයක්