IMG-LOGO

2024 දෙසැම්බර් මස 30 වන සඳුදා


මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා කිරීම හෙළා දකිනවා

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

කලු ඇදුම් ඇඳ මුහුණු ආවරණය කරගත් පිරිස් මාධ්‍ය ආයතන ඉදිරියට ගොස් විරෝධතා, තර්ජන කරනවාට ආණ්ඩුව විරුද්ධ බවත් අද (10) දිනයේදී කණ්ඩායමක් මාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරියට ගොස් කළ විරෝධතාව හෙළා දකින බවත් පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පුවත්පත්වලින් අසාධාරණයක් වී ඇත්නම් ඒ ගැන පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කළ හැකි බවද ඇමතිවරයා කීවේය.

එසේ නොමැතිව ආයතනවලට හිරිහැරයක් වන අයුරින් කටයුතු කිරීම අනුමත නොකරන බවද හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ සංවිධාන කිහිපයක් අද දිනයේ මාධ්‍ය ඉදිරියට ගොස්  විරෝධතා පැවැත්වීම පිළිබඳ අදහස් දක්වමිනි.

 



අදහස් (10)

මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා කිරීම හෙළා දකිනවා

nilantha Thursday, 10 January 2019 01:53 PM

මෙයාට දුක ඇති... මෙයාවත් පුම්බලා ගත්තනේ...

:       0       0

chandima Thursday, 10 January 2019 02:39 PM

අර මුහුණු ආවරණය කරපු හෙල්මට් කාරයින්ට තියෙන තහනම මෙයාලට බලපාන්නේ නැතිද?

:       0       0

Ruki Thursday, 10 January 2019 03:25 PM

ජනාධිපතිතුමා ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුව විසුරවා හරිනකොට උසාවියේ පැමිණිල්ලක් විතරක් දාලා ඔයගොල්ලො හිටියේ නෑ නේද? කොළඹ පාරවල් හිර කරගෙන පෙලපාලි, උද්ඝෝශන දාලා මිනිසුන්ට හිරිහැර වෙන විදියේ වැඩ කරන්න ඔහෙලට විතරක් හොඳයිද? අපේ රටේ සාධාරණ මාධ්‍යයක් නැත්නම්, සල්ලි වලට මාධ්‍ය විකිණෙනවා නම්, ඒ ගැන නිහඬ විරෝධයක් දැක්වීමේ වරද කුමක්ද?

:       0       0

rocky Thursday, 10 January 2019 03:29 PM

කොහේදෝ ඉන්න බඩ ගෝස්තරවාදී නඩේකුයි, ටෙලි නිලියෝ කට්ටියකුයි නිකං නටනවා! හිතාගෙන ඇති ලොකු අය කියලා. මේ කවුරු වෙනුවෙන්ද? ඔන්න ඕක තමයි ප්‍රශ්නය!

:       0       0

suranga Friday, 11 January 2019 12:43 AM

හර්ෂ ලාභ ජනප්‍රියත්වයක් ගන්න වගේ. මාධ්‍යවේදින් ඝාතනය නොකර මාධ්‍ය වැරදි වලට විරුද්ධව වුවත් විරෝධතා දැක්වීමට ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් මහජනයාට තිබේ...

:       0       0

ජාලිය Friday, 11 January 2019 01:29 AM

රටේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන වල හිමිකරුවන් කව්රුද කියා අපි දනිමු. ඒ අනුව ඔවුන්ගේ දේශපාලන අරමුණු ගැනද අපි දනිමු. නමුත් පහත සදහන් සංවිධාන වල ප්‍රධානින් කවුරුද කියා අපි නොදනිමු. ශ්‍රී ලංකාවේ කාන්තාවෝ, අලුත් පියාපත්, අලුත් පරපුර, මාරුතයේ හඬ, දිදුලන හදවත, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, සාධු ජනරාව, නැගී සිටිමු ශ්‍රී ලංකා, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව

:       1       0

ajith Friday, 11 January 2019 01:53 AM

මේ වගේ වැඩ කරන්න තිබුණේ මහරජාගේ කාලෙනේ... දැන් කරන්නේ නිදහස ඕනෙවටත් වැඩි හින්දද?

:       0       0

Dayan Friday, 11 January 2019 02:24 AM

මාධ්‍යයට ස්වාධීන වෙන්න කියන එක වැරදිද? මේක මාර රටක් නේද...?

:       0       0

තර්ස්තයා Friday, 11 January 2019 03:23 AM

විරෝධතා කරන්නේ නැතුව කොහොමද තේරුම් කරලා දෙන්නේ? වහල්ලුන්ට කවදාකවත් හොඳ, නරක තේරෙන්නේ නැහැ. සමාජයට වෙන හානිය තේරුම් ගන්න බැහැ. අද කාට හරි කඩේ යන ප්‍රවෘත්ති බලනවා මිසක් අහන්න ප්‍රවෘත්තියක් නැහැ. ඒකයි ඇත්ත... හිතන්න තියෙන්නේ ඔවුන් ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් මේ දේවල් කරනවා කියලා. ඒකෙන් පිරිහෙන්නේ මේ දේශයයි...

:       0       0

jema Friday, 11 January 2019 05:07 AM

අනේ නිකන් යන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා ළමුන් වෙළඳ ප්‍රචාරණයට ගැනීම තහනම් කර ගැසට්ටුවක්
2024 දෙසැම්බර් මස 30 113 0

අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්
2024 දෙසැම්බර් මස 30 165 0

රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක්


මීගොඩ - පනාගොඩ වෙඩි තැබීමට 2ක් සැකපිට
2024 දෙසැම්බර් මස 30 180 0

මීගොඩ සහ පනාගොඩ ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු අද (30) අත්අඩංගු


දේශිය ටින් මාළු නියම මිලට අළෙවි කළ යුතුයි
2024 දෙසැම්බර් මස 30 287 0

ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර වෙළඳපොළට යොමු කළ දේශීය ටින් මාළු වර්තමාන උපරිම සිල්ලට මිලට අළෙවි කළ යුතු බවත් ආනයනික ටින් මාළු පැරණි මි


මලිමා මන්ත්‍රීවරුන් දෙදෙනකුට මැර ප්‍රහාරයක්
2024 දෙසැම්බර් මස 30 2335 0

බිංගිරිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් නිරීක්‍ෂණයට ගිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඒ අවට රැස්ව සිටි පිරිසක් පහරදී කලාකාරී ලෙ


බන්ධනාගාරයේ මගඩි වැඩ කරන නිලධාරීන්ට දැඩි දඩුවම්
2024 දෙසැම්බර් මස 30 690 0

බන්ධනාගාර වල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 263 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 163 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 136 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site