IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මධුෂ්ගේ පුංචි අම්මා ගොනු කළ පෙත්සම විසිවෙයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පණ නීතියක් නොමැති හෙයින් මාකඳුරේ මධුෂ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විශේෂ කාර්ය බලකාය සහ රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ පුංචි අම්මා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කළේය.

මෙම පෙත්සම ප‍්‍රතික්ෂේප කිරීමට නියෝග කරනු ලැබුවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඥාතියෙකුට ඉදිරිපත් කළ නොහැකි බවට සඳහන් කරමින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිගනිමිනි.

මෙම පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන , ප‍්‍රසන්න ජයවර්ධන සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

සූරියවැව හත්පෝරුව පදිංචි අබේසේකර විජේසේකර ශ‍්‍රියානි මහත්මිය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්ලතීෆ් මහතා ඇතුළු පස් දෙනෙකු නම් කර ඇත.

 

ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කාරිය සමරසිංහ ආරච්චිගේ මධුෂ් හෙවත් මාකඳුරේ මධුෂ් නැමැත්තාගේ පුංචි අම්මාය.මධුෂ් නැමැත්තා 1979 වසරේ මෙලොව එලිය දුටු අතර ඔහුට වසර 10ක් ගතවෙද්දී  1989 වසරේ යුද හමුදාව විසින්  ඔහුගේ මව වෙඩි තබා ඝාතනය කෙරිණි.

මෙම ඝාතනය පසුපස ප‍්‍රාදේශීය දේශපාලනඥයෙකු වන ඩැනී හිත්තැටියගේ පවුලේ අය සිටින බව මධුෂ්ගේ පවුලේ අය තදින්ම විශ්වාස කර සිටී.මධුෂ් රෝහල් උපස්ථායකයෙකු ලෙස සිය ජීවිකාව ඇරඹීය.පසුව හෙදියක් සමඟ විවාහ විය.හෙතෙම එක් දරු පියෙකුද වේ.

ප‍්‍රාදේශීය දේශපාලනඥයින් ගේ ජීවිත තර්ජන හමුවේ හෙතෙම තම උපන් නගරයෙන් පලා ගියේය.

පසුව මධුෂ් විවිධ චෝදනා යටතේ රිමාන්ඞ් භාරයට පත්විය.රිමාන්ඞ් බාරයේ සිටියදීද ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල විය.මෙම තත්ත්වය හමුවේ ඔහු තම ජීවිත ආරක්ෂාව පතා සිය පුත‍්‍රයා සමඟ විදෙස්ගත විය.

හෙතෙම ඉකුත්දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී අත්අඩංගුවට පත්විය.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පණය නීතියක් නොමැති අතර එබැවින් වගඋත්තරකරුවන් විසින් මධුෂ් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී වේ.මේ තත්ත්වය තුළ ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවේ.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසද , මධුෂ් නැමැත්තා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.

 



අදහස් (13)

මධුෂ්ගේ පුංචි අම්මා ගොනු කළ පෙත්සම විසිවෙයි

krishantha Wednesday, 27 March 2019 12:53 PM

යකඩෝ මේකේ කියන විදිහට වැරදිකාරයා ලතීෆ් තමා. හොඳට කියවල බලන්න. මදුෂ් කවදාවත් කාටවත් වැරැද්දක් කරලා නැහැ. පුංචි අම්මා පල්ලා...

:       0       145

Angoda lokka Wednesday, 27 March 2019 01:09 PM

මොන කළු කෝට් කාරයද මේ පෙත්සම ගොනුකළේ? කුඩු සල්ලි හොඳ ගාණක් කපාගන්න ඇති...

:       13       122

MaheeWednesday, 27 March 2019 04:48 PM

එහෙම තමයි කට්ටියගේ හැටි. දැක්කනේ සමාජවාදයේ පප්පලත් ඩුබායි බලා පියාසර කල වේගය...

