IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රීවරුන්ගේ මුද්දර පහසුකම තවම තිබේදැයි තැපෑලට ප්‍රශ්නයක්

(විනීතා එම් ගමගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නොමිලේ සැපයෙන තැපැල් මුද්දර භාවිතය තැපැල් දෙපාර්තමේන්තුවට ප‍්‍රශ්නයක් වී ඇතැයි එම දෙපාර්මේන්තු ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ එම මුද්දර අහෝසි වන නමුත් තවමත් පාර්ලිමේන්තුව පැවැත්වෙන බැවින් සමහර මන්ත්‍රීවරු එම මුද්දර භාවිතා කරන අතර එම මුද්දර ඇලවූ ලිපි භාරගන්නවාද නැද්ද යන්න පිළිබඳ තැපැල් ස්ථානාධිපතිවරු දෙගිඩියාවෙන් පසුවන බවත් සමහර තැපැල් කාර්යාලවල එම ලිපි භාර ගන්නා අතර තවත් සමහරු භාර නොගැනීම නිසා ගැටලුකාරි තත්ත්වයන් ඇති වන බවත් පැවසේ.

මේ සම්බන්ධව ඉහළ නිලධාරින්ගෙන් උපදෙස් පැතූ අවස්ථාවල ඔවුන්ට ද පිලිතුරක් නැතැයි තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ මෙවැනි තත්ත්වයකට මීට පෙර දෙපාර්තමේන්තුව මුහුණ දී නැති බැවින් ප‍්‍රශ්නකාරි වී ඇති බවය.

කෙසේ වෙතත් නීතිය වන්නේ රජයක් විසුරුවා හරින ලද ගැසට් පත‍්‍රය නිකුත් වීමත් සමඟ මන්ත්‍රීවරුන්ට නොමිලේ ලබා දෙන තැපැල් පහසුකම් අහෝසි වීම වන බැවින් එම මුද්දර අවලංගු වන බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.

මේ පිළිබඳව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්  නීල් ඉද්දවෙල මහතා ගෙන් කළ විමසීමක දී ඒ මහතා ප‍්‍රකාශ කළේ මන්ත්‍රී ධුරයන් තවමත් පවතින බවය. කෙසේ වෙතත් මුද්දර පහසුකම දෙනවාද  නැද්ද යන්න තීරණය කළ යුත්තේ තැපැල් දෙපාර්තමේන්තුව යැයි ද හෙතෙම කියා සිටියේය.



අදහස් (1)

මන්ත්‍රීවරුන්ගේ මුද්දර පහසුකම තවම තිබේදැයි තැපෑලට ප්‍රශ්නයක්

sirimal Friday, 30 November 2018 02:00 PM

අනේ අනිච්චං...!! මේ මන්ත්‍රීවරුන්ගේ රෙදි ගැලවිලා තියෙන අව්අස්සේ මුද්දර ගැනත් හොයනවා.

:       0       157

ඔබේ අදහස් එවන්න

 

දියත

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 7 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 110 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 587 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 689 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 911 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 205 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 193 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 453 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site