IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මැතිසබයේ කෑම පිල්ලි යාම වැලැක්වීමට අලුත් වැටක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ ගමන්මලු හිටිහැටියේ (අහඹු) පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අලුතින් ආරම්භ කළ බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

මේ අනුව   සේවකයන් විශේෂයෙන්ම  පාර්ලිමේන්තු පරිශ්‍රයෙන්  පිටතට යන අවස්ථාවන්හිදී වැඩි වශයෙන් පරීක්ෂාවන්ට භාජන කෙරෙනු ඇත.

පාර්ලිමේන්තුවේ  ආහාර ද්‍රව්‍ය  ලිපි ද්‍රව්‍ය ඇතුළු  භාණ්ඩ  පිට කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන   බවට ලැබී ඇති තොරතුරු අනුව මෙම පරීක්ෂා කිරීම්  ආරම්භ කළ බව එහි  උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට  ගෙන එන ආහාරවලින් රුපියල් කෝටි දෙකකට ආසන්න  ආහාර ප්‍රමාණයක්  නාස්තිය සහ දූෂණය නිසා  අහිමි වන බව  විගණන විමර්ශනවලදී පසුගියදා තොරතුරු හෙළි විය.

නාස්තිය සහ දූෂණය  වැලැක්වුවහොත්  පාර්ලිමේන්තු  ආහාරපාන  සැපයුම  මීට වඩා  විධිමත් මට්ටමට ගෙන ආ හැකි බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති.



අදහස් (15)

මැතිසබයේ කෑම පිල්ලි යාම වැලැක්වීමට අලුත් වැටක්

තිලක් Friday, 07 January 2022 12:41 PM

උත්තරීතර මහජන සේවකයින් කන කෑමේ හැටියට ඕකේ ඉන්න අහිංසකයෙක් පොඩ්ඩක් හොරාකෑවම මොකද?

:       2       22

දිමුත්Friday, 07 January 2022 01:56 PM

ඇයි මේ සේවකයන්ගේ ඒවා විතරක් දාන්නෙ. 225 ගේ ඒවත් දාන්නකෝ.

:       1       30

ජයරත්න Friday, 07 January 2022 12:49 PM

ලැජ්ජාවේ බෑ..

:       2       19

kamal Friday, 07 January 2022 01:20 PM

යහපත් වැඩක්

:       10       7

Hafeel Friday, 07 January 2022 01:20 PM

ඔන්න ආණ්ඩුව බිම් මට්ටමින් දුෂණ වංචා නවත්තන පටන්ගත්තා. අලි රිංගන්න එක නොවේ කතාව. පූස් පැටව් රිංගන එක තමයි ලොකු කතන්දර

:       5       24

hashan Friday, 07 January 2022 01:25 PM

යහපත් වැඩක්

:       10       8

weerasekara Friday, 07 January 2022 01:30 PM

බොරු ෂෝ පමණි

:       4       19

Kamal Friday, 07 January 2022 01:42 PM

මහ කකුලුවො පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා ඒ කිවුවෙ මහ කකුලුවො කෙලින් අතට ගමන් කරනවා නෑ නෑ පොඩි එවුන්ට යන්න කියනවා කොහොම උනත් පහු වෙනකොට පොඩි එවුන්ට පුලුවන් වෙනවා මොන පිස්සුද........උන් ඔක්කොම හරහට යනවා..

:       2       19

ravin Friday, 07 January 2022 02:22 PM

අනේ මන්දා... පැරැණි කියමනක් තියෙනවා පහත් තැනින්ලු වතුර ගලන්නේ කියලා...

:       0       12

Rexi Friday, 07 January 2022 02:38 PM

අපවාදයට වඩා ආදර්ශය උතුම් කියනවානේ .ඔකේ හැමදාම කතා කරන්නේ හොරකම,මැරකම ,දුෂණය නාස්තිය ගැන නේ .ඉතින් අහගෙන ඉන්න අය ඒවාට පුරුදු වෙනවා.අරයා හොරා මෙයා හොරා කිව්වාට කාවවත් හිරේ දාලා නැහැ නේ.ඉතින් 225 බලාගන්න කට්ටියත් දනනවා ඕවාට හම්බ වෙනවා කියන්නේ ඉබ්බන්ගෙන් පිහාටු ගත්තා වගේ කියලා

:       0       18

BamunuarachchiFriday, 07 January 2022 05:22 PM

අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ. මෙන්න බොලේ අලුත් ආප්තෝපදේශයක්... මේක මොන කරණයද? මුසල්මානුකරණය නම් නොවෙයි.

:       4       0

BamunuarachchiSaturday, 08 January 2022 08:20 AM

හලෝ අර හාදයා ලියලා තිබෙන්නේ අපවාදයට වඩා ආදර්ශය උතුම් කියලා...

:       0       0

Bamunuarachchi Friday, 07 January 2022 05:19 PM

ජෙප්පෝ ෂුවර්ද? චෙක්කළොත් නරකද? පඩිය පක්ෂෙට දුන්නාම කොහෙන් කන්නද?

:       7       2

ගමේ එකාලා Friday, 07 January 2022 08:03 PM

දූෂිත... දේශපාලුවන් බලයට පත්කරලා එවපු ජනතාව අද කන්න නැතුව දුක් විඳිනවා. ජනතාව ගසාකෑවා මදිවාට තව සුපිරියටම කෑමත් ලැබෙනවා...

:       0       1

BamunuarachchiSaturday, 08 January 2022 10:54 AM

මෙයා ඉපදීලා තිබෙන්නේ ගිය සුමානේද කොහෙද? දුෂිත නැති දේශපාලුවෝ 1977න් පසුව මේ රටේ හිටියද? බැංකුව මංකොල්ල කාලා සල්ලි බෙදාගත්ත දේශපාලුවන් නේද 2015-2020 දක්වා රට කෙරුවේ..?. ඔවුන් නිසා නේද වීදේශිකයන් ඔවුන්ගේ තැන්පතු බැංකුවලින් ආපසු අරගෙන රට මේ තත්වයට වැටුණේ? තව මොනවද කථා ගමයෝ?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 52 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 612 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 175 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 184 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 720 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 240 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site