(ඩයනා උදයංගනී)
පුංචි බොරැල්ල තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (27) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පැමිණ සිටියේ සිය නිල වාහනයෙන් නොවන අතර ඔහු මාධ්‍ය හමුව නිමවී ත‍්‍රිරෝද රථයක නැගී එතැනින් පිටව යනු දක්නට ලැබිණි.
එක් ආරක්‍ෂක නිලධාරියෙකු සමඟ පැමිණ සිටි වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය හමුව නිමවූ පසු එම ස්ථානයෙන් පිටත්ව මාර්ගය හරහා ගොස් පදික වේදිකාවේ මද වේලාවක් රැඳී සිටියේය.
ඉන්පසු පැමිණි ත‍්‍රිරෝද රථයක් අත දමා නවතා ගත් මන්ත‍්‍රීවරයා ආරක්‍ෂක නිලධාරියාට පළමුව එයට නැගීමට අවස්ථාව දී ඉන් අනතුරුව ඔහුද එයට නැග පිටත්ව ගියේ අවට සිටියවුන් පුදුමයෙන් බලා සිටියදීය.
වාසුදේව නානායක්කාර මහතා ආරක්‍ෂක නිලධාරියා ද සමඟ ත‍්‍රීරෝද රථයක් පැමිණෙන තුරු මාර්ගය අයිනේ රැඳී සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මාධ්‍ය හමුවකට පැමිණි වාසු ත‍්‍රිරෝද රථයක නැගී පිටව යයි
d.upul Thursday, 27 December 2018 12:03 PM
ඊළඟ මැතිවරණයට සුදානම් වෙනවා වගේ...
lanka Thursday, 27 December 2018 12:05 PM
කවුරුවත් හූ කියන්නේ එහෙම නෑ ඔන්න.
Asanka Thursday, 27 December 2018 12:08 PM
මාධ්‍ය හමුවෙන් පස්සේ හොඳ සංදර්ශනයකුත් දාලා තියෙන්නේ. අපි රැවටෙයි ඕවට. පර්මිට් එක විකුණලා වෙන්න ඇති.
dias Thursday, 27 December 2018 12:11 PM
එයාගේ බයිලා අපි අහලා හුඟක් කල්....
prabha Thursday, 27 December 2018 12:13 PM
පින්සිදුවෙන්නේ අනේ බාල ළමයිනේ...
බද්රානි Thursday, 27 December 2018 12:16 PM
සෝබනේට ඔය වගේ වැඩ කළාට, ඔහුට ගැලපෙන්නේ ත්‍රී වීලර් පාර්ක් එක තමයි. ශෝභනේට ජනතාව රැවටුණු කාලේ පහුවෙලා ගොඩක් කල්...
sampath pathirana Thursday, 27 December 2018 12:17 PM
මෙය රගපෑමක් නොවේනම්... හොඳ ආදර්ශයකි...
jerami Thursday, 27 December 2018 12:21 PM
දැන් ඉතින් මේක දාන්න තරම් ලොකු දෙයක්ද?
කපිල Thursday, 27 December 2018 12:30 PM
නිල වාහනේ බිරිය අරන් ගිහින්. බොරු සංදර්ශන තමයි.
Dayal Thursday, 27 December 2018 12:48 PM
වරදක් නැහැ. අපි වගේ ජීවත් වෙන්න ඕනේ.
Janaka Thursday, 27 December 2018 01:04 PM
හොඳ පාඩමක් පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් අයටත්..
සෙනෙවි Thursday, 27 December 2018 01:18 PM
එකතු කර ගනිපු කිළිටි රෙදි ටික හනිකට හෝදගෙන එන්න යනවා වෙන්න අැති...
dhammika Thursday, 27 December 2018 01:36 PM
225න් කී දෙනාටද මෙහෙම කරන්න පුළුවන්?
Thilina Thursday, 27 December 2018 01:52 PM
මෙතුමා හොරෙක් නෙමෙයි. පාර්ලිමේන්තුවේ ඉන්න අතලොස්සක් වූ උගතුන්ගෙන් කෙනෙක්... කල ක්‍රියාව අගය කරනවා..
එසමන් Thursday, 27 December 2018 02:03 PM
මැතිවරණ ළංවෙද්දී පයිනුත් ගමන් බිමන් යාවි. තවත් නාඩගම් නටාවි, අපේ අවදානය ගන්න ගොඩක් දේවල් කරාවි. නැතුව මොන මගුලක් කළාය.. කියල ඡන්දෙ ඉල්ලන්නද?
අමල් Thursday, 27 December 2018 02:11 PM
මේක අරුමයක් වෙන්නේ කෙසේද? ත්‍රීවීල් මේ උතුමන්ට අකැපද?