:       0       119

naliWednesday, 27 March 2019 07:00 PM

ඔවු ලොක්කා මහත්තයා, කළු කෝට් කාරයෝ ගම කා , රට කා , ජාතියම කා දැන් ජාත්‍යන්තරයද කනවා කුඩු සල්ලි ජරාව කමින් . කළු කෝට් කාරයෙක් හෝ දෙතුන්දෙනෙක්වත් මේක පිට්පස්සෙන් මේ කුඩු සල්ලි ජරාව කාල නැත්නම් ඔය ගමේ කාන්තාවකට පුලුවන්ද රිට් පෙත්සම් ඉදිරිපත් කරන්න ?

:       0       1

chathuri Wednesday, 27 March 2019 01:34 PM

අපේ අම්මා නැති වෙනකොට බාල මල්ලිට මාස 6යි පවුලේ... 8 දෙනයි. අපිව කොහොම හරි පියා සමග එකතුවෙලා. ආච්චි හැදුවා, එකෙක්වත් මේවගේ කතා විදියට හැදුනේ නැහැ. දැනටත් කාටවත් කරදරයක් නොවී ජීවත් වෙනවා. මේ ආදරණිය පුංචි අම්මා මදුෂ් පොඩිකාලේ එයාට අම්මගේ අඩුව නොදැනෙන්න. වැඩ කෙරුවා නම් අද මදුෂ් අපි වගේ, දැන් මදුෂ්ට, සල්ලිවලට අම්මලා ගන්න පුළුවන්. මේ වගේ අය ගැහැණුකමටත් ලැජ්ජයි. පොඩි කාලේ මේවගේ ආදරේ කෙරුවේ නැහැ... දෙපළවත් තිබුනේ නැහැනේ... මේ පුංචිඅම්මට බරපතල වැඩ සමග දඬුවම් දීලා හිරගෙදරට අරින්න.. මිනීමරුවෙක්, විෂ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නෙක් වෙනුවෙන් පෙනීසිටිමින් අධිකරණ නොමග හරින්න ගත් උත්සාහයට මේවා පෙනි පෙනීත් අධිකරණය සැලකිල්ලක් නැත්තේ ඇයි?

:       0       249

Yasantha Wednesday, 27 March 2019 01:49 PM

ඔය ගෑනු මනුස්සයට පිස්සුද කියලා බැලුවොත් හොඳයි. මෙච්චර රටට හානියක් කරපු එකෙක්ව තමන්ගේ නෑදෑයෙක් කියලා සුද්ද කරන්න යන්නේ. එතකොට ඔය මිනිහා නිසා රටේ අනිත් අයට වුණු විනාසෙට වගකියන්නේ කවුද? ඔය වගේ අය හින්දා තමයි රටට හෙන ගැහිලා තියෙන්නේ...

:       57       590

Sapumal. Wednesday, 27 March 2019 01:55 PM

ලංකා අධිකරණය නොබියව හා සාධාරණව ගත් තවත් ශ්‍රේෂ්ඨ පියවරක්... පාතාල කුඩු රජාගේ පුංචි අම්මා ඇතුළු සියලු පාතාලයන්ද, කුඩ්ඩන්ද, ඔවුන්ගේ සල්ලි මිටි වලට ගැතිවූ ඇතැම් පෙරකදෝරුවන්ද ලැබූ අන්ත පරාජයකි. සාමකාමී රටවැසියා ලැබූ ජයකි.

:       49       460

purawasiya Wednesday, 27 March 2019 04:58 PM

ගෝඨාභයට වෙන නීතියක්.. කවුරු වුනත් මදූෂ්ට වෙන නීතියක් දේශපාලකයන් සහ නඩුකාරවරුන් දීලා..

:       1105       1100

Mahee Wednesday, 27 March 2019 05:09 PM

ජීවිතේට උසාවියකට නොගිය පුංචි අම්මාව උසාවි යැව්වේ කොයි උසස් නිලධාරියාද? කොයි දේශපාලුවාද කියලා අපට නොකිව්වට කමක් නෑ. කියන්න ගියොත් ලැයිස්තුව දිග වැඩිවෙයි නොවැ...

