IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මැතිසබයේ බතපතේ ගණන් උස්සයි

 

(සුජිත් හේවාජුලිගේ)

ගෑස් ඉන්ධන කිරිපිටි එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා පාර්ලිමේන්තුවේ නිලධාරීන්ගේ, සේවකයන්ගේ සහ අමුත්තන්ගේ ආහාර වේල්වල මිලද පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් මේ මාසයේ සිටම වැඩි කරනු ලැබ ඇත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර වේලේ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මන්ත්‍රීවරුන්ගේ ආහාර වේලේ මිල පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඉදිරියේදී රැස්වී තීරණය කරනු ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම නිසා ගෘහ කාරක සභාව මේවනවිට පවතින්නේ අක්‍රිය තත්වයේය.

පාර්ලිමේන්තුවේ ආහාරවල මිල ගණන් මෙසේ වැඩි කෙරෙන්නේ වසර හතරකට පමණ පසුව බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නව මිල සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවේ විධායක නිලධාරියකුගේ කෑම වේල සඳහා(විධායක ශ්‍රේණි ආපනශාලාව) මාසිකව අය කෙරුණු රුපියල් හාරසියයේ ගාස්තුව රුපියල් 700 දක්වා වැඩි කෙරෙනු ඇත.

සාමාන්‍ය සේවකයකු සඳහා (සාමාන්‍ය ආපන ශාලාව) මාසිකව අය කෙරුණු රුපියල් දෙසීයේ ගාස්තුව නව මිල සංශෝධනය යටතේ රුපියල් හාර සියයක් දක්වා වැඩි කෙරෙන අතර පොලිස් නිලධාරියකුගෙන් කෑම වේලක් සඳහා අය කෙරුණු රුපියල් 25ක මුදල රුපියල් පනහක් 50 ක් දක්වා වැඩි කෙරේ.

පාර්ලිමේන්තු ආවරණය සඳහා පැමිණෙන මාධ්‍යවේදියකුගේ කෑම වේලක් සඳහා අය කෙරුණු රුපියල් 70ක මුදල රුපියල් සියයක් දක්වා වැඩි කෙරෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

ගෑස් ඉන්ධන කිරිපිටි එළවළු සහල් සහ ආහාර පිළියෙළ කිරීමට අවශ්‍ය වන අමුද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා පැරණි මිල ගණන් වලට ආහාර ලබාදීම කිසිසේත්ම කළ නොහැකි හෙයින් මිල ගණන් මෙසේ සංශෝධනය කළ බව පාර්ලිමේන්තු ආපනශාලා අංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

 



අදහස් (17)

මැතිසබයේ බතපතේ ගණන් උස්සයි

යෝගා Monday, 10 January 2022 10:25 PM

එක රටක්, එක නීතියක් ක්‍රියාත්මක කරගන්න අමාරු එකේ අඩුගානේ... එක රටක්, එක මිලක් කරලා දෙනවාද? මොකද මේවා ඇහෙනකොට මිනිස්සුන්ට එලෝ, මෙලෝ පේන්නේ නැතිව යනවා..

:       1       0

samanthalal Monday, 10 January 2022 10:51 PM

ඇයි රුපියල් 50ට 100ට කැම දෙන්නේ? මෙතැනින් පාඩුවක් නොවෙන විදියට අය කරන්න. 700ට වඩා කෑම එක වටිනවා නම් ඒ වටිනාකම ගෙවන්න ඕනෑ. රටේ කිසිම කෙනෙකුට මහජන මුදලින් නොමිලේ කෑම දෙන්න ඕනෑ නෑ..

:       0       0

sriyal Monday, 10 January 2022 11:07 PM

කෑම තම බඩට නම් ඇයි කවුරුත් වන්දි ගෙවන්නේ...?

:       0       0

lakvidu Monday, 10 January 2022 11:10 PM

බන්දුල ගුණවර්ධන මාසික ජීවන වියදම 2500කට හැදුවේ මේක බලලා වෙන්න ඇති මගෙ හිතේ...

:       0       0

Prabha Tuesday, 11 January 2022 12:24 AM

කැකිල්ලේ තීන්දුම තමයි. එතකොට පින්ගුත්තරයින්ට විතරක් පරණ මිලට කෑම...?

:       0       0

Ruhunu Tuesday, 11 January 2022 02:06 AM

එයාලා අපෙන් කාලානේ ජීවත් වෙන්නේ. කොච්චර ගණන් ගියත් අපි කන්න දෙමු.. අපිට ලොකු පිනක් සිද්ද වෙනවනේ...