Amila S. Mendis Thursday, 27 December 2018 02:25 PM
මා පෞද්ගලිකවම දන්නා පරිදි වාසුදේව නානායක්කාරයන් හා ඔවුන්ගේ නෑදෑයින් (ඔවුන්ගේ පරම්පරාව) බලයට හා මුදල් පසු පස හඹා නොයන ඉතාමත් සරලව සාමාන්‍ය මිනිසුන් සමග ගැටෙමින් ඉතා සුහදශීලි සමාජ හැසිරීමක් අැති බව පසක් කරමි. දේශපාලනිකව කුමන මත දැරෑවද ඔහු ඉතාමත් මනුස්සකම හඳුනන චරිතයකි.
chamath Thursday, 27 December 2018 02:42 PM
මෙතුමා කොහොමත් පොළවේ පය ගහලා ඉන්න කෙනෙක්...
Ravi Thursday, 27 December 2018 02:48 PM
අනාගතයේදී මෙතුමා පාපැදියෙන් යාවි...
Nalinda Thursday, 27 December 2018 03:01 PM
කොහොමත් නිහතමාන මිනිසෙක්. සමහර දවස්වල මම දැකල තියෙනවා ඇල්ටො කාර් ඒකෙත් යනවා. කෝටි ගානට වාහන හොයන ඇමැතිවරුන්ට හොඳ ආදර්ශයක්...
jay Thursday, 27 December 2018 03:08 PM
ඉතින් මොකක්ද ඕකෙ තියෙන පුදුමෙ? වාසුදේව කියන්නෙත් ලංකාවේ මේ අපි වගේ මනුස්සයෙක්නේ. ත්‍රීවීල් එකක ගියා කියලා මොනවත් අඩුවක් වෙන්නේ නෑනේ. ඔන්න ඔහොම හිතන වහල් මානසිකත්වය හින්දා තමයි මේ රටට කෙලවිලා තියෙන්නේ...
Amila Thursday, 27 December 2018 03:19 PM
ඉතින් බලන්න නිකන් අපරාදේනේ අර ලක්ෂ 250 වාහන දෙන්නේ. ඒවයේ තෙල් කරන්නේත් නෑ. ලොකු ඉන්ධන වියදමකුත් මහජනයාට දරන්න වෙලා තියෙනවා. මේ වගේ ඉන්ධන වැඩිය යන්නේ නැති ත්‍රීවීලර් එකක් විතරක් සෑම මන්ත්‍රී කෙනෙකුටම දුන්නා නම් ඇතිනේ. වාසු සීයාගෙන්ම පටන් ගමු.
Nandalal DE SILVA - France Thursday, 27 December 2018 04:03 PM
අනේ මන්දා! "ආරක්‍ෂක නිලධාරියා" ගේ පින්තුරය දැක්කම දුක හිතෙනවා. එය වාසුගේ මොනවා ආරක්ෂා කරන්නද පඩි ගෙවා පත්කර ගත්තේ?
channa Thursday, 27 December 2018 04:19 PM
මෙන්න අවංක මිනිස්සු.. තමන්ගේ කෝටි ගණනක් වටින වාහනය පාවිච්චි නොකර ත්‍රි රෝද රියෙන් ගෙදර යන මහජන සේවකයෝ...
wimal Thursday, 27 December 2018 04:51 PM
පින්සිදු වෙන්නේ අනේ බාල ළමුන්නේ... වාසුට ගියකළ...
iinduma Thursday, 27 December 2018 05:17 PM
හොඳ මනුස්සයෙක්...
Mahee Thursday, 27 December 2018 06:49 PM
ඉතින් අපි දැන් මේකට හුරේ දාන්න ඕනෑද? එක අතකට කමකුත් නෑ, පව්නේ. හැබැයි මෙයාගේ පක්ෂයේ ඉන්න ඔක්කොම සාමාජිකයොත් ඔය ත්‍රී වීලර් එකේම දාගන්න ඉඩ තිබුණා කියලයි මං හිතන්නේ...
nuwan sameera Thursday, 27 December 2018 10:08 PM
පොළවේ පය ගහගෙන ඉන්න මිනිසෙක්...
Indhika Thursday, 27 December 2018 11:51 PM
නිල රථය හයර් එකකට දීලා වෙන්න ඇති...
chanak los angeles Friday, 28 December 2018 12:10 AM
පාරේ බඩගාගෙන ගියත්, මොවුන්ගේ තිබෙන අශිෂ්ටත්වය ජනයා කෙරෙන් පහව යන්නේ නැහැ..
vidya Friday, 28 December 2018 12:47 AM
බිත්තියේ ලියලා තියන ගීතය මෙයාටම ගැලපෙන එකක්. මේ වගේ රට කාබාසිනියා කරලා අහිංසක දරුවන්ගේ ජීවනෝපාය සහ ගෙදර දොරවල් හිඟමනයට පත්කර විනාශ කරනවා. සත පහක වැඩක් නැහැ.
සීදේවි වාසනා Friday, 28 December 2018 01:11 AM
ෂුවර් එකටම රණ්ඩුවක් අල්ලලා කලින් පිටවෙන්න ඇති. මොකද මෙයා තරහ මල්ල, කුණුහරප කැප්ටන්නේ...
