(සුජිත් හේවාජුලිගේ)
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව ) සහ මුදල් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා පහක මුල් පුටු ළඟදීම වෙනස් වනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය හොබවනු ලැබුවේ මහාචාර්ය චරිත හේරත් මහතා විසිනි. රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය මහාචාර්ය තිස්ස විතාරණ මහතා හෙබවූ අතර මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය හොබවනු ලැබුවේ නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසිනි.
මාලඹේ උසස් තාක්ෂණ ආයතනය(ස්ලිට්), ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සංචාරක සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක සිදුවී ඇතැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කෝප්, කෝපා ඇතුළු කමිටු විසින් වැදගත් තොරතුරු රැසක් පසුගිය කාලයේදී අනාවරණය කර ගනු ලැබූ අතර මෙම ඇතැම් විමර්ශන සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන්ම විවිධ චෝදනා එල්ල වනු අසන්නට ලැබිණ.
ඇතැම් ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කෝප් සහ කෝපා කමිටු විසින් වෙනම වාර්තාද පාර්ලිමේන්තුවට මෑත භාගයේදී ඉදිරිපත් කරනු ලැබීය.
නව වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා අවසන් කරනු ලැබූ අතර පාර්ලිමේන්තුවේ කමිටු කීපයක් හැරෙන්නට කමිටු හතළිහකට ආසන්න සංඛ්‍යාවක් මේ සමග අහෝසිවී ගියේය.
කෝප් සහ කෝපා කමිටුවලට පසුගිය කාලයේ බරපතළ දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවූ ආයතන 20ක පමණ ප්‍රධානීන් කැඳවීමට නියමිතව තිබූ අතර එම කටයුතුද කමිටු අහෝසි වීමත් සමග ප්‍රමාද වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
අහෝසිවී ගිය මෙම කමිටු නැවත පිහිටුවිය හැක්කේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීමෙන් පසුවය. මුලින්ම තේරීම් කාරක සභාව (committee of selection) පත්කරනු ලැබිය යුතු වන අතර පාර්ලිමේන්තු කමිටුවලට පත් කිරීම සඳහා සාමාජිකයන් යෝජනා කරනු ලබන්නේ එම තේරීම් කාරක සභාව විසිනි.
පාර්ලිමේන්තුවේ සැසිවාරය ජනාධිපතිවරයා විසින් අවසන් කරනු ලැබීමත් සමඟ කමිටු රැසක කටයුතු අහෝසිවී ඒවා නැවත පත් කිරීමට සිදුවීම නිසා එම කමිටුවල වැඩකටයුතුවලට එහිදී බාධා මතු වන බව මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ හිටපු සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය හිමිවී තිබුණද සාමකාමී වාතාවරණයක් පවතින අවස්ථාවක පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමද ගැටළු සහගත බව හෙතෙම සඳහන් කළේය.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මැතිසබයේ කමිටු පහක මුල් පුටුවල වෙනසක්
සඳුන් Saturday, 18 December 2021 10:04 AM
ඔය කුමන තරාතිරමක කෙනෙක් වුනත් අපේ සර් ගෙන් ගැලවෙන්න බැරි වෙයි ........ බැති බර බයියෙක් ගේ හීනය
nimelen Saturday, 18 December 2021 11:57 AM
අහු නොවෙන්න හොරකන් කරන්න විදි හොයනවා වගෙයි...
Rohan Saturday, 18 December 2021 12:56 PM
ඔලුව කැක්කුමට කෝට්ටේ මාරු කරලා හරි බලමු
සෑම් Saturday, 18 December 2021 04:41 PM
පිස්සෙකුට බලය දීලා මීට වැඩිය මොනවා බලාපොරොත්තු වෙන්නද?
Demuni Uduwara Sunday, 19 December 2021 03:45 AM
බළලා මල්ලෙන් එළියට පැන්නා...