IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


මත්ස්‍ය ආනයනයට සීමා

 
 මත්ස්‍ය ආනයනය සීමා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබේ.
 
 දේශීය ධීවරයා සහ ධිවර කර්මාන්තය සුරක්‍ෂිත කිරීමේ අරමුණින් මෙවැනි තීරණයක්  ගෙන ඇතැයි අමාත්‍යංශය පවසයි.
 
ඒ අනුව මත්ස්‍ය අස්වැන්න ඉහළ තත්වයක පවතින සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස දක්වා මෙම ආනයන සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ .
 
මත්ස්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අසීමිත ලෙස ආනයනය කිරීම හේතුවෙන් දේශීය ධීවරයා ගැටළු රැසකට මුහුණ දී සිටින බවත් ධීවරයින් පෙන්වා දී තිබේ.
 
 එමෙන්ම ප්‍රති අපනයන සහ විවිධ නිෂ්පාදන සදහා යැයි පවසමින් විශාල වශයෙන් වාර්ෂිකව ලංකාවට මත්ස්‍ය තොග ආනයනය කරන බවත්, ප්‍රතිඅපනයනය හා අගය එකතු කළ  නිෂ්පාදන කටයුතු සදහා යැයි පවසා ගෙන්වන එම මත්ස්‍ය තොග දේශීය වෙළදපලේ අලෙවි  කිරීමෙන් දේශිය  ධීවරයා අපහසුතාවට පත්වන අයුරු සම්බන්ධයෙන් ධීවර සංගම්  මීට පෙර කරුණු දක්වා තිබිණි.
 
 අනතුරුව  ඒ පිළිබඳව සළකා බලමින් මෙම තීරණය ගන්නා ලෙස ධීවර  රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා උපදෙස් ලබා දී  ඇති බව අමාත්‍යංශය සඳහන් කරයි.
 
 ධීවර දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව 2018 වසරේ ආනයනය කර ඇති ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 84463 කි. ඒ සදහා රුපියල් මිලියන 32726 ක මුදලක් වැය කර ඇත .
 
 කරවල , හාල් මැස්සන් , උබල කඩ , ටින් මාළු සහ සජීවී මසුන් [ විසිතුරු මසුන් ] වර්ග මෙලෙස ආනයනය කර තිබේ.
 
මේ වෙනුවෙන්  විශාල මුදලක් විදේශයන් වෙත ගලා යාම බරපතල තත්වයක් බවත්, දේශීය ධීවරයා රැකගැනීම සදහා වැඩි මත්ස්‍ය අස්වැන්නක් නෙලාගැනීම සදහා ධීවරයා සවිබල ගන්වා , අවශ්‍ය පහසුකම් ලබාදීම මගින් රටේ මත්ස්‍ය අවශ්‍යතාව සපුරාලීමට උපරිම දායකත්වයක් ලබාගැනීමට කටයුතු කිරීම මගින් විශාල මුදලක් රට තුල රදවාගැනීමටත් මේ තීරණයෙන් හැකිවනු ඇතැයි අමාත්‍යංශය සඳහන් කරයි.
 
 අගය එකතු කළ නිෂ්පාදන සදහා අවශ්‍ය මත්ස්‍ය තොග දේශීය ධිවරයාගෙන් ලබාගැනීමටත් , අපනයනය සදහා ද ගුණාත්මක මත්ස්‍ය නිෂ්පාදනය පිළිබදව වැඩි අවධානය යොමු කිරීමට කටයුතු  යොදා ඇති අතර , ප්‍රමාණවත් මත්ස්‍ය අස්වැන්නක් නොලැබෙන කාලසීමා සදහා පමණක් සීමාවන්ට යටත්ව මත්ස්‍ය ආනයනය සදහා අවසර ලබාදීමටත් අමාත්‍යංශයේ  අවධානය යොමු  වී තිබේ.
 
 
(36698) 



අදහස් (14)

මත්ස්‍ය ආනයනයට සීමා

Athula Sunday, 24 February 2019 06:03 AM

නව මාධ්‍ය ඇමති රුවන් විජේවර්ධන තුමාට සුභ පතමි. එතුමාට දුර ගමනකට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා.

:       52       1

smn Sunday, 24 February 2019 06:04 AM

වටේටම මහමුහුදක් තියාගෙන මාළුත් පිටරටින් ගෙන්වන මේ කුඩා දූපත මත්ද්‍රව්‍ය මුළු ලෝකෙටම සපයන්නට හැකි තරමට දියුණුවී සිටී ….කාටද ආඩම්බර?

:       0       28

kule Sunday, 24 February 2019 06:41 AM

ප්‍රතිඅපනයන ක්‍රියාවලිය රටකට ආදායම් මාර්ගයක් ගෙන දෙන දෙයක් නමුත් අද ප්‍රති අපනනය ක්‍රමයෙන් බොහෝ ව්‍යාපාරිකයින් කරන දුෂණ වැඩයි ඒ නිසා රේගුවේ පුර්ණ අධ්‍යක්ෂණය යටතේ ප්‍රති අපනයන කරන ද්‍රව්‍යන් සදහා වෙනම ආරක්‍ෂිත කලාපයක් ආරම්බකලොත් හොදයි කියා මගේ අදහසයි.

