IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මැතිසබේ කෑමට ගිය වසරේ කෝටි නවයක් ගිහින්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවට පැමිණෙන මැති ඇමතිවරුන් , අමුත්තන් ඇතුළු පිරිස්වලට ආහාර පාන සැපයීම සඳහා පමණක් 2020 වර්ෂයේදී රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තුවේ තොරතුරු වාර්තාවල සඳහන් වේ.

පාර්ලිමේන්තුවේ විවිධ කමිටු සඳහා පැමිණෙන රජයේ නිලධාරීන්ටද ආහාර සැපයීම පාර්ලිමේන්තුව විසින් සිදු කෙරෙන අතර ඒ සඳහා කෙරුණු වැය කිරීම්ද මෙම මුදලට ඇතුළත් වන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.

මේ අතර පාර්ලිමේන්තුවේ ආහාරපාන විවිධ දූෂණ ක්‍රියා සහ නාස්තිය හේතුවෙන් අහිමි වීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ක්‍රියාමාර්ග කිහිපයක් මෑතක සිට ගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

පාර්ලිමේන්තුව නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ ගමන්මලු ඔවුන් පිටතට යන අවස්ථාවන්හිදී අහඹු ලෙස පරික්ෂා කිරීම එහි එක් පියවරක් බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සහල් එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා පාර්ලිමේන්තුවේ ආහාරපාන පිළියෙල කිරීමද සීමා කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

 



අදහස් (20)

මැතිසබේ කෑමට ගිය වසරේ කෝටි නවයක් ගිහින්

යෝගා Saturday, 15 January 2022 09:14 AM

රටේ පවතින මිලට ඔතනත් ආහාර දෙන්න. එතකොට දූෂණයකුත් නෑ.. රටේ මිනිස්සුන්ට ඉරිසියාවක් හිතෙන්නෙත් නෑ.

:       0       12

ravin Saturday, 15 January 2022 09:22 AM

කොවිඩ් නිසා දවස් කීයක් රට ලොක්ඩවුන් කළාද? දියුණු රටවල කිසිදවසක නිකන් කිසිම දෙයක් දෙන්නේ නැහැ. එවිට වනුයේ තම මුදලේ වටිනාකම තමන් විසින්ම ගණනය කර වියදම් කිරීමයි. එකී රටවල් පාර්ලිමේන්තුව තමයි මුල්ම ආදර්ශය දෙන්නේ.. මන්ත්‍රීවරුන්ට හම්බවෙන්නේ ගමන් වියදම් , ආහාර දීමනා, වගේ දීමනාවන් පමණයි. සහන මිලට කිසිවක් නැත. සහන හා ආධාර දෙනුයේ දුප්පතුන්ට පමණි.

:       0       16

RaveendraSaturday, 15 January 2022 02:46 PM

ඔබගේ අදහස් "200%"ක් නිවැරැදිය. අවාසනාව නම් අප රටේ දියවන්නාව පට්ටියේ ඉන්න මන්ද බුද්ධිකයින් 226ම අන්ත දුගී, දුප්පත් හිඟන්නන්ය. ඒ නිසාවෙන් මේ සියලුම දේවල් නොමිලේම වගේ ලබා දෙන්නේ එවන් හිඟන්නන්ට අඩු වශයෙන් අවුරුදු 5ක් වත් හොඳින් කාබී "හැදෙන්නයි."... හොඳින් නිරීක්ෂණය කරන්න... පට්ටියේ මන්ද බුද්ධිකයින් 226න් අඩු වශයෙන් එකෙක් කිව්වද රටේ මිනිසුන් ඉතාම අමාරුවෙන් ජීවිකාව ගෙවන මෙවන් මොහොතක "රට යථාතත්වයට පත්වනතුරු" මට වැටුප් එපා, කිසිඳු දීමනාවක් එපා, කිසිදෙයක් එපා ඒ සියලුම මුදල් මහජනතාව වෙනුවෙන් යොදවන්න කියා... එහෙම වුනේ නැහැ නේද? අඩු තරමින් මාගේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන්ම සේවය කරමි කියන සජි පුතා කිසිදෙයක් එපා කීවාද? නිර්ධන පන්තිය වෙනුවෙන් දිවිහිමියෙන් උඩු බුරන අනුරකුමාර ප්‍රමුඛ ජෙප්පන් කිව්වද අපිට කිසිදෙයක් එපා කියලා... නැහැ නේද? 226ම තක්කඩි බොරුකාරයින් නොවේද?