:       64       84

ravi Wednesday, 27 March 2019 06:02 PM

ඇත්තටම මේවගේ අයට අපේ රටේ දඬුවම් නැද්ද ..?

:       0       9

Sarasi Wednesday, 27 March 2019 06:35 PM

තමන්ට ජීවිතයේ දුක් කරදර පැමිණියා කියලා හැමෝම සමාජ විරෝධී නීති විරෝධී වැඩ කරන්න පටන් ගත්තොත් හරිද ? මගේ මිතුරියකගේ පියා බේබද්දෙකුව අකාලයේ නැති වෙලා සහෝදරයා කුඩු කාරයෙකු වෙලා තවම කරදර. ඒ කුඩු කාර සහෝදරයා මගේ මිතුරියගේ රැකියාවන් දුක් විඳලා හම්බු කල සල්ලි පමණක් නොවේ විවාහයට ලැස්ති කරගත් රත්රන් බඩු පවා සොරකම් කළා. ඇයට ලැබෙන විවාහ යෝජනා සහෝදරයාගේ ක්‍රියා කලාපය ආරංචි වී අසාර්ථක වුනා. එත් ඒ මිතුරිය අදත් සමාජයට වෛර නොකර හොඳින් ජීවත් වෙනවා. දැන් මදුෂ්ගේ පුංචි අම්මා කියන්නේ මදුෂ් ගේ කුඩු ජාවාරම් එයාගේ මුලික අයිතිවාසිකමක් කියලාද ?

:       0       105

Ashan Thursday, 28 March 2019 01:19 AM

මේකෙ සමහරු මේ නඩුවට බැනල තිබුනට ගෝඨාභය මහත්තයත් දැම්මෙ මේ නඩුවම බව කට්ටියට අමතක වෙලා. බැරිවෙලාවත් මදුශ්ගෙ වාසගම රාජපක්ෂ වුනානම් ඔය නඩුව නිකම්ම දිනනවා.

:       33       280

රන්ජන් රාමනායකට වාසිදායක Thursday, 28 March 2019 03:30 AM

" මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඥාතියෙකුට ඉදිරිපත් කළ නොහැකි බවට සඳහන් කරමින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිගනිමිනි" ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කළේය. කුඩු නිසා උපරිම දඩුවම් දිය යුතුය. නමුත් ගෝඨාභය තමන්ම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ නිසා එය ශ්‍රේෂ්ඨාධිකරණය පිලි ගනී. නීතියේ සදර්ණත්වය ගැන සිතන්න. නීති වර්ග 2කි. ගෝඨාභය අනාගත ජනාදිපති වන නිසා ඔහුට දැන්මම හැමෝම බයවී ඇත.

:       12       10

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1953 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


පුපුරන ද්‍රව්‍ය සමග දෙකක් දඹුල්ලෙන් අල්ලයි
2024 සැප්තැම්බර් මස 07 1751 2

යම් අපරාධයක් කිරීමට පුපුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.


සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 06 7038 2

අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතතා ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අනුරාධපුර හ


වතු බංගලාවේ බලෙන් සිටි රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් දොට්ට
2024 සැප්තැම්බර් මස 05 6082 4

අධ්‍යාපන රාඡ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි බව කියන හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුය


රාජ්‍ය අමාත්‍යවරු හතරක් ඉවතට
2024 සැප්තැම්බර් මස 05 5466 4

රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනකු ජනාධිපතිවරයා විසින් ධුර වලින් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.


ගෑස්-තෙල් බොරු පෝලිම් හදන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 05 4171 4

මහනුවර කටුගස්තොට පාරේ ඉන්ධන පිරවුම් හලක ව්‍යාජ ලෙස තෙල් සහ ගෑස් පෝලිමක් ඇතිකොට එය වීඩියෝ ගත කිරීමට තැත් කිරීමේදී මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහ පොලිස


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site