:       0       0

Perera Tuesday, 11 January 2022 05:14 AM

මැති ඇමැතිගේ බත්පතේ ගානේ වෙනසක් ගැන තීරණයක් අරන් නැහැනේ...

:       0       0

jayaweera Tuesday, 11 January 2022 06:38 AM

අහෝ මෙහෙම පාපයක්... මහජනතාවගේ මුදල් නේද මේ කන්නේ? මෙතනට එන අයගේ පඩි අඩුද?. ඇයි රටේ එක එක තැන එකඑක සැලකිලි...? වහාම මෙය නැවැත්විය යුතුයි. මේ නිසා තමයි පාර්ලිමේන්තුවට එන පුද්ගලයන් මෙතරම් දූෂිත වෙලා තියෙන්නේ. සැප ඕනෑනම් තරු හෝටලයකට ගිහිල්ලා කන්න කියන්න. ඇයි මහජනතාව මත මේ බර පටවන්නේ...?

:       0       0

Raveendra Tuesday, 11 January 2022 07:08 AM

මෙය නම් පුදුම හෙනගහන අපරාදයක්...මන්දදුද්ධිකයන් 226 වන අපගේ "මුලික මෙන්ම අන්තිම" අයිතිවාසිකම්ද අපේ,මේ ඉනියා පාලකයන් උල්ලංගනය කර ඇත. හෙටම අප "මන්ද බුද්ධිකයෝ 226 දෙනාම" ලිප්ටන් වටරවුමට උද්ගෝෂණ සදහා එනවා එනවාමයි..වහාම ඉනියා තීරණය හකුලාගනිව් ....වැඩක්පලක් කරගන්න බැරි මන්දබුද්ධික බුරුවන් 226 වන අපට නිකං කන්න දියව් නැත්නම් හැමදාම පාරට එනවා....මීට එක්සත් "මන්ද බුද්ධිකයන් 226දෙනාගේ" සංසදය........

:       0       0

Sk Tuesday, 11 January 2022 08:07 AM

225ට ෆ්‍රී ද?

:       0       0

Kasun Tuesday, 11 January 2022 09:23 AM

එහෙනම් අපිත් හෙට ඉඳන් පාලිමන්ට් එන්නම්,වැඩි මිලට කෑම කන්න

:       0       2

Hafeel Tuesday, 11 January 2022 10:31 AM

මහජන සේවයට කියා ඇවිත් දැන් ලෝන් ගෙවන අර බංගලොත් මන්ත්‍රීලාට මොනවාද කරන්නේ?

:       0       3

Pradeep Tuesday, 11 January 2022 10:41 AM

විධායක නිළධාරියෙකුට මාසෙටම රු. 700යි. ආරක්ෂාව සදහා ඉන්න දුප්පත් පොලිස් නිළධාරියෙකුට වේලකට රු. 50යි.

:       0       6

අගුපිලගේ Tuesday, 11 January 2022 01:19 PM

සාමාන්‍යයෙන් කාර්යාලයක් වැඩ කරන්නෙ මාසෙකට දින විස්සයි. දින විස්සට හෝ විසි එකට ආහාර හා තේ සදහා 700 එවිට දිනකට 35 ක් හෝ අඩුවෙනවා ..සාමාන්‍ය ආපන ශාලාව මසකට 300 නම් දිනකට රුපියල් 15 යි කිව්වම හරිද.හම්මෝ මේ ලංකාවෙ කෑමවල ගණන් කොහොම දරාගන්නද

:       0       1

වීරවිජේ Tuesday, 11 January 2022 12:50 PM

රුපියල් 50ක් කරල.. අම්බෝ සහ ගහනවනේ.. කොහොමද ඇමති කෙනෙක් රුපියල් 50ක් හොයාගන්නෙ.

:       0       4

Shan Tuesday, 11 January 2022 01:10 PM

අර පිස්සට මේවා පෙන්නේ නැද්ද?මාසෙකට රුපියල් 700 කට කන්න පුළුවන් කොහෙද?අපේ සල්ලි නේද මේ මුන් කාබාසිනියා කරන්නේ.

:       0       3

Sambo Tuesday, 11 January 2022 08:06 PM

උන්ට තණකොළ තමයි හොඳම ආහාරය .එය මොලේ වඩවයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 35 0

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 305 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


USAID සේවකයන්ට අනිවාර්ය නිවාඩු
2025 පෙබරවාරි මස 05 160 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 201 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 173 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


බදුල්ලේ විස දුමක්: මුඛ ආවරණ පළදින්න
2025 පෙබරවාරි මස 05 376 1

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site