:       2       11

නිමල් Saturday, 15 January 2022 10:09 AM

225 න් අයෙක්ට රු 400000 යි. නරකත් නැහැ...

:       0       4

කිරි පුතා Saturday, 15 January 2022 10:30 AM

ගොඩක් ඒවාට බිල් දාලා ඇති. හැබැයි බඩු ඇවිත් නැතිව ඇති.

:       1       10

de silva Saturday, 15 January 2022 11:42 AM

ඔය එක්කෙනෙකුට එක බැගින් කෑම පැකට් ඕඩර් කළා නම් ප්‍රශ්නය විසඳෙනවා

:       0       8

අබිලින් Saturday, 15 January 2022 12:55 PM

සියලු අදහස් හරි ඔය වැඩේ වෙන්නේ ඔතන විතරක් නොවෙයි, ලංකාවට සුදු අලියෙක් වෙච්චි පළාත් සභාව තුළත් කෙරෙනවා. පළාත් සභා දැනට නැතත්, ඒවායේ තවත් ලොක්කෙකුගේ කාර්යාලයේ සැමටම දැනුත් ඔහොම ලැබෙනවා ඇති. සොයා බලන්න..

:       0       10

RaveendraSaturday, 15 January 2022 02:53 PM

ඔබගේ මෙම අදහස් නිවැරදිය. එලෙසම රජයේ ආයතනවල කුමක් හෝ උත්සව තිබෙන විටත් ඔය තත්වයම නොවේද? ඇත්තෙන්ම හරිම ලැජ්ජා සහගත නොවේද? අවංකවම සඳහන් කරනවා නම් අපට නම් හරිම ලැජ්ජයි නොමිලේ එක සතේක දෙයක් හෝ අතුනු බහන්වලට පුරවා ගන්න.

:       0       7

උපාසක Sunday, 16 January 2022 08:25 AM

මෙහෙම කියනකොට මතක් වෙනවා පළාත් පාලන ආයතන වල ආදායම් වන්නේ මස් කඩ මාලු කඩ ආදායම් හා හොරකම් හා කසිප්පු වැනි දේවල් සදහා උසාවියෙන් කරන දඩගැසීම් වලින් ලැබෙන ආදායම් වලින් කියලා .ඉතින් ගවයන් එලුවන් වැනි සතුන් මරණ ස්ථාන පවත්වා ගෙන යන්නෙත් එම ආයතන විසිනි එනිසා සමහර අයෙක් මස් නොකෑවට එම ආයතන වල සේවය කරනවා නම් වක්‍රාකාරයෙන් හෝ පංච සීලය කැඩෙනවා .එහෙනම් පංසිල් කඩා ගන්නා ආදායම් වලින් යැපෙන විශාල පිරිසක් පළාත් පාලන ආයතන වල සිටිනවා

:       0       4

jayarathna Saturday, 15 January 2022 02:22 PM

කාලා කාලා අරගෙනත් යනවා... විලි ලැජ්ජාව කියලා දෙයක් නැද්ද මන්දා. මේ මහජන මුදල් නේද..?

:       0       5

Raveendra Saturday, 15 January 2022 02:24 PM

පට්ටියේ 226ම මන්ද බුද්ධික වුණාට ඒ සියලුම හරකුන්ගේ ඇඟපුරාම ආමාශය විහිදී ඇති බව මෙමගින් මනාලෙස ඔප්පු වෙනවා නොවේද...?