:       0       11

laksiri Sunday, 24 February 2019 07:02 AM

රට වටකර සාගරයි, එහි සම්පත් ආකරයි පිටින් මලු රටට ගේනවා... මේ රටේ නැවත නොඉපදේවා !!!

:       0       15

Amila Sunday, 24 February 2019 07:33 AM

වටේම මුහුද තියන් රටින් හැමදේම ගේන අමන රටක් මේක. කෙලවල්ලා, බලයා, ඇටවල්ලා කියන ටූනා මාලූ, ලින්නා, තෝරා, පරව්, දැල්ලෝ, තලපත්, සාලයෝ ඇති වෙන්න අහුවෙනවානේ... අවශ්‍ය වන්නේ අහුවෙන මාලූ ටික නරක් නොවී කල් තියාගන්න ක්‍රමයක්. අයිස් වලින් කල් තියාගන්න බෑ ගොඩක් දවස්.. ඒකයි මාලූ නරක් වෙන්නේ... සොලර් වගේ පවිච්චි කරලා ට්‍රොලර් වල සහ ගොඩබිමේ තියෙන ලොකු මාලු ගුදම් වලට ශීතාගාර පහසුකම් හදනවා නම් ලේසියට අහුවෙන මාලු අපතේ යන්නේ නෑ. සාමාන්‍යයෙන් අලුත් මාලු සති දෙකක් වගේ වුනත් නරක් වෙන්නේ නැතුව ගෙදර ශීතකරණයේ තියාගන්න පුලුවන් නම් මේක බැරි වෙන්නේ නෑ. වෙලා තියෙන්නේ කිසිම කෙනෙක්ට වුවමනාවක් නැතිකම... මොකද ගෙන්නන ඒවායෙන් නිලධාරීන්ට යන කොමිස් ඒවත් වැඩි ඇති.

:       0       13

isurandi Sunday, 24 February 2019 10:47 AM

ලැජ්ජයි මේවා අහන්නත්... නිකන් ඉඳන් කන්න ඉපදුණු පින් උෟරන් රැලක් ඉන්න රටක් මේක....

:       0       24

BamunuarachchiSunday, 24 February 2019 01:49 PM

ඔබත් ඉපදුනේ මේ රටෙනේ... අැයි දෙමව්පියන්ට ප්‍රසිද්ධියේ ගරහන්නේ...?

:       0       0

de silva berlin Sunday, 24 February 2019 11:23 AM

මාලු පිටරට යවන එකත් සීමා කරන්න.. නැත්නම් වෙළඳපලේ මාලු මිල ඉහල ගිහින් මිනිස්සුන්ට මාලු කෑල්ලක් කන්න නැතිවේවි... නිතරම ධීවරයන්, ගොවියන්, ටින්මාළු ව්‍යාපාරිකයන් ගැන පමණක් අවධානය යොමු කරමින් අත්‍යාවශ්‍ය අහර ද්‍රව්‍ය ගැන තීන්දු තීරණ ගන්න එපා.. පාරිභෝගික රටවැසියන් ගැනත් හිතන්න.. ගොවියන්, ධීවරයන් ආරක්ෂා කරන්න ඕනේ. නමුත් එ් පිළිබඳව දීර්ඝකාලින ව්‍යාපෘති තියෙන්න ඕනේ.., ඔවුන්ට වගාකරන්න කෝටා දෙන්න ඕනේ ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන ගබඩා කර තබාගන්න පුළුවන් ශීතාගාර පහසුකම් සහිත ගබඩා පහසුකම් ඇති කරන්න ඕනේ... ආණ්ඩුවට කරන්න බැරිනම් ඒවා කරන්න පුද්ගලික අංශය සමග සම්බන්ධ වී අඩු පොලියට ණය දෙන්න ඕනේ... මාලු වලටත් එසේමය. ආණ්ඩුව ධීවර සංස්ථාව හරහා මහාපරිමාණ ශීතාගාර සඳහා මුදල් ආයෝජනය කළ යුතුය. එතකොට මාලු වැඩි කාලෙට ධීවරයාගේ අස්වැන්න සාධාරණ මිලකට මිලදී අරගෙන... හැමදාම සාධාරණ මිලකට පාරිභෝගිකයාට නිකුත් කළ හැක. නැතුව එක එක කාලයට විවිධ බදු සහ තහනම් පනවමින් ඔය කරන වැඩේ කිසිම සාර්ථක භාවයක් නොමැත..

