(ඩයනා උදයංගනී)
මාදිවෙල තෙත්බිම් කලාපයේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා පැවසීය.
මාදිවෙල තෙත්බිම් කලාපය මේ වනවිට අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහණයට හසුව පවතින අතර ඔවුන්ගේ වැසිකිලි අපද්‍රව්‍ය හා වෙනත් අපද්‍රව්‍ය මෙන්ම ප්ලාස්ටික් සහ පොලිතීන් වැනි නොදිරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද දෛනිකව මෙම තෙත්බිම් කලාපයට බැහැර කරමින් පවතින බව සභාපතිවරයා සඳහන් කළේය.
සභාපතිවරයා මේ බව පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරියේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මාදිවෙල තෙත්බිම් කලාපය සත්වෝද්‍යානයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙලක් පවතින බව ඇතැමුන් කීවත් එහි ඉදිකරන්නේ සතුන්ට නිදහසේ ජීවත්විය හැකි කුරුළු උද්‍යානයක් බව ද ඔහු පැවසීය.
මෙම තෙත්බිම් කලාපය තුළ දේශීය කුරුළු වර්ග 300 ක් පමණ සිටින අතර පරිසර පද්ධතිය විනාශවීමෙන් එම කුරුළු වර්ග වඳවීයාමේ තර්ජනයක් ඇතිවිය හැකි බව උදය නානායක්කාර මහතා සඳහන් කළේය.
අපද්‍රව්‍ය සහ අප ජලය තෙත්බිමට බැහැර කිරීමෙන් එහි ජලාශවල සිටින මසුන් වර්ග හා එහි ඇති ශාක වර්ග ද වඳ වී යෑමේ තර්ජනයක් පවතින බව කී සභාපතිවරයා මාදිවෙල තෙත්බිම් කලාපය නිසිලෙස සංවර්ධනය කිරීමෙන් නව රැකියා අවස්ථා 300 ක් බිහිවන බව ද පැවසීය.
සිදුකර ඇති පරිසර හානිය අවම කර ගැනීම සඳහා මාදිවෙල තෙත්බිම් කලාපය තුළ උණ පඳුරු 4,000 ක්, කුඹුක් ගස් 1,400 ක්, මීගස් 1,100 ක්, ඇඹුල් ඇඹිලිය ගස් 300 ක්, මාදං ගස් 300 ක්, කිරල, පන්, මීවන ශාක, කුකුල් වැල් සහ මාවැල් වැනි ශාක වර්ග ද ඕලු, මානෙල්, නෙළුම් වැනි ජලජ ශාඛ ද සිටුවීම සඳහා සැලසුම් සකස් කර ඇති අතර එම ව්‍යාපෘතිය තුළ තෙත්බිම ගොඩකිරීමක් නොකෙරෙන බව ද හෙතෙම පැවසීය.
මාදිවෙල තෙත්බිම් ඉඩම්වල සිටින අනවසර පදිංචිකරුවන් දැනට ඉවත් නොකරන අතර ඔවුන් ඉවත් කිරීමට සිදුවුවහොත් නව නිවාස ලබාදීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා කීවේය.
මෙම ව්‍යාපෘතිය ඉදිරි වසර 02 තුළ අවසන් කිරීමට ද නියමිතය
කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ
වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි
කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව
උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි
හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මාදිවෙල තෙත්බිම රකින්න වැඩපිළිවෙලක්
සිරිබිරිස් Wednesday, 29 September 2021 05:17 PM
ඒක නං හොඳ වැඩක් . සංවර්ධනය කරල සර්ගේ යාළුවෙක්ට ඕක විකුණලා දානව එහෙම නෙවෙයි ඔන්න.