:       0       7

beau Saturday, 15 January 2022 03:59 PM

බඩජාරීන්... මෙයාලාට නොමිලේ මගුල් ගෙයක්... මුළු රටේම මහජනයා සාගතේ.. මේ 225ම පයින් ගහලා එළවන්න වෙලාව දැන්...

:       0       2

ගමේ එකාලා Saturday, 15 January 2022 07:21 PM

මැතිසබේ අයට නම් මොකද? ඔවුන්ට නම් සුපිරි කෑම. අපිට තියෙන්නේ කන්න නෙවෙයි ලෙවකන්න තමයි. කාලා වැඩිවෙලා ශරීර කූඩුව ඇරලා ගියාට මොලේ වර්ධනය වෙලා නැහැ. වැඩි හරියක් සාමාන්‍ය දැනිමවත් නැති ගොබ්බයින්...

:       0       1

saman Saturday, 15 January 2022 09:46 PM

මහජන මුදල් කාබාසිනියා කරන නිකමුන් කිම්බුලෝ වෙලා ඉපදේවා

:       0       2

Bandara Sunday, 16 January 2022 01:41 AM

තණකොළ වලටත් ගිය කලක්

:       0       2

Sam Sunday, 16 January 2022 03:25 AM

ඔවුන්ට සාප වෙන්න ඕනෑ මිනිස්සුන්ගෙ සල්ලි නාස්ති කරන තරමට. අවුරුද්ද ට කී දවස ද පාර්ලිමේන්තුව රැස් වෙන්නෙ, ඒ කෙත් මෙලෝ වැඩක් කරන්නේ නැ. ඕක ප්‍රයිවට් කරලා ටෙන්ඩර් කරලා දීලා ඇමතීමට සල්ලි දීලා කන්න කියන්න. කැම්පස් වල හොස්පිටල් කැන්ටින් වගේ.

:       0       2

Chandima Sunday, 16 January 2022 08:06 AM

ඒකනේ මුන් චීන ඌරෝ වගේ ඉන්නේ

:       0       2

Edie Monday, 17 January 2022 01:20 AM

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින දිනවල පාර්ලිමේන්තුව දිවා ආහාරය නොදිය යුතුය. අධික ජීවන වියදම නිසා නිසි ආහාර වේලක් නොලබන පුරවැසියන් ඔවුන් සිහිපත් කළ යුතුය. රජය මේ අර්බුදකාරී කාලසීමාව තුළ ලබාදෙන ආහාර තහනම් කරමින් පුහුණුවීම් ආරම්භ කළ යුතුයි.

:       0       0

වසන්ත Monday, 17 January 2022 05:08 AM

මේ පාර්ලිමේන්තුවේ රැල හරකුන් මෙන් කෝටි ගානින් කෑම ගිල දාලා ලෝකයේ තියෙන ඔක්කොම ලෙඩ හදාගන්නවා. ඊට පස්සේ ඒවාට බෙහෙත් අරගන්න පිටරට යනවා. ඒකට යන වියදම් රුපියල් කෝටි ප්‍රකෝටි ගානක්. කිසිම උගත් කමක් නැති බොහෝ මන්ත්‍රී වරු මේ විදිහට රටටම බරක් වෙලා.

:       0       0

sharm warn Tuesday, 18 January 2022 01:09 PM

අපෝ මීට වඩා වැඩී.කැන්ටිමෙන් විතරද කන්නේ?රටේම දේවල් කනවනේ.ආදායමේ පටන් හැම දෙයක්ම කාලා ණයට ගන්න සල්ලිත් කාලා නේ තියෙන්නේ.හරි ගණන තව ගොඩක් වැඩී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

නුවරඑළිය දිසාපති පත් කරයි
2025 පෙබරවාරි මස 05 2 0

නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රාජ්‍ය නිලධරයන්ට රට යද්දී තිබූ බාධාවක් ඉවතට
2025 පෙබරවාරි මස 05 0 0

ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ජේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


උඩරට දුම්රිය මඟේ නාය යාම වළක්වන්න පියවර
2025 පෙබරවාරි මස 05 7 0

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ


පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 35 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 81 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 174 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site