(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාදෙන ගිනි අවිය (පිස්තෝලය) මෙතෙක් ලබාගෙන නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙසේ ගිනි අවිය ලබාගෙන නොමැති මන්ත්‍රීවරුන් අතර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුද වෙති.
පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අසූවකට අධිකය.
මෙයින් ගිනි අවිය ලබාගෙන නොමැති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හතළිහකට වැඩි යැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අලුත් මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු තමන්ගේ ආරක්ෂාව සඳහා ලබාදෙන එම ගිනි අවියට වැඩි උනන්දුවක් දක්වන ආකාරයක් පෙනෙන්නට නැතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
පාර්ලිමේන්තුවට තේරී පත්වන සෑම මන්ත්‍රීවරයකුටම ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම ගිනි අවිය නිකුත් කරනු ලැබේ. පාර්ලිමේන්තු ලේකම්වරයා විසින් ඔහු හෝ ඇය මන්ත්‍රීවරයකු, මන්ත්‍රීවරියක බවට සහතික කරනු ලැබීමෙන් පසුව එම අමාත්‍යාංශය විසින් මෙම ගිනි අවිය නිකුත් කෙරෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මේ අතර පාර්ලිමේන්තුවේ කාලයක් සිටි පැරණි මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු එම ආරක්ෂක ගිනි අවිය ලබාගෙන ඇතැයි වාර්තා වේ.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මැති සබේ අලුත් මන්ත්‍රීවරුන් ගොඩකට කටපුංචා එපා වෙලා
Perera Thursday, 21 October 2021 12:34 AM
පොදුවේ ජනතාවගේ ප්‍රසාධය දිනාගෙන සිටින්නෙක් නම් කට පුන්චෝවත් ආරක්ෂා සේනාංකවත් ඕනේ නැහැ
Nihal Thursday, 21 October 2021 02:30 AM
ජීවිත තර්ජන තියෙන්න නම් ඒ මනුස්සය වටින කෙනෙක් වෙන්න ඕන.
Ruhunu Thursday, 21 October 2021 03:11 AM
ඔය සෙට් එකට හරියන්නේ දුන්නයි ඊතලයයි තමයි
සිරිබිරිස් Thursday, 21 October 2021 06:47 AM
ඒකත් පරණ අය අරගෙන තියෙන්නෙ .
WCA Thursday, 21 October 2021 07:02 AM
ජාතික ආරක්ෂාව සහතික කරනවා කියලනේ ආවේ .ඉතින් මොකටද ගිනි අවි
දාස Thursday, 21 October 2021 07:10 AM
කොල්ලනි ඕක අරගෙන ඕකෙන්ම වෙඩි තියාගෙන මැරියල්ල අපිට කිරි බත් කන්න.
Asanga Thursday, 21 October 2021 10:06 AM
ඔය පෙන්නලා තියන කොකා හොඳටම ඇති කියලා හිතෙනවා ඇති
ravin Thursday, 21 October 2021 10:17 AM
වැඩි දෙනා අට විතරයිනේ පාස් .පාවිච්චි කරන විදිහ හා කලයුතු අවස්ථා ගැන කියා දෙන පාඨමාලාවකට ,සම්මන්ත්‍රණයකට වත් සහභාගී වෙන එකක් නැහැ අකුරු හරියට දන්නේ නැති නිසා
fairoos Thursday, 21 October 2021 01:05 PM
රට රකින විරුවා ඉන්නකොට මොනවටද ගිනි අවි
BamunuarachchiFriday, 22 October 2021 07:44 PM
වැඩිය දඟලන්න එපා.... හම්බවෙන්නේ රට රකින විරුවාගෙන් නොවෙයි, රටේ ඉන්න සිංහල අපෙන්. තේරුම් ගන්න අපේ තරහ...
fairoosSunday, 24 October 2021 12:48 PM
මේවට කොහෙන් හිනා වෙන්නද?
BamunuarachchiSunday, 24 October 2021 02:36 PM
මෙතන පලවෙනවා නම් හිනාවෙන එක කොහොම වෙතත් අඬන්න කියන්නම්...
Bamunuarachchi Friday, 22 October 2021 07:41 PM
අනේ මට දෙන්නකෝ. ෆොටෝ එක දකින කොටත් ආසයි...
BamunuarachchiSunday, 24 October 2021 09:44 PM
කෙනෙක් හිනාවෙන්න තැනක් හොයනවා