මහ මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා ආගමික ස්ථාන භාවිතයට ගැනීමෙන් වළකින ලෙස පැෆරල් සංවිධානය නිවේදනක් නිකුත් කරමින් කියාසිටී.
මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා පූජනීය ස්ථාන භාවිත කිරීමට ඉඩ ලබා නොදෙන ලෙසද පැෆරල් සංවිධානය සියලූම ආගමික නායකයින් සහ ආගමික ස්ථාන භාර පූජ්‍ය පක්ෂය වෙත ඉල්ලීමක් කරයි.
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79(2) වගන්තියට අනුව ආගමික ස්ථානවල මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදුකිරීම මැතිවරණ දූෂණය නැමති වරදට ඇතුළත් බවද එම සංවිධානය පවසයි.
ආගමික රැස්වීමකදී යම් අපේක්‍ෂකයකුට ඡන්දයදීම හෝ නොදීම සඳහා පෙළඹවීම, එකී කාර්යයන් සඳහා ආගමික රැස්වීමකදී ප‍්‍රචාරක පත‍්‍රිකා, ඡායාරූප ආදිය බෙදාහැරීම, යම් අපේක්‍ෂකයකු ප‍්‍රවර්ධනය හෝ යම් අපේක්‍ෂකයකු අගතියට පත් කිරීම පිණිස පූජනීය ස්ථානයක මහජන රැස්වීමක් සංවිධානය කිරීම ආදී ක්‍රියා මගින් මැතිවරණ දූෂණ ක‍්‍රියා යටතේ වන අයුතු බලපෑම නමැති වරදට වරදකරු වන බව පනතේ 79(2) වගන්තියේ දැක්වේ.
එවැනි ක්‍රියාවල යෙදුණු පුද්ගලයකු මහාධිකරණයක් ඉදිරියේ පවත්වන නඩු විභාගයකදී වරදකරු වුවහොත් රුපියල් 500ක දඩයක් හෝ මාස 6ක සිරදඬුවමක් හෝ එම දඩුවම් දෙකම පැනවිය හැකි අතර, එයට අමතරව වසර 7ක් දක්වා කාලයකට මැතිවරණයකට ඉදිරිපත් වීමට හෝ ඡන්දය ප‍්‍රකාශ කිරීමට නුසුදුස්සෙකු වන බව පනතේ 81 වන වගන්තිය දක්වයි.
පනතේ මෙම ප‍්‍රතිපාදන අවධාරණය කරමින් මැතිවරණ කොමිෂන් සභාව 2020 ජූනි 29 දින අංක EC/E/DR/PE/2020/4 දරණ ලිපිය මගින් සියලූම පිළිගත් පක්‍ෂ ලේකම්වරුන්ට සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයන්ට මේ වන විටත් දැනුම් දී ඇති බවද නිවේදනයේ දැක්වේ.
මැතිවරණයේ නිදහස සහ සාධාරණත්වය සඳහා මැතිවරණ නීතිවලට අවනත වීමේ වැදගත්කම අවධාරණය කරමින්, මැතිවරණයේ සුපිළිපන්න බව සඳහා දායකවන ලෙස පැෆරල් සංවිධානය සඳහන් කරයි.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මැතිවරණ ප‍්‍රචාරණයට ආගමික ස්ථාන යොදා නොගන්නැයි පැෆරල් ඉල්ලයි
Gamage Friday, 03 July 2020 09:35 AM
මේ පාර මොන නාගයෙක් මොන වතුර බෝතලයෙන් මතුවෙයිද දන්නේ නැහැ..