ජෝයි රනධිර Friday, 28 December 2018 01:13 AM
වාසු වගේ වෙන කෙනෙක් වෙන්න බැරිද? මොකද මේ අය කවදාවත් 3 වීල් වල යයි කියලා හිතන්න අමාරුයි, සැප කාර් මිසක...
මුනසිංහ Friday, 28 December 2018 01:41 AM
මීට කලකට පෙර බොහෝ මැතිඇමතිවරුන් පාර්ලිමේන්තු ගියේත් සාමාන්‍ය බස්රථවල හෝ කෝච්චියේ. ගාල්ලේ හිටපු රිචඩ් පතිරණ ඇමතිවරයා කෝච්චියේ කොළඹ යනවා මම කීපවතාවක් දැක තියෙනවා...
ajith Friday, 28 December 2018 01:53 AM
මේ මහත්තයා කාට බය වෙන්නද? උතුරේ මහා ඇමති මස්සිනා ඉන්නවනේ..
Sanka Friday, 28 December 2018 02:12 AM
මෙයාගේ පක්ෂය කොහොමත් 3 වීල් පක්ෂයක්නේ. මොන ජරා වැඩේ කළත් ලොක්කට කඩේ යන එකනේ කරන්නේ. අනික ඉස්සරනම් සමාජවාදය ගැන කතාකලේ.... දැන්නම් සමාජවාදයට පයින් ගහලා දේශපාලනයෙන් බංකොලොත් වෙලා ඉන්නේ....
Saman Friday, 28 December 2018 03:01 AM
මාර්කටින්ග්...
පෙරුමාල් Friday, 28 December 2018 03:30 AM
පින් සිදුවන්නේ... අනේ බාල ළමුන්නේ බොරු කරලා රටම කඩා බිම නොදමන්නේ !!!
H.T.P.PERERA Friday, 28 December 2018 03:35 AM
අනේ වාසනාවන්, මෙවන් දෙයක් දකින්නට ලැබීම...
මල්ලී Friday, 28 December 2018 03:44 AM
දැන් දුප්පත් වෙලා වගේ. ඉස්සරහට බස් එකේ, කෝච්චියේ යන්ඩත් බැරි නෑ.
DILUM Friday, 28 December 2018 04:02 AM
වාසුදේව මහත්තය සැබෑ සමාජවාදියෙක් කියල දන්නවා. එ්ත් හැමදාමත් නිල වාහන භාවිතාව අඩු කරන්න පුලුවන් නම් එ්ක හොඳ ආදර්ශයක් වේවි අනිත් අයට...
ase Friday, 28 December 2018 04:10 AM
මහත්තයෝ පිටිපස්ස බලන්න ඔබලාට ගැලපෙන කවියක් බිත්තියේ !!! එහි "මගේ කුඩා නිවාස" වෙනුවට " මගේ කුඩා රට " හරියටම ගැලපෙනවා නේද ?
don prema Friday, 28 December 2018 04:22 AM
හිත හොඳ මිනිසා ..ජනාධිපති කමට සුදුසු නායකයෙකි...මම ඔබ තුමාට දීර්ඝ අසුෂ පතමි ....
Sisira Friday, 28 December 2018 07:50 AM
ඕවා පුදුම වෙන්න දෙයක් නෙමෙයි. යුරෝපයේ අය යන්නේ බයිසිකලයේ...
වජිර Friday, 28 December 2018 08:56 AM
මෙය අරුමයක් නොවේ. 1988 දී ජවිපෙ විසින් මරණ තර්ජන එල්ල කරන ලද සමයෙහිද, මරදාන මහජන පක්ෂ කාර්යාලයට වාසු ත්‍රී වීලරයක පැමිණි අයුරු දැක ඉන් දින දෙක තුනකට පසු ජවිපෙ අතින් ඝාතනය වූ දේව බණ්ඩාර සේනාරත්න මවිතයෙන් හා අවිවාදාත්මකව අදහස් දැක් වූ අයුරු ඔහු අසළම සිටි මා හට හොඳින් මතක තිබේ...
ravi Friday, 28 December 2018 12:33 PM
මේ ආරක්ෂක නිලධාරිය දැකපු ගමන්... මට ඒ මනුස්සයා ගැන හුඟක් දුකහිතුණා..
prasanna Saturday, 29 December 2018 12:31 PM
නිකන් බොරු ශෝ. මින්සුන්ට පේන්න රඟදක්වනවා...
pohottuwa Monday, 31 December 2018 08:15 AM
වාහනය ටිකක් එහායින් නවත්වල ෂෝ එකක් දාන් ඇවිත්. අපේ මෝඩයෝ සෙට් එක හිතනවා මෙන්න මිනිස්සු කියලා. රටට කිසිම වැඩක් නොකරපු කෙනෙක්...