:       0       20

kap Sunday, 24 February 2019 12:39 PM

හයියෝ මෙතන කොටන බුරු මිනිස්සු, මුහුද වටේ තිබ්බා කියලා මාලු ඉන්නේ නෑ. ලෝකයේ හැම රටකම මුහුදට ආවේනික මාලු ඉන්නවා. ලංකාව වටේ මුහුදෙ මාලු ඉන්නේ ගැඹුරට වෙන්න. ඒකයි ට්‍රොලර් මගින්ම මාලු අල්ලන්න වෙන්නේ. නොගැඹුරු මුහුදේ යන බෝට්ටුවලට වැඩිය මාලු ලැබෙන්නේ නෑ... මට මේ විස්තරේ කිව්වේ ධීවර සංස්ථා සභාපති කෙනෙක්... අපේ ඇමැති කෙනෙක් බෙදුවලු... රට වටේටම ෆයිබර් ග්ලාස් බෝට්ටු.. ඒත් කිසිම මාලුවෙක් අල්ලන්න බැරි වුණාලු...

:       2       0

AmilaSunday, 24 February 2019 02:55 PM

පච කෙලින්නේ නැතුව ඉන්න මහත්තයෝ. ලංකාවේ ට්‍රොලර් වලින් තමයි වැඩි ප්‍රමාණයක් මාලු අල්ලන්නේ. පොඩ්ඩක් ධීවර වරායකට ගිහින් ඇස් දෙකෙන්ම බලා ගන්න තියෙන ට්‍රෝලර් ප්‍රමාණය. අනික නිකන් ට්‍රෝලර් එකේ ගියා කියලා මාලු අහුවෙන්නේ නෑ. ඒවට ඔවුන් යම් ක්‍රම අනුගමනය කරනවා. අනික ඔය නිලධාරීන් සත පහකට විශ්වාස කරන්න එපා. කිසිම වැඩක් නොකර රටම කන පිරිසක්...

:       39       10

KapSunday, 24 February 2019 07:05 PM

පොට වරද්ද ගන්න එපා . මාත් කිව්වේ එ්කම තමයි. ටෝලර් වලින් ගැඹුරු මුහුදේ මාලු අල්ලනවා. නොගැඹුරු මුහුදේ මාලු අඩුයි කියලා.. ඔයා බෝටිටු අයිති කාරයෙක්ද?

:       0       0

BamunuarachchiMonday, 25 February 2019 10:01 AM

අමිල, මෙයා පොයින්ට් එකට කතා කරන කෙනෙක් නොවෙයි. අදහස් නැති වුණාම විකාර දොඩවනවා. ඔය අහලා තිබෙන්නේ ඔබ බෝට්ටු අයිතිකාරයෙක්ද කියලා? මෙතනට බෝට්ටුවල අයිතිය අදාළ නැහැනේ. කතා කරන්න අදහස් ගන්න පුළුවන් කෙනෙක් එක්ක... මැට්ටොත් එක්ක කතාකරලා වැඩක් නැහැ.

:       0       0

Nandalal DE SILVA - France Sunday, 24 February 2019 01:56 PM

[අපේ ඇමැති කෙනෙක් බෙදුවලු... රට වටේටම ෆයිබර් ග්ලාස් බෝට්ටු.. ඒත් කිසිම මාලුවෙක් අල්ලන්න බැරි වුණාලු...] ඒක ඇත්ත තමා. එයා බෙදපු ඔක්කොම බෝට්ටු, මුහුදු වෙරළේ ගාල් කර තිබ්බලු වසරේ "රූප රැජින" එනකම් ෂූටින් වලට. ඒ නිසා තමා එම බෝට්ටුවල් මාළු පිළීගඳවත් නොතිබ්බේ..!!!

:       0       6

Bamunuarachchi Monday, 25 February 2019 10:13 AM

රටේ ජනතාව හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ආදායමේ හැටියට ලාබෙට හාල්, පොල්, කරවල, මාළු, මස් ලබා ගැනීමටයි. පුදුමය නම් තීරුබදු ගෙවා නැව්ගාස්තු ඇතුළු අනිකුත් ගාස්තු ගෙවා පිටරටින් ගෙන්වන හාල්, මාළු, අල ලංකාවේ ඔය ගාස්තු කිසිවක් නැතිව වෙළඳ පලට එන ඒවාට වඩා ලාබවීමයි... එහෙනම් අපිට ධීවරයා කොහේ කෙනෙක් වුනත් ප්‍රශ්නයක් නැත. ලාබෙට මාළු ටික ලබාදී මෙහෙ නිපදවන මාළු පිටරට යවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 446 0

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


‘‘ලෙඩ සතුන් මසට විකුණනවාලු‘‘
2025 මාර්තු මස 14 173 0

හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප


බටලන්ද අද පාර්ලිමේන්තුවට
2025 මාර්තු මස 14 441 5

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


මූතූර් ද්විත්ව ඝාතනයක්
2025 මාර්තු මස 14 148 0

මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .


තැනින් තැනට අදත් වැස්ස
2025 මාර්තු මස 14 93 0

බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


ප්‍රසිද්ද රැප් ගායකයෙක් ගිනි අවියක් සමග මාට්ටු
2025 මාර්තු මස 14 1634 4

ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 214 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 506 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site